• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජංගි හොරු නගරයේ වගේම ගමෙත් ඉන්නවා! ටෙලිනාට්‍ය මට අරහං!

March 7, 2022
in Heart
Reading Time: 8 mins read
A A
ජංගි හොරු නගරයේ වගේම ගමෙත් ඉන්නවා! ටෙලිනාට්‍ය මට අරහං!
Share on WhatsAppShare on Facebook

කොහොමත් නම ටිකක් අමුතුයිනේ…
රඟපාන අපිත් මොට්ට වෙනවා…
මොන රජයද කලාකරුවන් වෙනුවෙන් සහනයක් සැලැසුවේ…
මම කවමදාකවත් දවසේ කුලියට රඟපාන්න යන්නෙත් නැහැ…
මගේ මූණට කවුරුත් චෝදනා කළේ නැහැ…
කාලෙකට පස්සේ සිංහල සිනමාව House Full වුණා…

දේදුන්නෙන් සමනලියක වෙලා ඇවිදින් දිල්හානි අශෝක මාලා විදියට රසික සිත් උන්මාදයට පත්කළ කතාව දැන් හුඟාක් පරණයි. පුංචි පුංචි මුහුණේ හැඩට පිහිටලා තිබුණු ඇගේ හුරුබුහුටි ‘ෆීචස්’ උතුරු ඉන්දියානු සිනමාව කුල්මත් කළ ලස්සන දමිළ නිළි ශ්‍රී දේවිට සමාන වූ නිසා දිල්හානි අශෝක මාලා ‘පුංචි ශ්‍රී දේවි’ ලෙස ජනප්‍රිය වූ කතාවද තරමක් පරණ කතාවක්. එහෙම කියන්නේ, විනෝදකාරී ප්‍රේමණීය, බොළඳ චරිතවලින් ඈත්ව චරිතාංග නිළි කැලට එක්වූ දිල්හානි ගැන ඊට වඩා කතා කරන්න බොහෝ අරුත්බර දෑ… එහෙමත් නැත්නම් වැඩකට ඇති කතා තියෙන නිසාය.., මේ දිනවල ඈ ගැන දොඩන්නට හැකි සුවිශේෂීම කතන්දරය වන්නේ ‘ජංගි හොරා’ගේ කතාවය. ‘ජංගි හොරා’ යනු සදාචාරය විසින් ගත් පිරිසට නම් කුණුහරුපයෙකි.., නමුත්.., ‘ජංගි හොරා’ අධ්‍යක්‍ෂ සෝමරත්න බාලසූරිය කීවේ ‘ජංගි හොරා’ යනු කුණුහරුපයක් නෙවෙයි කියාය.., කොයික කෙසේ වුවද ‘ජංගි හොරා’ බලන්නට රසික පිරිස පෝලිම්වල කට්ට කන්නේ ඉමහත් සතුටින්ය. දිල්හානි අශෝක මාලාද ‘ජංගි හොරා’ ගැන කතා කරන්නට ‘හාට්’ ටැබ්ලොයිඩ් එකට ආවේ හදවතින්මය.., ‘ජංගි හොරා’ ගැනවත් ‘ජංගි හොරා’ට අනුකම්පා කරන ‘නයනිගේ’ රංගන රටාව ගැනවත් එයට ජීවය දුන් දිල්හානිගේ හිතේ කිසිම කහටක් තිබුණේ නැත.., ඉතින්.., අපිද හිතේ කිසිම චකිතයක් නැතුව ‘ජංගි හොරා’ ගැන කතාබහ කරන්නට දිල්හානි සමග අසුන් ගත්තෙමු.

ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ..?
නරක නැහැ… දුක… සතුට… සිනහව… කඳුල මත ඔහේ ගෙවී යනවා.

කලා කටයුතු ගැන අලුත් ආරංචි එහෙම කොහොමද..?
සුනිල් කොස්තාගේ අලුත්ම ටෙලියේ රූගත කිරීම් සඳහා මේ දවස්වල සූදානම්ව ඉන්නවා.

