• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රංගනය කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයි! මම ෆොන්සේකා පවුලේ බඩපිස්සි…

February 23, 2022
in Heart
Reading Time: 9 mins read
A A
රංගනය කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයි! මම ෆොන්සේකා පවුලේ බඩපිස්සි…
Share on WhatsAppShare on Facebook

හැකියාවෙන් කිසිසේත්ම මම ඇයට සමවන්නේ නැහැ…
එහෙම අම්මලා අද ටෙලිකතාවල ඉන්නවද..?

තිලක් ගුණවර්ධනගේ ‘කුමාරිහාමි’ ටෙලි කතාව ජාතික රූපවාහිනිය මත දිගහැරුණේ, ටෙලිවිෂන් එක අපේ රටට පැමිණි කාලෙමය. මුහුදුකරය පසුබිම් වූ ඒ ධිවර කතාවට ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයන් වශී වූයේ පුදුමසහගත විදියටය. එහි ‘කුමාරිහාමි’ යන නමට හරියන චරිතය රඟපෑවේ දමයන්ති ෆොන්සේකාය (Damayanthi Fonseka). චීත්ත ගවුමක් දණහිස ගාවට ඇඳ, රැලි කොණ්ඩය දෙකරලට ගොතා ඈ එහි කළ රංගනය සිත්කලු විය. කවුරුත් ඒ ගැන කතා කළේ හරි පැහැදීමකිනි.., ‘ටිකිරි නිළමේ’ ටෙලියේ නිළමේ දියණිය ලෙසින්ද දමයන්ති අහංකාර රංගනයක යෙදුණා මතකය. වර්ණනා කරමින්, ආටෝප දමමින් කතා කරන්නට තරම් ඈ ‘නිළමේ දියණිය’ටද අපූරුවට ජීවය දුන්නාය. තව තව ඈ ගැන වර්ණනා කරන්නට හැකි ටෙලි කතාවල චරිත බොහෝමය.., ඒ බොහොමය ගැන මෙහෙම ලියන්නට ගියොත් දමයන්තියට ‘හාට්’ එකට කියන්නට කතන්දරයක් ඉතිරිවන්නේ නැත. ඔන්න ඒ හින්දාම දමයන්තියට නිදහසේ දොඩන්නට දී අප බලා සිටියෙමු.., ඒ නිකම්ම නොව, ප්‍රශ්න අහුරකුත් එක්කය.

ආයුබෝවන් කියලා පිළිගන්නවා ඉතින් ඔබව..?
ඔබටත් ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

කොහොමද මේ දවස්වල අලුත් තොරතුරු..?
තොරතුරුවල නම් ලොකු විශේෂයක් නැහැ.., ‘ශක්ති’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සමග තමයි මේ ටිකේ දවස ගෙවෙන්නේ. පළමු කොරෝනා රැල්ලට කලින් නිම කළ චිත්‍රපට කිහිපයක්ද පෝලිමේ තියෙනවා… තව ගුරුවරියකගේ චරිත නිරූපණයක් තියෙන චිත්‍රපටයකට පසුගිය අවුරුද්දෙ ආරාධනා ලැබුණා. ඒත් කොරෝනා ප්‍රශ්නය නැවැත හිස එසවීම නිසා එහි වැඩකටයුතු මදකට කල්ගියා. ඔය ටික තමයි ඉතින් අලුත් තොරතුරුවලට කියන්න තියෙන්නෙ.

එහෙම නම් අපි පරණ තොරතුරුවල මතකය ටිකක් අවදි කරමු.., ඔබ රංගනයට ප්‍රවිෂ්ට වූයේ ‘මඩොල් දූව’ සමගයි..?
නැහැ… මම කුඩාම කාලේ ඉඳන් වේදිකාවේ රඟන්නට ගත්තා… ළමා වේදිකා නිළියක ලෙස තමයි රංගනය ආරම්භ කළේ.., අනෙක රංගනය කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයි… මම කලාකාමී ෆොන්සේකා පවුලේ බඩපිස්සි, අක්කලා, අයියලා සේරම වාගේ කලාවට යොමුවෙද්දි ඉබේටම වාගේ මමත් එයට යොමුවුණා.

