• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම ඇඟිල්ල දික් කරන්නෙ හිටපු හැම පාලකයෙක්ටමයි…

August 3, 2021
in Heart
Reading Time: 7 mins read
A A
මම ඇඟිල්ල දික් කරන්නෙ හිටපු හැම පාලකයෙක්ටමයි…
Share on WhatsAppShare on Facebook

මේක තවත් හඬක් විතරක් වෙයි…
මෙච්චර කාලයක් මේ පාලකයෝ කරපු දෙයක් තියෙනවද…
කලාව විතරක් නෙමෙයි මුළු සිස්ටම් එකම පල්ලට වැටිලා…
අපි දවසෙ වැඩකරන කුලීකාරයො වගේ…
බාල විදියට හරිම ලාබෙට අපිව විකිණෙන්නෙ…
ලංකාවේ අපිට කවදාවත් තැනක් ලැබෙන්නෙ නෑ…

‘නාඩගම්කාරයෝ’ ගැන නම් කතා කොට තිබෙන තරම දැන් නම් මදැයි කියා විටෙක සිතෙන තරම්ය… නමුත්… තවත් විටෙක සිතෙන්නේ ‘නාඩගම්කාරයෝ’ ගැන කොතෙක් කතාබහ කළත් මදි නොවේදැයි කියලාය… ඒ හින්දාම මේ කතාබහටද ‘නාඩගම්කාරයෝ’ ටෙලි කතාවෙන්ම ආරම්භය ගන්නට සිතුවෙමු. ‘නාඩගම්කාරයෝ’ ගැන ස්වල්ප වශයෙන් හෝ කතාබහ කරන විට ‘සරා’ව වාගෙම ‘මාලන්ද අමතක කරන්නට බැරිය. ‘සරා’ හෙවත් සජිත අනුත්තර කොතැනක හෝ පත්තර පිටුවක කියා තිබුණේ.., ඔබ ‘සරා’ගේ චරිතය කොයිතරම් අගයන්නේද? ඒ තරමටම මාලන්ගේ චරිතයද අගය කළ යුතු යැයි’ කියාය. ‘කෝකිල පවන්’ කියන්නේ අති දක්‍ෂයෙක්.., සජිත් ඉහත වර්ණනාවට තවත් ඇති පදමට ලුණු-ඇඹුල් දමා රස කළේ එහෙමය. සත්තකින්ම ‘කෝකිල පවන් ජයසූරිය’ ඒ කිවුවා වාගෙම අති දක්‍ෂයෙකි. පසුගිය දවසක ‘දෙරණ’ ටී.වී. ඔස්සේ ‘මා නොවන මම’ විශේෂාංගය හරහා ‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යන පිරුලද බොරු කළේය.., ඒ කියන්නේ කෝකිල පවන් ජයසූරිය අති දක්‍ෂ නළුවෙක් වාගේම අපූර්වතම හඬක් හිමි ගායකයෙකි. ‘අහන්නට වටින කටහඬක්’ යැයි කියා ප්‍රවීණ නිවේදක සංඛ අමර්ජිත් කෝකිලව මුරුංගා අත්තකට ඔසවා තැබුවේද ඒකය. ඉතින්… වර්ණනාව හොඳටම ඇතිය… අපි දැන් කතා කරමු. මේ… මාලන් හෙවත් කෝකිල පවන් ජයසූරිය සමග ගෙවී ගිය සුහද හෝරාවක මිහිරිතම වංහුංය.

ඉතින් පළමුවෙන්ම කියමු බලන්න ඔයාට කතා කරන්න ඕනෑ විදිය ගැන?
ඒ කිව්වේ.., ඔබ දුන් ආරම්භය මට පැහැදිලි මදියි වාගේ.

සුඔබට මාලන් කියන්නද, කෝකිල කියන්නද?
ඔබ කැමැති විදියක්. ඒ ඕනෑම විදියකට මම කැමැතියි. අනෙක ඔබ මෙතැනදී දෙගිඩියාවට පත්වුණා වාගෙම මමත් සමහර වේලාවට දෙගිඩියාවෙන් ඉන්නවා. මම කෝකිලද? එහෙමත් නැත්නම් මාලන්ද කියලා හිතාගන්න බැරිව. ඒ මොකද මඟතොටදී මාව දකින හුඟදෙනෙක් මට අමතන්නෙ මාලන් කියලයි.

