• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජනප්‍රිය ලේබලය ගහගෙන ඒක පස්සේ යන උන්මාදයක් මට නැහැ…

June 30, 2021
in Heart
Reading Time: 5 mins read
A A
ජනප්‍රිය ලේබලය ගහගෙන ඒක පස්සේ යන උන්මාදයක් මට නැහැ…
Share on WhatsAppShare on Facebook

කූඹියෝ එකේ හිටපු ඩබල් ගේම්කාරයා දැන් කෝ..?
පොර දැන් රඟපාන්නේ නැද්ද?
නළුවකු වීමේ හීනයක් නම් තිබුණේ නැහැ…

තුමිදු දොඩන්තැන්න කියනවාට වඩා ‘කූඹියා’ යැයි කී විට හැමදෙනෙකුම පාහේ ඔහුව හොඳින්ම හඳුනන්නේ. ඇත්තෙන්ම.., තුමිදු ගැන වැඩි විස්තර කියන්නට අවැසි නැති තරමටම ඔහුගේ ප්‍රභාව කවුරුත් වාගේ ඇස්වලින් හරිම යසට රසවිඳ අවසානය. එලෙසම චරිත තෝරා බේරා ගැනීමේදී තුමිදු දොඩන්තැන්න බොහෝ අරපරෙස්සම්ය. නිතර ඔහුගේ රුව පුංචි තිරය මත දිස් නොවන හේතුවද එයම වන්නට ඇත.
එහෙත්..,ප්‍රේක්‍ෂකයන් තුමිදුගේ පෙරළිකාර රඟ සෝබාව නැවැත දැක බලා ගැනීමේ පිපාසය අතහැර නැතුවා සේය.කෝ අර ‘කූඹියෝ’ එකේ හිටපු ‘ඩබල් ගේම්කාරයා..,’ පොර දැන් රඟපාන්නේ නැතිද..?
තුමිදු ගැන එවැනි සිත්කලු කසුකුසු ඕනෑ තරම් අසන්නට ඇත. ඇත්තටම තුමිදු රංගනයෙන් ඈත්වෙලාද?එහෙමත් නැත්නම් යම් කලකිරීමක් මත ඔහු රංගනයට තිත තියලාද..?එකී ප්‍රශ්නවලට, ඕපාදූප සහිත හරසුන් උත්තර සොයනවාට වඩා තුමිදුගෙන්ම සියල්ල අසා දැනගන්නට අපට ඕනෑ විය. ඉතින්..,තුමිදු දොඩන්තැන්න හෙවත් ‘කූඹියෝ’ හී පෙරලිකාර ‘ඩබල් ගේම්කාරයා ජෙහාන්’ දැන් ‘මව්රට – හාට්’ විශේෂාංගය හමුවේය.

🔴 කියන්න තුමිදු අපට මුලින්ම, කොහොමද මේ දවස්වල ජීවිතේ…?
මේ දවස්වල නම් ඉන්නේ ටිකක් විතර කාර්යබහුලවයි. මොකද කියනව නම් මගේ පශ්චාත් උපාධියට මම සූදානම් වෙනවා.

🔴 රංගන කටයුතුවලින් බැහැරව ඉන්නේ ඒ හේතුව නිසාද?
ඒකත් එක්තරා හේතුවක්… අනෙක නිතරම රූපවාහිනී තිරයේ පෙනී සිටින්න ඕනෑය කියන නළුවන් අතරට මම එකතු වන්නේ නැහැ. ප්‍රේක්‍ෂකයා නිතර කතාබහට බඳුන්කර ගන්නා හෝ ඔවුනට අමතක නොවන චරිතයක් මතක හිටින විදියට රඟපාන එක තමයි බොහෝ විට මගේ අභිප්‍රාය වන්නේ.
ඒ වාගේම ජනප්‍රිය ලේබලය ගසා ගැනීමේ හෝ ඒ පසුපස යෑමේ චේතනාවක්ද මා තුළ නැහැ. එය අවශ්‍ය වන්නේ නළුකම වෘත්තීය කරගත් රංගවේදීන්ට පමණයි. අමතක නොකර මා කිව යුතුයි රංගනය වෘත්තීය කරගත් රංගවේදීන් තම නම ජනප්‍රියත්වයෙහි තබා ගැනීමට ගන්නා වෙහෙස වරදක් යැයි කියා මම කියන්නේද නැහැ.

