• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තනිපංගලමේ අවසන් ගමන් ගිය සොඳුරු ගී පද රචකයා…

December 13, 2022
in Exclusive, Heart
Reading Time: 4 mins read
A A
තනිපංගලමේ අවසන් ගමන් ගිය සොඳුරු ගී පද රචකයා…
Share on WhatsAppShare on Facebook

ඉන්දීය සාගරයේ මුතු ඇටය යන රන්වන් නාමය පටබැඳුණත් කලාකරුවකු ලෙස ලාංකාවේ ඉපදීම හා අභාග්‍යයකැයි ප්‍රවීණ කලාකරුවකු මීට කලකට ඉහත ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙන මොහොතක කියා තිබිණි. ඒ කතාවේ යම් අරුතක් නැතැයි කිසිවකුට කියන්නට බැරිය. හේතුව යම් මාධ්‍ය හමුවකට එන බොහොමයක් වූ ප්‍රවීණ කලාකරුවන් තම කතිකාවට තිත තබා යන්නේ ලංකාව පාලනය කළ හැම රජයක්ම වාගේ කලාකරුවාගේ වටිනාකම හමස් පෙට්ටියට දැමූ ශෝකාන්තය ගැන දුක හිතෙන කතාවක් කියවමින්ය.

කලාකරුවන් වෙනුවෙන් යමක් කළා නම් ඒ කළේ රණසිංහ ප්‍රේමදාස පමණය. ඔහු මේ රටේ මිනිස් සිත් පිනවාලූ කලාකාමී පිරිසට කලාපුරයක් තනා ඉන්නට හිටින්නට තැනක් දුන්නේය. ටවර් හෝල් රඟහල පදනම යටතේ ඔවුන්ට විශ්‍රාම වැටුපක් සකසා දෙන්නටද කටයුතු කළේය. හැබැයි පසු කලෙක ඔහුගේ අකල් වියෝවත් සමග එම විශ්‍රාම වැටුප් කතන්දරය කාටත් අමතකව ගියා මතකය.

මෙතැනදී ඒ ඒ රජයන් පමණක්ම නොව අපේ රටේ ප්‍රේක්ෂකයන් කියන පිරිසටද සුවිශේෂ හැකියාවන්ගෙන් අනූන වූ වටිනා කියන කලාකරුවන්ව බොහෝ විට බොහෝ තැන්වලදී නොසිතූ ලෙස අතහැරී ගියේය. මෙහි වඩාත්ම දුක්බර කතන්දරය වන්නේ කලාකරුවන් කියන පිරිස තුළ සිටින කලාකරුවන්ටද නොසිතූ ලෙස තම සහෝදර කලාකරුවන්ව සිත කම්පාවී යන තරමට අමතක වී යෑමය.

පසුගිය දවසක කලාසූරී ලතා වල්පොලගේ 88 වැනි උපන්දිනය සමරන්නට පැමිණ සිටියේ කලාකාමී හිතවතුන් අතලොස්සක පිරිසකි. ඒ, ප්‍රවීන කලා ශිල්පිනියකගේ උපන් දිනයක් ගැන කනගාටුදායක සිදුවීමකි. මේ කියන්නට යන්නේ අදටත් මේ දැන් අහගෙන හිටියත් ‘කනට’ මී බිඳු වත්කරන්නා සේ සුවයක් දනවන අලංකාර ගී පද හරි කදිමට අමුණාලූ ප්‍රවීණ ගේය පද රචකයකුගේ මරණ ගෙදර ගැන ශෝකජනක පණිවුඩයකි. ඔහු හේම ශ්‍රී ද අල්විස්ය. ඛේදනීය මරණයකට හසුව වියෝ වූ ප්‍රවීණ සොඳුරු ගේය පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් තරමටම ඒ හා සමානවම සුන්දර සින්දු පෙළගැස්වූ හේම ශ්‍රී ද අල්විස් නම් මේ ප්‍රවීණ කලාකාරයා ලියා තැබූ ගේ පද අති මිහිරිය. ඔහුගේ මරණ ගෙදර අමතක වූ තරමට ඒ ලස්සන ගේ පදවැල් අසා සිත පිනවාගත් සියල්ලන්ට ඒ වචන අමුණා තැබුවේ හේම ශ්‍රී ද අල්විස් කියන එකද අමතක නම් මතකය පිණිස මෙසේ ඒ ගැන පදයක් දෙකක් ලියන්නට පුළුවන.

‘මැණිකේ ඔබේ සිනාවේ, අදටත් ඇහෙනකොට සෙනග පිරුණුබස් රථයක වුණත් හිතට දැනෙන සුවය කොයිතරම්ද?

‘සුදු සඳරැස් ගලන ගංකගාවේ පිහිනා…’ ගීතය අහගෙන ඉන්නකොට සිතකට දැනෙන ගැම්ම මොන තරම්ද?

‘දුනුකෙයියා මලක් වගේ’ ගීතයෙහි අම්මා ගැන කියන ඒ සංවේදී වදන් වැල් ඔහුගේ සිතට කොහොම ආවාද?

