• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කන්ගුවා සූදානමින්! ඔබ අවධානයෙන්ද? Sri Lanka Latest News

November 6, 2024
in Heart
Reading Time: 3 mins read
A A
කන්ගුවා සූදානමින්! ඔබ අවධානයෙන්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඒ, ඉන්දියාවේ මංමාවත් පුරා මේ දවස්වල මහා විශාලෙට ඉදිව තිබෙන කටවුට් එකක සටහන්ව තිබෙන ස්ලෝගන් එකකි.
‘කවුද මේ කන්ගුවා? දේශපාලන විප්ලවකාරයෙක්ද?’ (Sri Lanka Latest News)

නැහැ. එය දැවැන්ත සිනමා නිර්මාණයකි. කොලිවුඩයත් බොලිවුඩයත් එකට යාකළ සියලු රසින් පිරුණු දමිළ සිනමා පටයකි. එය බෙහෙවින් සටන්කාමීය. විටෙක සරාගීය. තවත් විටෙක ප්‍රේමයෙන් මත්වූවක්ය. හාස්‍යයද අඩුවක් නැත. කෙටියෙන් කියන්නේ නම් කන්ගුවා වහා ගිනි ඇවිළෙනසුලු ආශ්වාදනීය වශීකරණයකි.

බොලිවුඩයත් කොලිවුඩයත් මැදිකරගත් රසවත්ම මසාලාවක්ද වූ ‘කන්ගුවා’ සිනමා පටයට කොලිවුඩයෙන් තිබුණු කාන්තිමත් ඇස් තියෙන සූර්යා ප්‍රධාන චරිත අතර එකකි. බොලිවුඩයේ සරාගීම නිළි කෙල්ලන් අතර එකියක වූ දිශා පටානි ‘කන්ගුවා’හි ප්‍රධාන ස්ත්‍රී චරිතයට මැදිව ඇත. සනී ඩියෝල්ගේ පුත් මනා කඩවසම් දේහධාරී රූපකායක් හිමි බොබී ඩියෝල් දුෂ්ටයාගේ චරිතයට පණ පොවයි.

නොවැම්බර් මුල් සති දෙක පුරා ‘කන්ගුවා’හි රඟන සුපිරි තරු මංමාවත් පුරා කන්ගුවා වෙනුවෙන් වීදි සංචාරයේ යෙදෙන්නට කතිකා කරගෙන ඇත්තේ එහි නිෂ්පාදන මෙහෙවර වෙනුවෙන් උරදෙන ‘ග්‍රීන් සහ යුවී’ ක්‍රියේෂන් සමාගමේ අනුග්‍රහය මත මෙන්ම එහි නිර්මාණකරු ‘සිව’ගේ ආරාධනය මතය.
‘දිශා පටානිත් එනවද? එයා ටිකක් ලොකු සීන් නොවැ…’

පුල පුලා බලා ඉන්න රසික රසිකාවියෝ එකී ආරංචිය සෝෂල් මීඩියාවල වයිරල් වෙනකොට එහෙම අහල තිබුණලු.

අනිවාර්යයෙන්ම දිශා එනවා. කන්ගුවා ප්‍රචාරයට ඈ හරිම උනන්දුයි. ඒකට හේතුව කෝටි ප්‍රකෝටි ගණන් වැය කළ මේ සිනමා නිර්මාණය ඇයට මහා ආඩම්බරයක්ලු. ඒ ආඩම්බරයටත් හේතුවක් තියෙනවා. ඒ ඕපාදූපය ගියේ මෙහෙමයි. ‘කන්ගුවා ටේ්‍රලරයත් එක්ක දිශා රඟන Yolo සින්දුව ප්‍රචාරය වුණා. ඒ සින්දුව නිසාම මිලියන ගණන් පිරිස කන්ගුවා ටේ්‍රලරය ආයෙ ආයෙ බලන්න ගත්තලු. හැබැයි දිශා පටානි නම් Yolo සින්දුව ගැන ටිකක් අමනාපෙන් ඉන්නවා. ඒ තවත් හේතු පාඨයක් සහිත කතාවක්.

ඒ හේතු පාඨය මොකක්ද?
Yolo සින්දුවේ සමහර සීන් රැඟුම් පාලක මණ්ඩලයේ කතුරට කැපිලා ගියාලු. මොකද කියනවා නම් සූර්යා සමග දිශා රංගනයෙන් දායක වන ඒ දර්ශන පමණට වැඩිය සරාගී බවින් අනූනයිලු. කොහොමත් ‘කන්ගුවා’ දිශාගේ සිනමා ජීවිතයේ ලොකු පෙරළියක් වන බව විචාරකයෝ කියනවා. දකුණු ඉන්දියාවේ ලස්සන නිළි කෙල්ලන් ඉන්න එකේ මේ අති දැවැන්ත නිෂ්පාදනයට දිශා පටානිව ගත්තේ ඇයි කියලා දන්නවද? අධ්‍යක්ෂ ‘සිවා’ ඒ ප්‍රශ්නය අහන අයට මෙහෙම කිව්වලු.

‘සූර්යාගේ තියුණු ඇස් දෙකට හරියන ගින්දර ඇස් තියෙන කෙල්ලක්වයි මම කන්ගුවාට හෙව්වේ. ඒ හොයන අතර මට මුලින්ම ඔළුවට ආවේ දිශා පටිනිගේ සරාගී ඇස්දෙක තමයි…’

‘සිව’ කී කතාව ඇත්තය. ‘කන්ගුවා’ තිරගත වීමටත් පළමුව රසික රසිකාවන්ගේ හිත්වලට ආශ්වාදයේ ගින්න අවුළුවා ඇත. ඒ ගින්නෙහි සුවිශේෂ පංගුකාරිය සරාගී දිශාය. කන්ගුවා නිසා දිශා වගේම සූර්යාද ගිවිසුම් අස්සන් කිරීමට නියමිතව තිබූ නිර්මාණ කිහිපයක් රිජෙක්ට් කොට තිබිණි.

‘කන්ගුවා’ හින්දි, දමිළ, මලයාලම්, තෙළිඟු, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි ඇතුළු භාෂා 10කින් මෙහෙයවා ඇත. වැයවූ මුදල් සම්භාරය ගැන ගණන් බැලීමටද ‘ග්‍රීන් සහ යුවී’ ක්‍රියේෂන් සමාගම වෙහෙස වන්නේ නැති තරම්ය.

නිසැකවම ‘කන්ගුවා’ ඉන්දීය සිනමාව මනමෝහනීය ගින්නකින් විකසිත කරනු ඇත.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල්ට වැඩ කරපු හිටපු මහඇමැති මහීපාලගේ නෝනා මෙන්න වැවකින් කෑල්ලක් අල්ලගෙන මාට්ටු! Sri Lanka Latest News

Next Post

කිව්වේ නම් ආපු ගමන් ලයිට් බිල අඩු කරනවා කියලා! දැන් කියනවා ලයිට් බිල අඩු කරන්න අවුරුද්දක් ඕන කියලා! Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අද වන විට බලතල ත්‍රිත්වයක් මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරන්නටත් අධිකරණ...

Read more
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.