🔴 ප්‍රේක්‍ෂකයනට තවමත් දැකගැනීමට නොහැකි වූ ඔබේ නිර්මාණ කිසිවක් තිබෙනවාද?
ඔව්.., ලක්මාල් ධර්මරත්න නිර්මාණයෙන් දායක වූ උසස් ටෙලිනාට්‍යයකට මම සහභාගි වුණා. එය වෙනස් මඟක් ගත් අපූරු කතා වස්තුවක්… ‘කෝවිඩ්-19’ උවදුරත් සමග එහි රූගත කිරීම් කඩින්කඩ අඩාළ වුණා. සියල්ල සම්පූර්ණ වූ පසු එය ප්‍රේක්‍ෂකයනට දැකගත හැකි වේවි. තවමත් එයට නමක් තබා නැහැ.
එලෙසම ආරාධිත රංගනයෙන් මා හවුල් වූ චිත්‍රපට කිහිපයක්ම පෝලිමේ රැඳී තිබෙනවා. එයද ‘කොවිඩ්-19’ උවදුර නිසා තවමත් තිරගත වූයේ නැහැ.

🔴 ඔබ රංගනයට එක්වන්නේ හොඳ සහ නරක යන තෝරා ගැනීම මත?
ඔව්… මම නිතර තෝරා බේරා ගැනීමට වෙහෙස වෙනවා.

🔴 එයට හේතු වන්නේ ඔබේ කථිකාචාර්ය පදවියෙහි ගරුත්වයද?
එහෙමමය කියා කියන්නට අපහසුයි. තෝරා ගැනීමේ ප්‍රධානම හේතුව වන්නේ මගේ වටිනා කාලයෙන් මම වැය කරන පැය ගණන හරසුන් නිර්මාණයකට තිළිණ කිරීමට මම කැමැති නැහැ. අනෙක් කාරණය, මම ප්‍රේක්‍ෂකයාට දුන් දේ පිළිබඳව වගකීම කියන දේ මා සතුව තිබිය යුතුය යන හැඟීමටද මම ගරු කරනවා. ඒ වාගේම මම රඟපාන චරිතය සමාජයට යම් පණිවුඩයක් එකතු කරන ප්‍රයෝජනවත් මෙහෙවරක්ද විය යුතුයි.

🔴 එම හේතු පාඨ මත ඔබ අතින් ප්‍රතික්‍ෂේප වූ චරිතයන් තිබෙනවද?
ඔව්… මම ඉතාම සුහදව එම නිර්මාණකරුවන් හමුවේ මගේ මනාපයක් නැති බව ප්‍රකාශ කළා.

🔴 යමක් කළ හැකිව තිබූ හොඳ නිර්මාණ ඔබට මගහැරුණු අවස්ථා තිබෙනවද තුමිදු?
සත්තකින්ම ඔව්… ඉතාම උසස් ගණයේ සාර්ථක චරිත නිරූපණයන් මා අතින් ගිලිහී ගිය කනගාටුදායක අවස්ථා තිබෙනවා. එයට හේතු වූයේ මගේ අසීමිත වැඩ කන්දරාවයි.

🔴 එය අපරාධයකැයි ඔබ ඒ ගැන සුසුම් හෙළනවාද?
ගිලිහී ගිය වටිනා අවස්ථාවන් ගැන ශෝකයක් ඉතිරිව තිබෙනවා. නමුත් ඒ ශෝකය යටපත්ව යන විදියේ බොහෝ වටිනා දෑ එම මඟහැරී යෑම තුළ මට ලැබුණා. මම විතරක් නෙවෙයි බොහෝ ප්‍රවීණයත්වයට පත් කලාකරුවනටද එවැනි සංකීර්ණ තැන් තම රංගන ජීවිතයේදී හමුවෙනවා.