‘මඩොල් දූවේ,’ ‘පෙරකදෝරු දියණිය’ගේ චරිතය ඔබට ලැබුණෙ ලොකු අක්කා මාලිනී නිසයි..?
නැහැ.., සම්පූර්ණයෙන්ම එය වැරැදි අදහසක්. ‘මඩොල් දූවේ,’ ‘පෙරකදෝරුවගේ දුව’ සඳහා මාව තෝර ගත්තේ ඔඩිෂන් හරහායි. ඒ දවස්වල පත්තරේ දැන්වීමක් තිබුණා ‘මඩොල් දූව’ චිත්‍රපටය සඳහා අලුත් මුහුණු අවශ්‍යයි කියා… එතකොට මට අවුරුදු පහළොවයි.. ආස හිතුණා අයැදුම්පත් දාන්න… හේතු දෙකක් එයට මුල්වුණා… එකක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපටයක්… අනෙක හරිම ආසාවෙන් කියවපු ළමා නවකතාවක් ලෙස ‘මඩොල් දූව’ ගැන මගේ හිතට දැනුණු හැඟීම.

‘මඩොල් දූව’ සඳහා ඔඩිෂන් එකට සහභාගි වුණේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ බාලම නංගි ලෙසින්ද..?
එතකොට මාලනී අක්ක ජනප්‍රිය නිළියක් වෙලා හිටියත්, ඒ නාමය මත නෙවෙයි මම ගියේ… ඇගේ නම හරහා චරිතය ලබාගන්නට හෝ එය අත්උදව්වක් කරගන්නට හිතුවේ නැහැ… මම ඔවුන් හමුවේ අසුන් ගත්තේ ‘දමයන්ති ප්‍රියලතා ෆොන්සේකා’ ලෙස පමණයි… මම සිනමා නිළි මාලිනී ෆොන්සේකාගේ සහෝදරියක් බව කිසිවකු දැන සිටියේ නැහැ.

කොහොම හරි ඔබ එයින් සමත්වුණා..?
ඔව්… ඉන්ටර්වීව් එකට සහභාගි වී දින කිහිපයකින් මාව තෝරාගත් බවට ලියුම ලැබුණා… පුංචි චරිතයක් වුණත් ඉහත මා සඳහන් කළ කාරණා නිසා මට ඒ රංගනය ගැන ලොකු සතුටක්, තෘප්තියක් දැනුණා.

එතැනින් පසු ඔබ චිත්‍රපට රංගනයට තිත තැබුවේ ඇයි කියා ඇහුවොත්..?
තිත තැබුවේ නැහැ.., අවංකවම කියනවා නම් ‘මඩොල් දූවෙ’න් පසු මට චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණේ නැහැ.

ඒ ගැන කනගාටුවක හිටියද ඔබ..?
නැහැ… මට කිසිම කනගාටුවක් දැනුණෙ නැහැ. මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා ගුරුවරියක වෙන්න. අන්න ඒ හීනේ තුළ අධ්‍යාපනයෙන් පසු කල් ගෙව්වා කිවුවොත් හරියටම හරි.

ගුරු සිහිනය සැබෑ නොවුණෙ ඇයි කියල ඇහුවොත්..?
ගුරු පත්වීම් ලැබුණේ දුෂ්කර පළාත්වලට… අම්මා ඇතුළුව පවුලේ කිසිවකු එයට මනාප වුණේ නැහැ.

ඉන්පස්සේ යෞවනියක ලෙස ඔබ නැවැත රංගනයට ආවා..?
නැහැ… මට රැකියාවක නියැළෙන ආසාවක් තිබුණා. ඒ වෙනුවෙන් විදේශ රටවලට පවා ගියා… ඇමෙරිකාව, එංගලන්තය, ඉතාලිය යන රටවලට පවා ගියේ රැකියාවකට යොමු වන අරමුණෙන්.

හිතට හරියන යමක් ඔබට ලැබුණෙ නැහැ මං හිතන්නේ..?
ඔව්… හිතට හරියන සාර්ථක යමක් ලැබුණේ නැහැ.

නැවැත ලංකාවට ආවේ නිළියක වීමේ බලාපොරො ත්තුවෙන්ද ඔබ..?
නැහැ… එහෙම අදහසක් තිබුණේ නැහැ. හැබැයි ලංකාවට ආව අලුතම වාගේ ටෝනි රණසිංහ මහතාගේ වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබුණා.

ඔබ ඒ ආරාධනය බාරගත්තා..?
ඔව්… හරිම සතුටින් බාරගත්තා… වේදිකාව කියන්නේ මම බොහොම ප්‍රිය කළ තැනක්නෙ ඉතින්.

නැවැත චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණේ..?
නිශාන්ත ද අල්විස්ගේ ‘දොළොස් මහේ පහන’ තුළින් තමයි මගේ චිත්‍රපට රංගනය නැවැත ආරම්භ වුණේ.

ඉන්පස්සේ ඔබ දිගින් දිගටම මැදිවුණේ වාණිජ චිත්‍රපට රැල්ලටයි..?
මම මැදිවුණේ නැහැ.., මට ලැබුණු ආරාධනා මම පිළිගත්තාය කිව්වොත් හරි.

