• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අනුෂා දමයන්තිගේ ගණිකා මඩම ඇත්තක්ද…

August 3, 2021
in Heart
Reading Time: 3 mins read
A A
අනුෂා දමයන්තිගේ ගණිකා මඩම ඇත්තක්ද…
Share on WhatsAppShare on Facebook

සද්ද නැතුව හිටියොත් තව ඒවා කරයි…
මගේ හඬ අහගෙන ඉන්න බැරි ගොඩක් ඉන්නවා…
මේක මගේ නම පාවිච්චි කරලා සරත් වීරසේකර ඇමැතිතුමාට ගහපු මඩක්…
මේ කරපු දෙයින් මාව අවුස්සගත්තා…

දවසින් දවස රටේ කාන්තාවට සිදුවන හිංසනය, ළමා අපචාර විවිධ මාධ්‍ය හරහා අපට අසන්නට ලැබෙනවා. හැබැයි හැමදාම කාන්තාවන් වෙනුවෙන් හඬක් නැඟූ ඔවුන්ට ශක්තියක් වීමට උත්සාහයක් වුණු ජනප්‍රිය රංගන ශිල්පිනී අනුෂා දමයන්තිටත් පසුගියදා එක්තරා කතාවක් පැතිර ගොස් තිබුණා. ඉතින් හැමදාමත් ඔබ වෙනුවෙන් හඬක් නැඟූ ඇයට සිදුවුණු මේ අසාධාරණය ගැන දැනගැනීමට අපි ඇයට කතා කළා.

අනුෂාගේ මේ දවස්වල වෙලාව හොඳ නැහැ වගෙයි නේද?
ඔව් නේ… නින්දා, අපහාස තමයි ඉතින්.

ඇත්තටම අනුෂා ඔබ මේ පවත්වාගෙන ගියා කියලා පැතිර යන ගණිකා නිවාසේ කටකතාව මොකක්ද?
ඇත්තටම අහස, පොළොව නුහුලන කවදාවත් හිතුවේ නැති කටකතාවක් තමයි මේ මට විරුද්ධව පැතුරුණේ. මට මේ පැතුරුණු කතාව ගැන හිතාගන්න බැහැ. මගේ සහෝදර හිතවතියක් තමයි මට පැවැසුවේ මට විරුද්ධව බරපතළ කතාවක් පැතිරගෙන යන බවත් වලාන දූෂණ මර්දන ඒකකයෙන් මාලබේ මගේ නිවෙසත් වැටලුවා කියලා. ඒ නිවෙසේ දේශීය, විදේශීය කාන්තාවන් තියාගෙන මම ගණිකා ව්‍යාපාරයක් කරගෙන යනවා කියලා බැනවැදිලා. පස්සේ මම මේ පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාට දුරකතනයෙන් කතා කරලා කිව්වා. ඒ නිසා මට සහ සරත් වීරසේකර මැතිතුමාට විරුද්ධව කතාවක් පැතිරිලා තිබුණා.

ඔබ අමාත්‍ය සරත් වීරසේකර මහතාව දැනුවත් කළාද මේ මඩ ප්‍රහාරය දැනගත් පසු?
ඔව්… එතුමාට මම මෙය දැනගත් පසුව කතා කළා. ඒ වන විටත් එතුමා මෙය ගැන දැනගෙන පැමිණිල්ලක් දාලා තියෙනවා. මටත් මේ අපහාසය වෙනුවෙන් පැමිණිල්ලක් දාන්න කියලා එතුමා පැවැසුවා. ඒ වගේම අමාත්‍යවරයෙක් වශයෙන් මම මේ වෙනුවෙන් කටයුතු කරනවා නිහඬව ඉන්නේ නැහැ කියලා කිව්වා.

ඇයි ඔබත් අමාත්‍ය සරත් වීරසේකර මහතාත් මෙවැනි අභූත චෝදනාවකට පටලව ගත්තේ?
මට නිළියක් වශයෙන් මඩ ගහනවා නම් මීට කලින් තමයි මෙවැනි දේවල් සිදුවන්නේ. නමුත් මේ දේ කළේ මගේ නම යොදාගෙන සරත් වීරසේකර මහතාට කරපු අපහාසයක්. මෙයට පෙරත් එතුමාට මෙවැනි අපහාස කිරීම් සිදුකර තිබුණු බව අපිට අහන්නට ලැබුණා. කවදාවත් හොඳට ඉන්න කෙනෙකුට හොඳින් මේ රටේ ජනතාවගේ වගකීම් ඉටුකිරීමට ඉඩ දෙන්නැති තවත් පිරිසක් ඉන්නවා. ඔවුන් බලන්නේ හොඳට සිටින මිනිසුන්ගේ ප්‍රතිරූපයට හානි කිරීමටයි. මෙය දේශපාලන පළිගැනීමක් කියලා තමයි මම කියන්නේ.

ඔබ නිරන්තරයෙන්ම හඬක් නැඟුවේ කාන්තා හිංසනය වෙනුවෙන් නේද?
ඔව්… මම දේශපාලන වේදිකාවේ හඬක් නැඟුවේ මේ අසරණ කාන්තාවට සිදුවන හිංසනය වෙනුවෙන් ඒ හඬ අහගෙන ඉන්න බැරි ගොඩදෙනෙක් හිටියා. ඉතින් එහෙම අහගෙන ඉන්න බැරි පිරිසක් කරපු වැඩක් තමයි මේක. හැබැයි මේ කරපු දෙයින් මාව අවුස්සගත්තා කියලා තමයි කියන්න තියෙන්නේ. මේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් මට කැපවීමට තවත් ජවයක් ඇති වුණා කියලා කියන්න පුළුවන්.

නීතිමය මාර්ගයෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවගේ අරමුණක්ද ඔබට වුණු මේ අසාධාරණය වෙනුවෙන්?
සමස්ත කාන්තාවන් වෙනුවෙන් මම මේ ක්‍රියාමාර්ගය ගත්තේ. ගොඩදෙනෙක් ඇත්ත නැත්ත දන්නේ නැහැ. මගේ නිර්දෝෂී බව ඔප්පු කිරීම වගේම මෙවැනි මිනිසුන්ට දඬුවම් කළයුතුයි. නිහඬව හිටියොත් තමයි තව තව දේවල් කිරීමට ඔවුන් උත්සාහ ගන්නේ. ඒ නිසාම තමයි මේ වෙනුවෙන් මම නීතිමය පියවර පතාගෙන සී.අයි.ඩී. එකට ගියේ.

ඔබ දේශපාලනයට ආවේ නැත්නම් මෙවැනි පළිගැනීම් සිදුවන්නේ නැහැ නේද?
මම දේශපාලනයට සම්බන්ධ වීම නිසා තමයි මෙයට ප්‍රධානම හේතුව. අපහාස බලාගෙන තමයි මම දේශපාලනයට සම්බන්ධ වුණේ. හැබැයි මගේ ඒ තිබුණු විශ්වාසයත් එක්ක කෙළින් කතා කිරීමේ කොන්දක් මට තිබුණා. එය ඉවසා දරාගෙන ඉන්න බැරි අය තමයි මට කොහොම හරි පහරක් දෙන්න උත්සාහ කළේ.

-වසන්ත විතරණගේ

SendShareShare
Previous Post

කිසිම ඇමැති කෙනෙක් නොකළ වැඩක් ජොනී කරයි!

Next Post

රසායනික පොහොර ගෙන්වීමට අවසර දෙන බව ආණ්ඩුවේ මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී කියයි! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.