• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආරාධනා ලැබුණු පළියට මම එහෙම රඟපාන්නේ නැහැ…

June 30, 2021
in Heart
Reading Time: 4 mins read
A A
ආරාධනා ලැබුණු පළියට මම එහෙම රඟපාන්නේ නැහැ…
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය බලනවා වගේ සුන්දර නැහැ රඟපාන්න ගියාම…
පොඩි කාළේ ඉඳලම නිළියක් වීමට සිහින දැක්කා…

තම ආදරණීය පියාගේ උරුමය තියාගෙන මේ දවස්වල ‘පාර දිගේ’ අක්කා-නඟෝ දෙන්නා එකට පැටලුණු ගමන්මයි කාලය ගෙවන්නේ. ‘මානවි’ චරිතයට පණ පොවන ඇය ටෙලියක ඔබට හමුවන අලුත් මුහුණක්. ඉතින් ‘මානවි’ ලෙසට ඔබ හමුවට එන ඇය ස්වප්නා පාදුක්ක. ඇය මේ විඳින කුලුඳුල් නිර්මාණ අත්දැකීම ගැන කතා කිරීමට අප හිතුවා.

🔴 ස්වප්නා ඔබ රංගනයට පැමිණි අලුත් මුහුණක්. ඔබේ විස්තර ටිකක් මුලින් කිව්වොත්?
මම ස්වප්නා පාදුක්ක. මගේ ගම්පළාත ජා-ඇළ ප්‍රදේශයේ. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අයියයි, මමයි තමයි ඉන්නේ.
🔴 එතකොට ඔබ පාසල් ගියේ?
කඳාන ශාන්ත සෙබෙස්තියන් බාලිකා විදුහලට.

🔴 පුංචිම කාලේ ඉඳලම තිබුණු සිහිනයක්ද මේ?
ඔව්… මම පොඩි කාලේ ඉඳලම නිළියක් වීමට සිහින දැක්කා. ඒත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි මම මෙවර ‘ස්වර්ණ’ අවුරුදු කුමරියට අයැදුම් කළේ. ඒ හරහාවත් මට මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙයි කියලා. ‘ස්වර්ණ කුමරිය’ අවසන් පහළොස් දෙනා අතරට මාව තේරුණා.

🔴 ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ ‘මානවි’ ලෙසට රඟපෑමට අවස්ථාව ලැබුණේ කොහොමද?
‘ස්වර්ණවාහිනි’ය හරහා තමයි මට ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ ‘මානවි’ චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණේ. මම හිතුවේ නැහැ මේ තරම් ඉක්මනට කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙයි කියලා.

🔴 ‘මානවි’ ඔබ හිතුවාට වඩා වෙනස්ම විදිහේ චරිතයක් නේද?
ඔව්… නිරූපණය කිරීමට ලැබුණු පළමු චරිතය නුහුරු අත්දැකීමක්. මානවිට තව නංගි කෙනෙක් ඉන්නවා. හැබැයි අපි දෙන්නා එක අම්මගේ දරුවො වුණාට, තාත්තලා දෙන්නෙක්ගේ දරුවන් දෙන්නෙක්. ඉතින් හැම වෙලාවෙම දෙන්නම රණ්ඩුවෙන් තමයි ජීවත් වෙන්නේ.

🔴 හිතපු තරම් පහසු නැහැ නේද රඟපාන එක?
ඇත්තටම ඔව්… අපි ටෙලිනාට්‍යයක් බලන තරම් සුන්දර නැහැ චරිතයක් නිරූපණය කිරීමට කැපවෙන එක. මට එවේලේ හිතුණා අපේ ප්‍රවීණ කලා ශිල්පීන් මොන තරම් කැප කිරීම් කරලා මේ තැනට එන්න ඇතිද කියලා. හැබැයි අපි අලුත් කියලා පැත්තකට කරලා දැම්මේ නැහැ. සියලුම දෙනාගෙන් ලොකු සහායක් ලැබුණා මට.

🔴 ඔබේ මවුපියන් ලෙසට රඟපාන්නේ ජනප්‍රිය ශිල්පීන් දෙපළක්. ඔවුන්ගෙන් ලැබුණු සහාය ගැන කිව්වොත්?
ගයත්‍රි ඩයස්, රොෂාන් පිලපිටිය ප්‍රවීණ ශිල්පීන් දෙපළ තමයි මගේ මවුපියන් ලෙසට රඟපාන්නේ. මමත් බයේ හිටියේ එයාලා සමග රඟපාන්න. හැබැයි චරිතයට ගැළපෙන විදියට මගේ මනස හැදුවා. හැම වෙලාවෙම අඩුපාඩුකම් පෙන්වා දෙමින් හරිම සහයෝගයෙන් තමයි අපි වැඩ කළේ.

🔴 දැන් ඉතින් එක දිගට ආරාධනා එනවා ඇති නේද?
වෙළෙඳ දැන්වීම් කිහිපයකින් මට කතා කළා. ආරාධනා ලැබුණු පළියට මම එහෙම රඟපෑමට සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ ප්‍රතිරූපයට හානියක් නොවන විදියට හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න තමයි අදහස තියෙන්නේ.

🔴 ‘මානවි’ චරිතයට ඔබේ ජීවිතයෙනුත් සමීප කරගත්තු දේවල් තියෙනවද?
‘මානවි’ සහ මම දෙස බලන විට චරිත දෙකක් තමයි තියෙන්නේ. මොකද මම පොඩ්ඩක් නිහඬ, සංවේදී චරිතයක්. ඉතින් මටම දැන් හිතාගන්න බැහැ ඒ ‘මානවි’ තුළ ඉන්නේ මමද කියලා.

🔴 මේ දවස්වල එළියට බහින්නත් බැරි කාලයක තමයි ඉන්නේ. එහෙම ඉන්න මොහොතක ප්‍රේක්‍ෂකයන් ඔබව දැනහඳුන ගන්නවාද?
අන්තර්ජාල හරහා මාව ගොඩදෙනෙක් දැන හඳුනනවා. ප්‍රතිචාරත් හොඳයි. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ගොඩදෙනෙක් ‘පාර දිගේ’ බලන බව හිතෙනවා. මාක්ස් එක දාගෙන පාරට බැස්සත් ගොඩදෙනෙක් අහනවා ඔයා නේද ‘මානවි’ ලෙසට රඟපාන්නේ කියලා.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පෝර මල්ලයි මාර පොල්ලයි!

Next Post

වාරකන් කතා පිළිගන්න බෑ! දැනට කැස්බෑවන් 176ක් ඩොල්ෆින් 20ක් තල්මසුන් 4ක් මැරිලා! නීතිපති අධිකරණයට කියයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.