යසපාලිත නානායක්කාරගේ ‘යුක්තියද, ශක්තියද’ ඔබව ජනප්‍රිය නිළියක් කළා..?
ඔව්… මං හිතන්නේ, ඒ කාලේ රංගනයෙන් දායක වූ ‘යුක්තියද ශක්තියද’ සහ ‘ශක්තිය ඔබයි අම්මේ’ යන චිත්‍රපට බොහෝ ජනප්‍රිය වුණා.

ආලින්දයේ සිනමාව ජයගත්තේ තිලක් ගුණවර්ධනගේ ‘කුමාරි හාමි’ තුළින්..?
ඒ ටෙලිවිෂන් එක ලංකාවට ආපුම අලුත වාගේ තමයි ‘කුමාරිහාමි’ ටෙලි නාට්‍යය මට ලැබුණේ. හරිම සතුටින් කළ චරිත රංගනයක්. එහි මා සමග බොහෝ ප්‍රවීණයන් රංගනයෙන් දායක වුණා. ඇත්තමයි පුදුමාකාර විදියට ප්‍රේක්‍ෂකයන් ‘කුමාරිහාමි’ට සමීප වුණා.

හොඳම නිළිය සඳහාද ඔබ ‘කුමාරිහාමි’ වෙනුවෙන් නොමිනේට් වුණා..?
ඔව්… ඒක මගේ හිතට ලොකු සතුටක් වාගෙම අහිංසක ආඩම්බරයක් වුණා.

එම සම්මානය හිමිවිය යුතුව තිබුණෙ ඔබට නොවේදැයි කියලා එදා හිතුණෙ නැද්ද..?
සම්මාන විනිශ්චය කියන්නේ ජුරියේ තීරණයයි. සම්මාන සඳහා යෝජනාවන්නන් ඒ විනිශ්චයට හිස නැමිය යුතුයි. අනෙක සම්මානයක් ලැබෙන්නේ එක් අයකුට පමණයි… දහදෙනෙකු සතුටු කිරීම සඳහා එය බෙදා දිය යුතු යැයි සම්මානයක් නැහැ.

‘කුමාරිහාමි’ රංගනයෙන් පසු ඔබ ටෙලි වැස්සකට හසුවුණා..?
ඔව්… විවිධ චරිත ඔස්සේ ඉතාම ජනප්‍රිය ටෙලිකතා රැසකට මම රංගනයෙන් දායක වුණා. ඒ අතර රන්මසු උයන, සත්මහල, ටිකිරි නිළමේ විශේෂයි. ඒ විතරක් නෙවෙයි, චිත්‍රපට සහ වේදිකාව තුළද මම රංගනයෙන් බොහෝ කාර්යබහුල වූ කාලයක් තමයි ඒක.

මතකයේ හැටියට 91න් පසුව ඔබ රංගනයෙන් මඳකට ඈත් වුණා..?
එයට ප්‍රධානම හේතුවක් වුණේ ප්‍රසන්නගේ නිර්මාණකරණය සඳහා සහයෝගය දෙන්නට මට ඕනෑ වුණා. තිරෙන් පිටුපස සිට ඔහුට සහාය දෙන අතර ඔහුගේ නිර්මාණකරණය හරහා මම ඉගෙනගත්ත දේවල්ද බොහොමයක් තිබුණා. පවුරු වළලු, පුරහඳ කළුවර කියන්නේ ඒ නිර්මාණකරණයෙහි ඉතාම සුවිශේෂී තැන්.

ඒ තැන්වලදී බොහෝ චරිත නිරූපණයන් සඳහා ඔබට පැමිණි අවස්ථාවන් මගහැරුණා..?
ඔව්… එය එලෙස කරන්නට සිදුවුණා. මොකද.., මම බාරගත්ත යමක් හරියටම කරන කෙනෙක්. හැමදේම බදාගන්න ගිහින් එක වැඩක්වත් හරියට නොකෙරේවිය යන අදහස මා තුළ වූ නිසා වෙන්නැති මම හිතන්නේ ඒ මගහැරීම සිදුවුණේ.

ප්‍රසන්න විතානගේ සමග කලා කටයුතුවල නියැළීම තුළ ඔබට අපහසුතා ඇති වූ අවස්ථා තිබුණේ නැද්ද?
නැහැ… ප්‍රසන්න සමග වැඩ කිරීම අපහසු නැහැ… මොකද ඔහු හරිම සැලැසුම්සහගතයි. ඔහුගේ මූලිකත්වය, ඔහුගේ නායකත්වය හරිම පැහැදිලි මගක හැමදාමත් තිබුණු නිසා ඔහු සමග නිර්මාණකරණයෙහි නියැළීම මට විතරක් නෙවෙයි ඕනෑම කලාකරුවෙකුට අපහසුවක් නොවන බව විශ්වාසයි.