එය ඔබට සතුටක්ද කෝකිල?
පැහැදිලිවම එය මට මහා සතුටක්. ඒ වාගෙම තෘප්තියක්. එහි අදහස මාලන්ව පට්ට විදියට මිනිසුන්ට වැදිලා. නළුවකුගේ කාර්යභාරය එයයි. නාට්‍ය පොකුරක රඟපාලා හැමදාම ටී.වී. ස්ක්‍රීන් එකේ හිනාවෙනවට වැඩිය… හිතට වැදෙන එකම එක චරිතයකට ඉඳහිටක හෝ මැදිවීම වටිනවා.

ඔබ කියන්නේ හැම ටෙලියකම රඟපාන එක නෝන්ඩියක් කියලද කෝකිල?
අපොයි නැහැ. ඒ ප්‍රශ්නයට ‘ඔව්’ කියන උත්තරය මට දෙන්න බැහැ. මම මෙතැනදී කිව්වෙ මගේ අදහස විතරයි.

රංගන කලාව තුළ ඔබ වැඩියෙන්ම ඇලුම්කරන චරිතය මාලන්ද?
‘මාලන්’ මගේ කලා ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයයි. ඒ සන්ධිස්ථානය තුළ ‘තල මල පිපිලා’ වේදිකා නාටකයේ ‘හේතු’ සහ ‘සිරි රජසිරි’ චිත්‍රපටයෙහි ‘සිරිමල්ද මාලන් සමග කරට කර සිටිනවා.

ඔබට කදිම ආරම්භයක් දුන්නේ ‘තලමල පිපිලා’ හී ‘හේතු’ගේ චරිතය?
කියන්න වචන නැහැ ආයේ… ‘හේතු’ නිසා මා ලද කලානුරූපී සම්පත් අප්‍රමාණයි. ප්‍රවීණයන් සමග ඇසුර, රට වටා චාරිකා හොඳ රංගන හරඹයන් සහ අමතක කරන්න බැරි ඕඩියන්ස් චියර් එකක් මගේ රංගන ජිවිතයට ලැබුණා. ‘සිරි රජ සිරි’ චිත්‍රපටයෙහි සිරිමල්ද ඒ හා සමානයි. දහවැනි වතාවට චීනයේ පැවැත්වුණු අන්තර් ජාතික ළමා චිත්‍රපට සම්මාන උළෙලෙහි හොඳම ළමා නළුවාට හිමි සම්මානය මට ලැබුණා.

ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රමට පසුව අන්තර්ජාතික සම්මානයක හිමිකම් කී දෙවැන්නා ඔබ?
එහෙමයි තොරතුරු සටහන්ව තිබෙන්නේ. ඇත්තෙන්ම මට දැනෙන ආශ්වාදනීය ආඩම්බරය හරිම නිහතමානීව අත්විඳිනවා.

ඔබ බොහොම නිහඬව, නිහතමානීව වැඩ පෙන්වන සුපිරි වැඩ්ඩෙක්?
කවුරුත් එහෙම කියනවද මං ගැන…

බස් නැවැතුමේ, දුම්රියේ කැන්ටිමේ ඔබ ගැන එහෙම කතා වෙනවලු?
ඒක එහෙම වෙනවා නම් සතුටුයි. කලාකරුවකු ලබන ඉහළම සම්මානය ඒ අගය කිරීම තමයි මම හිතන්නේ.

කෙටි කාලයක් තුළ ඔබ ඔබේ ආර්ට් එක හදාගත්තාය කිව්වොත් ඒක හරිද?
කාලය කෙටිමය කියලා කියන්නත් බැහැ. මම ගමනක් ආරම්භ කළා. සන්සුන්ව ඒ ගමන ආවා. හිතුවට වඩා දේ ලැබුණා. නොසිතූ දේවල් කළා. ආපිට හැරී බලන විට සතුටක් දැනෙන තරමට ආව දුර සාර්ථකයි. ඒ වාගෙම යන්න තියෙන දුරද බොහෝමයි.