ටිකක් හිතා බලන්න. චැනල්වල ලොකු තරගයකට වාගේ ප්‍රචාරය වන රියැලිටි ආධුනික සංගීත වැඩසටහන්වල සුපිරි තරු සහ සිහින තරු කී දෙනකු නම් ඔය සින්දු ගායනා කර තමාගේ එස්.එම්.එස්. ප්‍රමාණය වැඩි කරගන්නට ඇද්ද? අලුතෙන් පැමිණි ගායක ගායිකාවන් ඔය සියලු ගීත පාහේ අලුත් තාලෙට ගයා කීයක් නම් හම්බ කරගන්නට ඇද්ද? කවුරුත් ආවේ නැති හේම ශ්‍රී ද අල්විස් නම් ප්‍රවීණ ගේය පද රචකයාගේ මරණ ගෙදර ගැන ශෝක පණිවුඩය ඇසූ ඇතැමුන් මුහුණු පොතේ සටහන් කොට තිබුණේ ඔහුගේ ගීත උපුටාගෙන ගායනා කොට ප්‍රසිද්ධ වූ අය ඔහුට රුපියල් 10 ගානේවත් එයට ගෙව්වා නම් අඩුම ගානේ සැපවත් ජීවිතයක් ගෙවන්නට තිබුණා කියාය. නවකයකු විසින් ඔහුගේ ගීතයක් කියන විට මාධ්‍යයකින්වත් ඒ වෙනුවෙන් හේම ශ්‍රී ද අල්විස් කලාකරුවාණන්ට උපහාරයක් හෝ අගයක් ලැබුණේ නැත.

ධනපාල උඩවත්ත ඇරෙන්නට වෙනත් කිසිම කලා ශිල්පියකු ආවේ නැති හේම ශ්‍රී ද අල්විස්ගේ මරණ ගෙදර ගැන පණිවුඩය මාධ්‍යවල පළවන විට එයට අදාළව ‘ඇත්ත නැත්ත’ කියා පෝස්ටුවක් හදාපු අයකු සටහන් කොට තිබුණේ විශාරද ගායන ශිල්පීන් විසින් හේම ශ්‍රීට සහ ඔහුගේ බිරියට දනට පිටනට දුන් මුදල් හදල් ගැනය. අර අය මෙහෙම දුන්නා, මෙ අය මෙහෙම දුන්නා, ඒ සියල්ල කළේ රහසේ යැයි කියා ඒවා ඉතා ප්‍රසිද්ධ මාධ්‍යයක් වූ මුහුණු පොතේ පළකිරීම ගැන සමාව අයැද තිබිණි.

ඒ පෝස්ටුව තැනූ අයට අමතකව ගිය කාරණයක් තිබිණි. එම කාරණයෙහි ගැබ් වූයේ ඉතා අලංකාර ගේ පද දහස් ගණන් ලියාපු මෙතරම් ප්‍රවීණ මිනිසාගේ මරණ ගෙදරට ධනපාල උඩවත්ත ඇරෙන්නට වෙනත් කිසිවකු ගොඩවූයේ නැති ශෝකාන්තයය.

හේම ශ්‍රී වෙනුවෙන් කිසිවකු මුදල් පරිත්‍යාගයක්වත් කළේ නැතැයි කියා ඔහු වෙනුවෙන් ලියා දැක්වූ ශෝක පණිවුඩයෙහි කොතැනකවත් සටහන්ව තිබුණේ නැත. ඔහු මුහුණු පොත හරහා දුන්න මුදල් තෑගි පණිවුඩයෙහි අන්තර්ගතය වූයේ ඉන්න කාලේ මේ විදියට කොච්චර නම් දුන්නාද, ඉතින් මරණ ගෙදර නාවාට මක්වෙනවාදැයි යන්නද කියා එය දකින කෙනකුට වැටහෙන්නට බැරි නැත. හේම ශ්‍රී ගේ පද රචකයාගේ මරණ ගෙදරට ධනපාල උඩවත්ත හැරෙන්නට වෙනත් කිසිදු ගායන ශිල්පියකු පැමිණ සිටියේ නැති වග දුකට කාරණයකි යන පොස්ටුවට පිළිතුරු සහ එය සාධාරණීකරණය කිරීමක් ලෙසින් ඉහත පැවසූ අය ප්‍රවීණ මට්ටමේ පසුවන විශාරද ගායන ශිල්පීන් ඔහුට දුන් මුදල් තෑගි එලෙස ගණන් මිමි වශයෙන්ම සටහන් කොට තිබුණේ කුමන් පදනමක් මතද යන්න නොතේරේ.

