• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැමෝම අහනවා ඇයි ඔච්චර නපුරු කියලා…

August 25, 2021
in Heart
Reading Time: 3 mins read
A A
හැමෝම අහනවා ඇයි ඔච්චර නපුරු කියලා…
Share on WhatsAppShare on Facebook

මම හෙමින් ගමනක් ආවේ. ඒ ආපු ගමනේ සතුට දැන් තමයි තියෙන්නේ…
දැන නම් හරිම බයයි…

‘ගෞතම්’ තුළ ‘රෝෂිණී’ද, ‘වසුදා’ තුළ ‘සරණි’ ලෙසින්ද, සුවිශේෂී චරිත නිරූපණය කරමින් ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් රෝමා රෝෂි ජයකොඩි දිගු නිහැඬියාවකට පසු නැවැත ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘නන්දනී’ ලෙසින් අපිට දැකගන්නට පුළුවන්. ඉතින් දිගු නිහැඬියාවකට පසු නැවැත රංග චාරිකාවක නිරත වෙමින් කටයුතු කරන ඇගේ අලුත් තොරතුරු ගැන දැන ගන්න හාට් අපි ඇය සමග කතා කළා.

ඉතින් කොහොමද රෝමා?
සතුටින් පවුලේ අයත් සමග ඉන්නවා.

ඒ සතුට එක්ක පුංචි බයකුත් ඇති නේද?
අනේ ඔව්… දැන් ‘කොවිඞ්’ වෛරසය සීග්‍රයෙන් පැතිරෙන නිසා ගොඩාක් ආරක්‍ෂාකාරීව තමයි ඉන්නේ.

පැතිරගෙන යන මේ ‘කොවිඞ්’ එක්ක රූපගත කිරීම්වලට යෑමට බයක් නැද්ද?
රූපගත කිරීම්වලට සම්බන්ධ වීමේදී එය ගැන දැඩි කල්පනාවෙන් තමයි යොමුවෙන්නේ. නිර්මාණවලින් ආරාධනා ලැබුණත් මම දැන් ඒ කිසිවක් බාර ගන්නේ නැහැ. මේ ප්‍රශ්න නිසා. ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ විතරයි මම වැඩ කරන්නේ මේ දවස්වල. ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදන කණ්ඩායම අපිව පුදුම විදියට ආරක්‍ෂා කරන්නේ. සෞඛ්‍ය නීති-රීති අනුගමනය කරමින් අපිව ආරක්‍ෂා කරනවා. ඒ විතරක් නෙවේ කෑම, බීමෙන් පවා නිරෝගී ආහාරපාන පවා අපිට සුරක්‍ෂිතව, පිරිසුදුව ලබා දෙන එක ගැන මම අගය කරනවා.

කාලෙකට පස්සේ තමයි ඔබ නැවැත රඟපෑමට යොමුවන්නේ නේද?
ඔව්… දරුවන්ගේ වැඩකටයුතුත් එක්ක මම පොඞ්ඩක් නිර්මාණවලින් ඈත්වෙලා හිටියා. දැන්නම් ප්‍රශ්නයක් නැහැ දුවයි, පුතයි ලොකු නිසා. හැබැයි මම ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙලාම හිටියේ නැහැ. හඬකැවීම්, කෙටි නිර්මාණ සඳහා විටෙන් විට පුළුවන් විදියට සම්බන්ධ වුණා.

එදා ඔබේ දැකපු රංගනයට වඩා ‘නන්දනී’ චරිතය තුළින් අපි වෙනසක් දකිනවා?
‘නන්දනී’ චරිතය හරිම ලස්සනට සමන් එදිරිමුණි පෙළගස්වලා තියෙනවා. ඉතින් මම මෙයට පෙර මෙවැනි චරිතයක් කරලා නැති නිසා මටත් ලොකු වෙනසක් දැනුණා. ඒ නිසාම තමයි මම ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ.

‘නන්දනී’ තුළින් ඔබ කරන නපුරුකම්වලට ප්‍රේක්‍ෂකයන් දක්වන ප්‍රතිචාර කොයි වගේද?
ප්‍රේක්‍ෂකයින් විතරක් නෙවේ මගේ දුවයි, පුතයි පවා කියනවා ඇයි ඔච්චර නපුරු වෙන්නේ කියලා. එයාලා අහනවා චරිතය මාරු කරගන්න බැරිද කියලා. හැබැයි ‘නන්දනී’ තරම් මම නපුරු නැහැ.

ඔබ නිර්මාණවල විවිධ චරිත නිරූපණය කළ කලා ශිල්පිනියක් බව අපි දැක්කා. ඉතින් ඔබට මේ විවිධත්වයේ වෙනස දැනුණේ කොහොමද?
ඇත්තටම මම කැමැති චරිතාංග රංගන ශිල්පිනියක් ලෙසට කටයුතු කරන්න. අද ගොඩදෙනෙක් චරිතවල කොටුවෙලා කියලා මමත් දකිනවා. මම ඒ විදියට වැඩ කරන්න කැමැති නැහැ. මම මුදලට වඩා බලන්නේ රටාවක් ලෙසට විවිධ හැඩයේ චරිත නිරූපණය කරන්න තමයි.

ඇවිද්ද පය දහස් වටී කියනවා වගේ ඔබ මේ ආපු ගමන ගැන සතුටු වෙනවාද?
මාව මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ කළේ සුසිලා කූරගම මහත්මිය. ඉතින් මම නිතරම නිර්මාණවල ඉන්න ඕනෑ කියලා අදහස් කළේ නැහැ. මම හෙමින් ගමනක් තමයි ආවේ. ඒ ආපු ගමනේ සතුට තමයි දැන් තියෙන්නේ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සහන මල්ලත් සීමා කරලා! ආණ්ඩුවේ අමානුෂිකත්වය සජිත් එකින් එක පෙන්වයි!

Next Post

‘මටත් අමාරුයි! පඩියෙන් බාගයක් දෙන්නම්! මට මෙහෙම නම් රාජ්‍ය සේවකයන්ට කොහොම අමාරු ඇද්ද!’ ඩිලාන් ප්‍රසිද්ධියේම කියයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.