කතා පුවත සහ ඔබේ චරිත නිරූපණය ගැන කියනවා නම්..?
වෙනස් මගක කතාවක්. වතුයායක සේවය කරන කාන්තාවන් කිහිපදෙනෙක් තමන්ට හිමි අයිතිවාසිකම් ලබා ගැනීමට රාජ්‍ය සේවාව පසුපස හඹා යන කතන්දරයක් තමයි එහි තියෙන්නෙ. ඒ කාන්තාවන් අතර එක් කාන්තා චරිතයකට පණ දෙන්නෙ මම.

කතාව සහ චරිතය ගැන ඔබ සෑහීමකට පත්වෙනවද..?
අනිවාර්යයෙන්ම.., ‘සුනිල් කොස්තා’ කියන්නෙ යමක් කරන්න පුළුවන් චරිත හරහා කතා මවන නිර්මාණකරුවෙක්.
ඒ වාගේම පුද්ගලිකව මම ඔහුගේ කතාවලට සාමාන්‍යයෙන් ප්‍රිය කරනවා. වෙනස් දේ ප්‍රේක්‍ෂක සිත්වලට දැනෙන්නට කරන ඒ නිර්මාණය මගේ හිතට කාවැදුණා… ඒ හින්දයි ඒක තෝරගත්තෙ.

ඔබ ටෙලිනාට්‍යවලින් මඳක් වහං වෙලා හිටියා..?
ඔව්… ටෙලිනාට්‍ය කලාව මට අරහං වූ අවස්ථා තිබුණා. ඒ හින්දා ටික කාලෙකට ටෙලි බාර ගත්තේ නැහැ.

ඒ ‘අරහං’ වීමට හේතු කියන්න පුළුවන්ද..?
දැන් ටෙලි කලාව කෙරෙන්නේ ඒ ඒ නිර්මාණකරුවනට ඕනෑ ඕනෑ විදියට. එක කොටස් පෙළක් ඉවර කරලා ඊළඟ කොටස් පෙළ කරන්න මාස ගානක් යනවා. ඒ කොටස් ටික ඉවර වෙලා අනෙක් කොටස කරන්න ඊටත් කල් යනවා. නාට්‍ය ආරම්භයේදී ඉන්න මම නෙවෙයි අවසානෙට ඉන්නේ. එක්කො හිටියට වැඩිය මහතයි, නැත්නම් කෙට්ටුයි. අර දීර්ඝකාලීන වකවානුව තුළ නාට්‍ය ඉවර වෙනතුරු කොණ්ඩෙවත් කපන්න හෝ වෙන ස්ටයිල් එකක්වත් කරන්න විදියක් නැහැ.

අනෙක මූඩ් එක නැතිව යන එක චරිත ස්වභාවය අමතක වෙන එක තවත් ලොකු මානසික පීඩාවක්.., ඒ අතරට කොටස් 50යි, එහෙම නැත්නම් 75යි කියලා පොරොන්දු වෙලා ඉන්පස්සේ ප්‍රමාණයක් නැතුව කොටස් එකසිය, දෙසිය ගණන් ටෙලිය දුවනවා. ඇත්තටම නරඹන රසිකයන්ට වුණත් ඒක රසවින්දනයට බාධාවක්. ඔවුනුත් දෙදුලාවට පත්වෙනවා. අවසානය දකිනතුරු නාට්‍යය අතහරින්නත් බැහැ. ගානක් මිම්මක් නැතුව දුවන දිවිල්ල නතර වෙන්නෙත් නැහැ… ඇත්තමයි කලකිරෙනවා. රසිකයෝ වාගෙම රඟපාන අපිත් මොට්ට වෙනවා. අපටම අපිව එපා වෙනවා. අපේ නිළිකම හෑල්ලු වෙනවා. ඇත්තමයි මට නම් ඒ ක්‍රමය අල්ලන්නෙ නැහැ… ඒ හින්දා ටෙලිනාට්‍ය බාර ගන්න එක සීමා කළා.

සීමා කළා කියන එකේ තේරුම අතොරක් නැතිව දිව යන නාට්‍ය රිජෙක්ට් කරන එකද..?
ඔව්… නාට්‍ය පිටපත බාර ගනිද්දිම අහනවා, කොටස් කීයදැයි කියලා. ඒක 50ට එහා නම් මම බාර ගන්නේ නැහැ.