හිතැතිවන්තකමට ප්‍රවීණයන් මුදලින් කළ උපකාර අගය කළ යුතුය. නමුත් මේ තරම් සොඳුරු මෙහෙවරක් තම හැකියාව තුළින් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ මිනිසකුගේ මරණ ගෙදරට එක පැයකට හෝ පැමිණ යෑමට තම කාලයෙන් කොටසක් වෙන් කිරීමට ඔවුන් මැලි වීම ගැන සමාවක් දිය හැකිද? එහෙම නොපැමිණීම මහා අපරාධයක් නොවුවද කලා ශිල්පියකුට තවත් කලා ශිල්පියකුගේ මරණය අමතකව යෑම, එහෙමත් නැත්නම් එය පැහැර හැරීම දුකට කාරණයකි. ගම් පළාත්වල අය කට වචනයට කියන්නේ මඟුලකට යන්න ආරාධනා කරන තුරු සිටියද හිතවතකුගේ මළ ගෙයක් නම් පාර හොයාගෙන යා යුතුය කියාය. ඒ කියමනට අනුව බලන විට හේම ශ්‍රී ද අල්විස්ගේ මළ ගෙදරට ධනපාල උඩවත්ත පමණක් පැමිණ සිටීම ‘අනේ අපොයි’ කියා හූල්ලන්නට තරම් කාරණයකි.

අඩුම තරමේ ඔහු ලියා දුන් වචන අමුණා තම සින්දු ජනප්‍රිය තලයට ගෙන ආ ගායන ශිල්පීන් හෝ ශිල්පිනියන් එක්කෙනකුට දෙන්නකුටවත් මේ ගේ පද රචකයාගේ මරණ ගෙදරට ඇවිත් යන්න තිබුණා නොවේද? හේම ශ්‍රී ද අල්විස්ගේ පෝස්ටුවට අදාළව පළකරන ලද ‘ඇත්ත නැත්ත’ කියා හදන ලද පෝස්ට්ටුව යටින් යම් අයකු ‘මුදල් නොගෙන සින්දු ලියා දුන්නා කියලවත් කොතැනකවත් සඳහනක් නැතැයි’ කියා පළකොට තිබුණා මතකය. ටිකක් නැවතිල්ලේ හිතලා බලනකොට එහෙම සටහනක් තැබූ එහෙම සටහනක් තැබූ එක නරකක්ම නැති වුවද එහි එතරම් හොඳක්ද නැතැයි සිතේ. මෙහෙම ලියන්න හිතුණේ සින්දු ලියා සල්ලි ගත්ත එක එය ලස්සනට පද අමුණා ලියා දුන්න කලා ශිල්පියාගේ මරණ ගෙදර නෑවිත් ඉන්නට දුන්න එක්ස්කියුස් එකක් නොවන නිසාය. අනෙක සුවිශේෂවම හේම ශ්‍රී ද අල්විස් වෙනුවෙන් පළවූ පෝස්ටුව මුහුණු පොතේ හැදුණේ මේ තරම් අගනා ගේ පද ලියා තැබූ කලා ශිල්පියාගේ මරණ ගෙදරට ධනපාල උඩවත්තයන් හැරෙන්නට වෙනත් කිසිදු ගායකයකු හෝ කලා ශිල්පියකු පැමිණ තිබුණේ නැති නිසාය.
ශ්‍රී ලාංකේය කලාකරුවන්ට මෙහෙම වන්නේ ඇයි?

ඔවන් හදිසියේ ලෙඩ වූ කල සහෝදර කලා ශිල්පීණ්ට ඔවුන්ට අමතකව යයි.
වයසට ගිහින් අබලව දුබලව ගිය විටෙක එලෙසම කලා ශිල්පීන්ගේ මතකයෙන් ඔවුන් බැහැරව යයි. යම් රජයකින් තාඩන පීඩන එල්ල වන විටෙකද බොහෝ කලා ශිල්පීන්ට අදාළ කලාකරුවා වෙතින් ඈත්ව සිදුවන්නක් ඔහේ බලා සිටිති.

ඒ සියල්ල අතර හදිසියේ පුංචි ආරවුලකට දඟගෙට යන්නට වූ කලද කලාකරුවෝ ශෝචනීය ලෙස හුදකලා වෙති.

එසේ සිදුවන්නේ ඇයි?

මේ ව්‍යසනය ශ්‍රී ලාංකේය කලාකරුවන්ට පමණක් ආවේණික වූවක්ද? එහෙම නැත්නම් ලෝක දහම මෙයද?

කෙසේ වුවද, මැණිකේගේ සිනාවට ලියවැල් දී දහසක් සිත් සතන් නැලවූ ගේ පද රචකයා කඳුළක උණුසුම විශ්වය මත තවරා ශෝචනීය ලෙස අවසන් ගමන් යන්නට ගියේය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනපති-පක්ෂ නායක හමුව අවසන්! ඡන්දය ගැන වචනයක්වත් කතා කරලා නෑ! උතුරු නැගෙනහිර ප්‍රශ්නය විතරක් කතා කරලා! EXCLUSIVE

Next Post

හොඳම අධ්‍යාපන ඇමැති මමයි! අනේ මට ඒක දෙන්න! එස්.බී. කියන්නේ ඒ වගේ කතාවක් නේද? අහලා බලන්නකෝ! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.