ඒ සාර්ථක ගමනට ආරම්භක පියවර වූයේ ‘සිරි රජ සිරි’ චිත්‍රපටයද?
එයද ඒ සඳහා හොඳ අඩිතාලමක්. ඒ වගේම බොහෝ ප්‍රවීණයන්ගේ ආභාෂය සහ අත්වැල මට ලැබුණා. සුවිශේෂීවම සඳහන් කරනවා නම් ‘තල මල පිපිලා’ නාටකය ඔස්සේ වේදිකාවෙන් මා ලද ගැම්ම අති විශාලයි. සරල බසින් කියනවා නම් ආර්ට් එක හදා ගන්නට අවශ්‍ය කොඳු නාරටිය මට ලැබුණේ වේදිකාවෙන්.

මෑතකදී ඔබ රූපවාහිනී සේවාවක් හරහා ටිකක් දරුණුවට කතා කළා?
කතාව දරුණුද සෞම්‍යද කියන්නට දන්නේ නැහැ. හැබැයි මම වැරැදි යමක් කතා නොකළ වග විශ්වාසයි. මම කතා කළේ පොදු කාරණයක් ගැන. බොහෝ දෙනෙකු විසින් කතා කළ යුතු දෙයක් ගැන. ලංකාවේ ආට් එක පල්ලමට වැටිලා. කලාකරුවන්ගේ වටිනාකම බාල සහ හරිම ලාබ විදියට අලෙවි වෙනවා. අපි හිතාගෙන හිටියට අපේ හැකියාවට හොඳ මිලක් දෙන්න යම් කර්මාන්තයක් තියෙනවාය කියලා ඇත්තෙන්ම අපට කර්මාන්තයක් නැහැ. ටෙලි. සිනමා, වේදිකා යන සියලුම කලාවන් අද කඩාවැටිලා. එහි අතුරු ප්‍රතිඵයක් විදියට කාර්මික ශිල්පියාගේ ඉඳන් නළුවා, නිළිය දක්වාම ගෙවීම් පිළිබඳ වටිනාකමක් නැති තත්ත්වයකට මැදිවෙලා. ඇත්තටම කියනවා නම් කවුරුන් හෝ ප්‍රවීණ රංගවේදියෙක් පුවත්පතකට කියා තිබුණා වාගේම අප දවසේ කුලියට වැඩ කරන කුලීකාරයන්ගේ තැනට වැටිලා. සමහර විට ඊටත් අන්තයි. කුලීකාරයා වැඩ කරන්නේ පැය ගණනකට, පැය අටයි නැත්නම් හයයි. ඉන්පසු එයාලා තම වැටුප ලබාගෙන යනවා. අපට එහෙම නැහැ. පැය දහයද, දොළහද ඊට වැඩිද අප යන්නේ එදිනට නියමිත රූගත කිරීම නිම වුණාට පසුවයි. සමහර දවසට දවසේ පැය විසිහතරෙන් විස්සක් අපි වැඩ. ඒ වැඩ කෙරෙන්නේද සරල හෝ සාමාන්‍ය ආකාරයට නෙවෙයි. විවිධ නිරූපණයන්වල වගකීම් සහ මේකප්වල අවහිරතාවන්ද අප සමග බැඳී සිටිනවා. මොහොතකට හිතලා බලන්න ඒක කොහොමට ඇතිද කියලා.

ඔබ නළු වෘත්තිය ගැන කලකිරීමෙන්ද ඉන්නේ?
අපොයි නැහැ… මම නළු වෘත්තියට අසීමිතව ආදරෙයි. මේක මගේ ඇඟෙන්ම ආ දෙයක්. මම එයට තදින් ඇලුම් කරනවා.

