• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නයි මෙල්ල කරන විශ්වකර්ම කපු මෑණියෝ…

November 17, 2021
in Heart
Reading Time: 3 mins read
A A
නයි මෙල්ල කරන විශ්වකර්ම කපු මෑණියෝ…
Share on WhatsAppShare on Facebook

මට කිව්වා නයෙක් එක්ක රඟපාන්න කියලා…
මම හිතුවේ විහිළුවක් කියලා….

විවිධ චරිත හරහා ඔබට සමීපවුණු ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය වසන්ති රංවල. ඉතින් ඇය මෙතෙක් නිරූපණය නොකළ සුවිශේෂී රංගනයක් ‘නීල පබළු’ ටෙලිනාට්‍ය හරහා දැකගන්නට පුළුවන්. ඇය දැන් රංගනයට විතරක් නෙවේ අධ්‍යක්‍ෂවරියක් ලෙසටද ඉදිරියේදී කටයුතු කරන්නට සූදානම්. ඒ කරුණු කාරණා අලුත්පිටම අපට පැවැසුවේ මේ විදියට…

වසන්ති මේ දවස්වල දේවාලයක් කරගෙන යන බව ආරංචියි..?
ඔව්… එය වෙනස්ම අත්දැකීමක්. සඳුන් රාජකරුණ අධ්‍යක්‍ෂණය කරන ලලිත් වසන්ත මහතා නිෂ්පාදනය කරන ‘නීල පබළු’ ටෙලිනාට්‍යයට මම අලුතෙන් සම්බන්ධ වුණා. ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ ‘මෑණි’ කෙනෙක්ගේ චරිතයක් තමයි මම කරන්නේ. මම මෙයට කලින් සඳුන් රාජකරුණා අධ්‍යක්‍ෂණය කළ ‘ඉතින් ඊට පස්සේ’ ටෙලිනාට්‍යයෙත් වැඩ කළා. හරිම සුහදශීලී විදියට එකමුතුව චරිතය නිරූපණය කරනවා.

මෙයට කලින් ඔබේ විවිධ රංගනයන් දැක තිබුණත් මෙවැනි චරිතයක් ඔබ නිරූපණය කරනවා දැකලා නැහැ. ඉතින් මේ වෙනස කොහොමද?
මම මෙවැනි චරිතයක් කරන පළමු අවස්ථාව තමයි මේ. ඉතින් මේ ලැබුණු කෙටි කාලයත් තුළ චරිතය මට කළ හැකි උපරිම ලෙසට නිරූපණය කළා. හැබැයි ඉතින් චරිතයට තව කාලයක් තිබුණ නම් මම මෙයට වඩා හොඳට කරනවා ඒ ගැන හොයලා බලලා.

‘කපු මෑණියන්’ට හොඳ යාළුවෙක් සමග නේද වැඩ හමුවෙලා තියෙන්නේ?
අම්මෝ මොන හොඳද… මම අකැමැතිම දෙයක් තමයි සර්පයින්ට. මට කිවුවා නයෙක් එක්ක තමයි රඟපාන්න තියෙන්නේ කියලා. ඒත් මම හිතුවේ විහිළුවට කිව්වා කියලා. අකැමැත්තෙන් වුණත් ඒ අභියෝගයට මම මුහුණ දුන්නා. නයාව මෙල්ල කරන්න තමයි ‘කපු මෑණියන්’ ‘නීල පබළු’ ටෙලිනාට්‍යයට එකතු වෙන්නේ.

දේව සාත්තර පිළිබඳව ඔබ විශ්වාස කරනවාද?
මෙහෙමයි… එහෙම නොපෙනෙන බලවේග තියෙන්න පුළුවන්. යක්‍ෂයෝ, ප්‍රේතයෝ ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් අපේ සමාජයට දැඩි වශයෙන් එළියට ඇවිත් තියෙන්නේ බොරුවෙන් මවාපාලා ඒ වැඩ කරලා මිනිසුන් මුළාකරන අය තමයි.

ඔබ කලින් පැවැසූ පරිදි වර්තමානයේ නිර්මාණවල සුහදශීලීත්වය බිඳවැටිලා නේද?
නිර්මාණයක් සාර්ථක වීමට ප්‍රධානම හේතුව සියලුමදෙනා අතර තියෙන සුහදශීලීත්වයයි. දෙවියන්ගේ පිහිටෙන් මම වැඩ කරපු හැම කෙනෙක් සමගම සුහදශීලීව වැඩ කරන්න පුළුවන් වුණා. එකම එක අවස්ථාවක හලාවතදී ප්‍රශ්නයක් මතුවුණා. මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ.

‘බ්ලැක් ෆුල්’ සමග ගෙවන ජීවිතය කොයිවගේද වසන්ති..?
හරිම සුන්දරයි… නුවරඑළිය පැත්තේ තමයි ‘බ්ලැක් ෆුල්’ ටෙලිනාට්‍ය කරන්නේ. කැළුම් උඩුවාවල තමයි එය අධ්‍යක්‍ෂණය කරන්නේ. අලුත් පරපුරට චෝදනා නඟනවා වැඩ හරියට කරන්නැහැ කියලා. නමුත් ‘බ්ලැක් ෆුල්’ එකේදී මට අලුත් පිරිසක් හමුවුණා. පුදුම විනයක් ඔවුන්ගේ මම දැක්කේ. ඒ වගේම ඉතාමත් හොඳ, දක්‍ෂ පිරිසක් කැළුම් නිර්මාණයට තෝරාගෙන තිබෙනවා. ‘බ්ලැක් ෆුල්’ රූගත කිරීම් නැවැත පටන් ගන්නකම් මම ආශාවෙන් බලාගෙන ඉන්නේ.

කොරෝනා කාලේ කලාව වෙනුවෙන් බැඳුණු ආලේ කොයිවගේද?
ඒ කාලේ තමයි සතුටින්ම ගෙවපු කාලය. පවුලේ අයත් එක්ක. මොකද අපිට එහෙම ලේසියෙන් එකදිගට පවුලේ අයත් එක්ක ඉන්න ලැබෙන කාලය අඩුයි. ඉතින් සතුටින්, විවේකීව ගෙදරට වෙලා කාලය ගතකළා.

ඔබේ ආදරණීය දියණියත් දැන් රංගන ශිල්පිනියක් වෙලා නේද?
ඔව්… සිලිඳු රංවල මගේ දුව. ඇයත් ටෙලිනාට්‍යය කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා මේ දවස්වල. ඒ වගේම ඇයගේ දෙවැනි සින්දුව කිරීමට සූදානම් වෙනවා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මාගල්කන්දේ-මැඩිල්ලේ සහ ඉත්තෑකන්දේ හිමිවරුන් ජනාධිපති බේරා ගැනීමට ගන්න පුදුම උත්සාහය! ඇත්තටම බලන්න වටිනවා! (VIDEO)

Next Post

සීඅයිඩියට ගිහින් ප්‍රකාශයක් නොදුන් සිරිල් ගාමිණී පියතුමා පළමුවරට මාධ්‍යට ප්‍රකාශයක් දෙයි! ඉස්සරහට කරන දේත් කියයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.