සුනිල් කොස්තාගේ ‘පනම් බඳින ගස්’ ටෙලිය ඔබ ඔය කියන සීමාව තුළ කොටස් 50න් අවසානයිද?
ඔව්… ඔහු මට කිව්වා මේ ටෙලිය කොටස් 50යි කියලා.

දවසේ කුලියට කලා ශිල්පීන් රංගනයට යොමුවීම ඔබ අනුමත කරනවද..?
නැහැ… මම එය කිසිසේත්ම අනුමත කරන්නෙ නැහැ. මම කවමදාකවත් දවසේ කුලියට රඟපාන්න යන්නෙත් නැහැ.., අනෙක දවසේ කුලිය මත රඟපානවා කියන්නේ රංගන ශිල්පීන්ගෙන් මරව මරව වැඩගන්න එක. ඒත් කෙනෙක් දෙන්නෙක් හැරුණු කොට බොහෝ නිෂ්පාදක පිරිස් රංගන ශිල්පීන්ගෙන් ගෙවන වැටුපට වඩා වැඩ ගන්නවා. උදේ පාන්දර වාහනේට නග්ගවගෙන මහ රෑ දොළහට, එකට ඇවිල්ලා ගෙදරින් බස්සවල ආයෙම ඇවිත් පාන්දර හතරහමාරට පහට එක්ක යනවා. කොයිතරම් අමානුෂිකද ඒක… ඇඟක්පතක් හෝදන්න වෙලාවක් නැහැ… සුවදායි නින්දක් නැහැ… මනසට, කයට විවේකයක් නැහැ… හිතලා බලන්න චරිතයට සාර්ථකව ප්‍රවිෂ්ට වෙන්න නම් රිලැක්ස් එකක් ඕනෑ නේද.., වරද නිෂ්පාදක අංශයේද, එහෙම නැත්නම් දවසේ කුලියට රංගනයට එන ශිල්පීන්ගේද..? දවසේ කුලියට රංගන ශිල්පීන් එන්නේ ඒක ඔවුන්ගේ වෘත්තීය නිසා. හැබැයි ප්‍රඩක්ෂන් එක දැනගන්න ඕනෑ රංගන ශිල්පීන්ට වැඩ කරන්න පුළුවන් සිමාවක් තියෙනවා නේද කියලා. එහෙම හැඟීමක් නැති පිරිසක් සමග වැඩ කරන්නට වීම ඇත්තටම කනගාටුයි.

දවසේ කුලියට වැඩ කරන්නෙ නැහැ…’ කියලා ඔබ ගත්ත පියවර අනෙක් රංගන ශිල්පීන්ට ගන්න බැරි ඇයි..?
ඔබේ සිතුවිල්ල අසාධාරණයි. දවසේ කුලියට රඟපාන්නේ නැහැ කියලා කියන්න මට වොයිස් එකක් තිබුණට හැමෝටම එහෙම කරන්න පුළුවන් පසුබිමක් නැහැ.
ඔවුන් වෘත්තීය රංගන ශිල්පියෝ… එක ශිල්පියෙක් බැහැයි කියල රිජෙක්ට් කරන ටෙලිය ගන්න තව දහදෙනෙක් විතර බලා ඉන්න බව ඔවුන් දන්නවා. ඒ නිසා එහෙම තීරණ ගන්න බැරි බහුතරයක්ම ටෙලිනාට්‍ය කලාව තුළ ඉන්නවා. ඒ නිසා දවසේ කුලියට රඟපාන එක කරන්න එපා කියලා… ඒ කලා ශිල්පීන්ට අණ කිරීම සදාචාරාත්මක නැහැ.

හැමෝම සමස්තයක්ව එම තීරණය තුළ එකට හිටගත්තොත්..?
ඔව්… ඒ වාගේ රූල්ස් එකක් මත එකට හිටගත්තොත් යම් ප්‍රතිඵලයක් තියෙන්න පුළුවන්.

හැබැයි ඒකටත් ඉතින් වෘත්තීය සමිතියක් වාගේ සංවිධානයක සහාය අවැසි වෙනවා නේද..?
රටේ හැම ආයතනයකම, හැම රැකියාවකටම වෘත්තීය සමිතියක් තිබුණට කලාකරුවන්ට එහෙම එකක් නැති වග ඔබත් දන්නවා.