ප්‍රවීණයන් මේ ගැන නිහඬව හිටියදී ඔබ කතා කරන්නේ ඇයි?
ප්‍රවීණයන් නිහඬ නැහැ. ඔවුන් දන්නව කොයි තරම් කතා කළත් ඵලක් නැහැ කියලා. ඒ නිසා ඔවුන් මුනිවත රකිනවා. ‘කලාකරුවන් කියන්නේ ජාතියක් පිනවන පිරිසක්. සම්මානනීය ප්‍රවීණ නිර්මාණ ශිල්පිනී තුෂාරි අබේසේකර දවසක් මට සෙට් එකකදී කිව්වා, ‘කලාකරුවා දෙවැනි වන්නේ දෙවියන්ට විතරයි කෝකිල’ කියලා… කවුරුත් කියනවා වාගේ ජාතියක් පිනවන ඒ වටිනා පිරිසට තම නිර්මාණ මෙහෙවරට අවැසි වටිනාකම නොදෙන්නේ ඇයි කියන්න මා දන්නේ නැහැ.., අනෙක් කාරණය කලාකරුවනට කාර්යාලයක පියන් කෙනෙකුට තියෙන අනන්‍යතාවයවත් නැහැ. පැහැදිලිව කියනව නම් බැංකු ණයක් ගන්න, ගෙවීමේ ක්‍රමයට සුඛෝපභෝගී භාණ්ඩයක් ගන්න අපට ‘පේ ෂීට්’ එකක්වත් තියෙනවද කියන්න බලන්න.

දැන් ඔබ චෝදනා කරන්නේ කාටද ඔය?
මම චෝදනා කරන්නේ වගකිවයුත්තන්ට. සිනමාව, ටෙලිකලාව හෝ වේදිකා කලාව කර්මාන්තයක් ලෙස රැකගතයුතු පිරිසට.

ඔය කියන ‘පිරිස’ වත්මනේ රජයද?
වත්මන් කියන හැඳින්වීම එතැනට අදාළ නැහැ. හැම රජයක්ම මෙයට වගකිව යුතුයි. කලාකරුවා කියන විචිත්‍රවත් පුද්ගලයාව රකින යම් කර්මාන්තයක් එදා තිබුණා. හැබැයි අද නැහැ. අද එය කඩාවැටිලා. අන්න ඒ කඩාවැටීම සිදුවන තුරු බලා සිටි… එයට කිසිදුම පිළියමක් නොකළ අදටත් ඔහේ බලා සිටින හැම රජයක්ම කලාකරුවා වෙනුවෙන් වග උත්තර බඳින්නට ඕනෑ.

ප්‍රවීණයන් සහ නවකයන් එක්ව හඬක් නැඟුවහොත් උත්තරයක් ලැබේවිද?
එවැනි අවස්ථා අපමණයි. එක්ව කතා කළ තැන් ඕනෑ තරම් තිබුණා. හැබැයි සිදුවූ යමක් තවමත් අපේ සිතට දැනුණේ නැහැ.

අලුත් මෙහෙවරක් දියත් කරන්නට ඔබ වැනි තරුණ පිරිසක් එකතු වුණොත්?
කවදාවත් ඒ වෙනුවෙන් කිසිවක් සිදුවන්නේ නැහැ. අමතක නොකර මේ වචන කිහිපය සටහන් කරන්න. කෝකිල පවන් ජයසූරිය ලෙස මට දැනෙනවා. මට ස්ථිරවම කියන්නට පුළුවන්. ලෝකේ මොන රටක ‘ආට්’ එකට තැනක් අවධානයක් ලැබුණත්… ශ්‍රී ලාංකේය කලාව හෝ වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව කේන්ද්‍රකර ගත් කර්මාන්තය තුළ අපේ කලාකරුවනට කිසිම අගයක් හෝ අනන්‍යතාවයක් කිසිම රජයකින් ලැබනේනේ නැහැ.

ඔබ එය කියන්නෙ වගකීමෙන්ද කෝකිල?
ඔව්… මම කියන්නේ සම්පූර්ණයෙන්ම හොඳ වගකීමකින්.

මේ සිදුවන්නේ ඔබ පොරක් ලෙස කැපී පෙනෙන්නට දරන වෑයමක්ද?
කවදාවත් නැහැ. මේ සිදුවන්නේ, ‘විය යුතු යමක් පොදු මෙහෙවරක් ‘මම’ යන විෂය වෙනුවට එතැන තිබෙන්නේ අසාධාරණයට ලක්වූ පොදු කලාකරුවන් සහ ඔවුන් රැකිය යුතු කර්මාන්තය වෙනුවෙන් නැඟූ හඬක්.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අන්තරේ මිනීපෙට්ටි උස්සන් එයි! පාර්ලිමේන්තු වටරවුම උණුසුම්! (VIDEO)

Next Post

වනජීවිය නිදි! ඇමැති ඉල්ලුවාමත් දෙන්න තොරතුරු නෑලු!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.