🔴 ප්‍රවීණත්වයට පත් ලෙස්ටර් – සුමිත්‍රා සුසංයෝගය ‘වෛෂ්ණාවී’ සඳහා ඔබ සොයා ආවේ ‘කූඹියෝ’ හී ජෙහාන්ව දැකලාද?
නැහැ… ‘වෛෂ්ණාවී’ රූගත කිරීම් සිදුවූයේ 2012දී පමණ. එය තිරගත වීමට බොහෝ කල් ගතවුණා. ‘කූඹියෝ’ හී ජෙහාන් පුංචි තිරයට එන විට ‘වෛෂ්ණාවී’ නිර්මාණය කර අවසානයි. ලෙස්ටර් සහ සුමිත්‍රා යන උසස් ගණයේ ප්‍රවීණයන් මා සොයා ආවේ ‘සංකාරා’ චිත්‍රපටයෙහි මා කළ නිරූපණය නිසයි.

🔴 ඔවුන්ගේ පැමිණීම ඔබට ගෞරවයක් වුණා..?
අනිවාර්යයෙන්ම… ඔවුන් මා සොයා පැමිණීම මට විශාල සතුටක් වාගෙම ගෞරවයක්… අනෙක ‘වෛෂ්ණාවී’ චරිතයට මගේ සිත බොහොම ප්‍රිය කළා… නිතර නොදකින එවැනි කතා වස්තූන් හරිම ආශ්වාදජනකයි.

🔴 තුමිදු ඔබ වඩාත්ම ප්‍රිය වූයේ වේදිකාවට නේදැයි කියා ඇසුවහොත්?
ඔව්… මම වේදිකාවට හරිම ප්‍රියයි. මගේ රංගනයෙහි ආරම්භය සහ ආභාෂයද එයයි. වේදිකාව කියන්නේ ඉතාම හොඳ නිර්මාණකරුවන් බිහිකරන තෝතැන්නක්.

🔴 උසස් ගණයේ ප්‍රවීණයන් බොහොමයක් බිහිවූයේ වේදිකාවෙන් කියන මතය තුළ ඔබත් සිටිනවාද?
නැහැ… එවැනි මතයක් මා තුළ නැහැ. වේදිකාව හොඳ නිර්මාණකරුවන් බිහි කළා. ඒ වාගේම වේදිකාවට පය නොතැබූ අති විශිෂ්ට ගණයේ කලාකරුවන්ද සිනමාව සහ ටෙලි කලාව තුළ ඕනෑ තරම් සිටිනවා.

🔴 ඔබ ගත් විරාමය දිගු වැඩියි.., ප්‍රේක්‍ෂකයන් ඔබව සොයනවා තුමිදු..?
ඔව්… මටත් වුවමනාව තියෙනවා ආලින්දයේ සිනමාවට කරපොවන්න. මාව ප්‍රේක්‍ෂකයනට ඕනෑ නම්, ඒ තරමටම මටද ඔවුන් අතරට යෑම අවශ්‍යයි. උපාධිය නිමවූ වහාම අප හමුවේවි මම හිතන්නේ.

🔴 ඔබ කතාබහට ලක්වූ සාර්ථක නළුවෙක්. ඒ නළුකම ඔබ කවදා හෝ දුටු හීනයක්ද?
අපොයි නැහැ… නළුවකු වීමේ හීනයක් නම් තිබුණේ නැහැ. ඒ වාගෙම ජනප්‍රිය වීමේ උන්මාදයක් මා තුළ වූයේ නැහැ.
– දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගෙදරදි මරණයක් වුණොත් PCR නෑ! විශාල අනතුරකට අතවැනීමක්!! PHI සංගමය කල්තියා පෙන්වා දෙයි!!! (VIDEO)

Next Post

රට හැදීම ගැන ජවිපෙන් ජනාධිපතිට විශේෂ පණිවුඩයක්! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.