රජයෙන් මේ සඳහා යම් අනුග්‍රහයක් ලැබුණොත්..?
ඒක නම් අපූරු විහිළුවක්. මොන රජයද කලාකරුවන් වෙනුවෙන් සහනයක් සැලැසුවේ. ඔය ගැන කතා කරන එකත් වැඩකට නැති දෙයක්.

එහෙනම් ඒ කතාවට තිත තියලා අපි ‘ජංගි හොරා’ ගැන කතා කරමු..?
ඔව්… අපි කතා කරමු, ‘ජංගි හොරා’ කියන්නේ ඇදවැටී යමින් තිබූ සිංහල සිනමාවට නව නැම්මක් ගෙන ආ සාර්ථක නිර්මාණයක්.

තිරපිටපත කියවන විට ‘නයනි’ගේ චරිතය ගැන ඔබට තිගැස්මක් දැනුණේ නැද්ද..?
ඇයි මං තිගැස්සෙන්නේ… මම චරිතාංග නිළියක්. කරන්නට හැකි යමක් මගේ අතට පත්වන තිරපිටපතෙහි තියෙනවා නම් මම ඒ චරිතය බාරගන්නවා.
චරිතයක් එපා නම් රිජෙක්ට් කරනවා මිසක ඒ චරිතය දැක තිගැස්මට පත්වීම චරිතාංග නිළියකට යුතුවන්නේ නැහැ.

එවැනි චරිතයකට මැදි වීම ඔබට චකිතයක් වුණේ නැද්ද කියන අදහසයි ඉහත ප්‍රශ්නයෙහි තිබුණේ..?
චකිතයට පත්විය යුතු හේතුව කුමක්ද.., ‘සෑම්’ලා වාගෙම ‘නයනි’ලාද අප ජීවත් වන සමාජය තුළ ඉතාම සුලබයි. ‘ජංගි හොර‘කමේ යන ‘සැම්’ලා නගරයේ වගේම ගමෙත් ඉන්නවා.
මෙතෙක් රහසිගතව සිදුවූ සාමාන්‍ය සිදුවීමක් සෝමරත්න බාලසූරිය අතින් කලාත්මකව සිනමාවට නැඟුණා. ‘ජංගි හොරා’ ගැන දියයුතු සරලම කමෙන්ට් එක එයයි.
අනෙක ‘ජංගි හොරා’ කියන නම ගැනයි, එහි චරිත සහ සිදුවීම් ගැනයි කවුරු මොනව කීවත්, කාලෙකට පසුව සිංහල චිත්‍රපටයක ‘House Full’ කියන බෝඩ් එක ප්‍රදර්ශනය වීම දිල්හානි ඒකනායක හෝ ‘නයනි’ හැටියට මට විශාල සතුටක්.

වැල නොකැඩී කවුරුත් ආවේ ‘ජංගි හොරා’ කාන්තාවන්ගෙ අන්ඩර් පෑන්ට් හොරකම් කරනවා බලන්නයි..?
ඔව්… ඔබ හරි, ‘ජංගි හොරා’ කතාවේ තේමාවද එයයි. මොනවා බලන්න හරි මතක ඇති කාලෙක සිනමා ශාලා අතුරු සිදුරු නැතුව පිරී ගියා. එය කෙතරම් නම් සතුටක්ද.., කවුරුත් කීවේ ස්මාට් ෆෝන් එක, ෆේස්බුක් එක නිසා චිත්‍රපට හෝල් හිස්වුණා කියලයි. හැබැයි ‘ජංගි හොරා’ බලන්න හැමෝම ආවේ ෆෝන් එකත් අතේ තියාගෙන තමයි. ‘House Full’ බෝඩ් එක වැටුණායින් පස්සෙත් ‘ජංගි හොරා’ බලන්න ආව කට්ටිය ගෙදර ගියේ නැහැ. ඊළඟ ෂෝ එකට ටිකට් ගන්න ඔවුන් එහෙමම හිටියා.

‘ජංගි හොරා’ කියන නම චිත්‍රපටයට සදාචාරාත්මක නැහැ කිලා මත ඇති වුණා..?
ඔව්… සමහර දෙනා හිතන විදියයි ඒ… කොහොමත් නම ටිකක් අමුතුයිනේ. සමහරු ‘ජංගිය’ කියන නම පාවිච්චි කරන්නෙත් නැහැ. ඒක කැතයි, ලැජ්ජාසහගතයි කියා හිතනවා. ඒ හින්දා ඒ මත දැරීම වැරැදි නැහැ මං හිතන්නේ. හැබැයි චිත්‍රපටය බලන්න සෙනඟ පිරෙන කොට ‘House Full’ වෙන කොට ‘ජංගි හොරා’ කියන නමේ කැත ගතිය හුඟ දෙනෙකුට අමතක වෙලා ගියා.

‘ජංගි හොරා’හී රඟපෑම ගැන කිසිවෙකු ඔබට චෝදනා කළේ නැද්ද..?
නැහැ… මගේ මූණට කිසිවෙකු චෝදනා කළේ නැහැ. චරිතාංග නිළියක ලෙස දිල්හානි ඒකනායක කළ රංගනය ගැන ‘නයනි’ගේ සංකීර්ණ චරිතය ගැන නම් මට හිතවත් ප්‍රේක්‍ෂකයන් ඉතාම සතුටින් කතා කළා. අඩුම ගානේ උපහාසමය කවට කමකින්වත් කිසිවෙකු මා පීඩාවට පත්කළේ නැහැ.

තිරපිටපත සෝමරත්න බාලසූරිය දෙන විට ඔබ එකපයින්ම එයට කැමැති වුණා..?
සෝමේ අයියා ‘ජංගි හොරා’ පිටපත මට දුන්නේ මීට අවුරුදු ගණනාවකට ඉහතකදී. ‘ජංගි හොරා’හී චරිත ඉතාම සීමිතයි. ඒ අවුරුදු ගානකට ඉහත එහි මා හා රඟන්නට හිටියේ ජැක්සන් ඇන්තනී සහ සනත් ගුණතිලකයි. කුමක් හෝ හේතුවකට ‘ජංගි හොරා’ දිගුකාලීනව යටපත්ව තිබුණා. නැවැත ‘ජංගි හොරා’ නිෂ්පාදනය වන විට ජැක්සන් අයියයි, සනත් අයියයි එහි හිටියේ නැහැ. හැබැයි මා වෙනුවෙන් ‘නයනි’ගේ චරිතයට සෝමේ අයියා මාවම හොයාගෙන ආවා. එය මා වෙතින් ගිලිහී නොයෑම ඇත්තෙන්ම සතුටක්.

එහි යටි අරුත කාලය ගෙවී ගියත් චරිතයට සරිලන ලෙස ඔබේ පෙනුම එහෙමම තිබුණා..?
වෙන්නැති ඉතින්.., දන්නෙ නැහැ හරියටම… කොහොම හරි ‘ජංගි හොරා’ චිත්‍රපටයේ ‘සෑම්’ට අනුකම්පා කළ ‘නයනි’ වෙන්න මට වාසනාව ලැබුණා.

ඒ වාසනාව ඔබේ වයසට නොයන පෙනුම නේද..?
අනේ මන්දා… එහෙමය කියලා හිතමු…

‘ජංගි හොරා’හී සමහර දර්ශන පුබුදු සමග රඟන විට ඔබට අපහසුතා දැනුණේ නැද්ද..?
මම ‘නයනි’ගේ චරිතය තුළ මට හැකි උපරිමය කළා කියන උත්තරයයි මම ඔබට මෙතැනදී දෙන්නෙ. මට ඕනෑ වුණේ මට ලැබුණු මෙහෙවර හැමදාමමත් වාගේ ඉතා හොඳින් කරන්නයි, හිතන විදියට මම එය කළා එච්චරයි.

තව මොනවද ‘හාට්’ වෙනුවෙන් ඔබට කියන්න තියෙන්නෙ..?
මොනව කියන්නද ඉතින්.., අපිත් ඔයාලා වාගේ දුක, සතුට අතර සාමාන්‍ය විදියට කට්ට කාගෙන ජීවත් වෙනවා.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විමල්ගේ තුම්මුල්ලේ නඩුවට දින නියම වෙයි!

Next Post

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී…! කුස ගින්දරට පුතුනේ ඒ එළිය මදී…!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.