ටෙලි රංගන කලාවේදී ඔබ කළ සමහර චරිත, ඔබේ වයසට වඩා වැඩිහිටි බවක් ඉසිලුවා..?
එය එලෙස සිදුවුණේ නාලන් මෙන්ඩිස්ගේ ‘සෙනෙහසට ආදරෙයි’ ටෙලිනාට්‍ය හරහායි. ඔහුට එහි තිරපිටපතට අනුව ඕනෑ වුණේ අඩු වයසින් විවාහයට මැදිවූ තරුණියකගේ පෙනුමක්, කතාවේ හැටියට ඉතාම ළාබාල වියේදී විවාහ වන ඒ තරුණියගේ සැමියා හදිසියේ ඇයව අතහැර යනවා.., පසුව ඈ තනිවන්නේ ගැහැනු දරුවන් තිදෙනෙකුගේ අම්මා ලෙසයි. දරුවන් තරුණ වන විට අම්මාද තරුණව සිටිය යුතු පෙනුමක චරිතයක් තමයි නාලන් මෙන්ඩිස්ගේ ඔළුවේ තිබුණේ. ඒ නිසා එම ටෙලියෙහි තරුණ දූවරුන් කිහිපදෙනෙකුගේ අම්මා වෙනුවෙන් මගේ පෙනුම ඔහුට හරිගියා මං හිතන්නේ.

ඉන්පස්සේ එවැනි චරිත කිහිපයකම වාගේ නිර්මාණ ඔබ වෙත ආවා..?
ඔව්… හිතන විදියට සිදුවුණේ එයයි… හැබැයි ඒ ගැන අකැමැත්තක් මගේ හිතේ නැහැ… එයට හේතුව මට ලැබුණු හැම අම්මා කෙනෙකුගේම චරිත හරිම හැඟීම්බරයි… ඒ හැම අම්මාටම එම චරිත තුළ ඉටුකරන්නට වැදගත් කාර්යභාරයක් තිබුණා… ඒ කාර්යභාරය තුළින් සමාජය තුළ වෙසෙන හැම අම්මා කෙනෙකුටම ගතහැකි හොඳ පාඩමක්ද තිබුණා.

මෑතකදී නම් ඔබ ඒ ‘අම්මාවරුන්ව’ නියෝජනය කළවගක් රූපවාහිනී තිරය මත දුටුවේ නැහැ..?
නියෝජනය කරන්න එහෙම අම්මලා අද ටෙලිකතාවල ඉන්නවද..? ඔබම හිතලා බලන්න ටිකක්.., ‘හිතට දැනෙන අම්මෙක්’ ඔබ දැක්වූ ඔය මෑත කාලයේ ටෙලිනාට්‍යයක හිටියද කියලා. කොහෙත්ම නැහැ… සමාජය තුළ එහෙම ‘අම්මා’වරු හිටියට හොඳ අම්මාවරු ගැන කියන ‘නිර්මාණ හෝ චරිත’ අද නැහැ. කියන්න කනගාටුයි අද ටෙලිකතාවල අම්මලාට තියෙන තැන බොහෝවිට හරිම දියාරුයි.’ තවත් යමක් කිවයුතුයි, හොඳයි කියන මට්ටමේ සිටින චරිතයක නළුවන් හෝ නිළියන් තමන් වෙනුවෙන් ලැබෙන චරිතය තමාට වැඩිය මහලුය, වැඩිහිටිය කියන හැඟීම හිතට ගන්නේ නැහැ. ඔවුනට අවැසි වන්නේ, යමක් කළ හැකි හෝ කතාබහට ලක්වන්නට සුදුසු යැයි’ කියන හොඳ නිර්මාණයන් සහ චරිත මිසක එහි දිග-පළල නෙවෙයි. ‘පරසතු මල්’හී ‘බොනී’ මහත්තයාගේ චරිතය රඟපාන විට ගාමිණි ෆොන්සේකාගේ වයස අවුරුදු 23යි, නමුත් රඟපෑ චරිතය නිමාවන්නේ එහි ඔහුගේ චරිතයට අනුව අවුරුදු 60 – 65ට ආසන්න වූ පසුවයි. ඒ නිදසුන මේ කාරණය සඳහා හොඳටම සෑහෙනවා.

ඔබට කිසිවිටෙක සිනමාවේ හෙළ රැජිනිය… මාලිනී ෆොන්සේකා වීමේ දොළක් පහළ වූයේ නැද්ද?
නැහැ… කවදාකවත් මම මාලිනී අක්ක වෙනවාය කියා හීනෙකින්වත් හිතුවේ නැහැ. මට එය කරන්නටත් බැරි වේවි. ඒ තරමට ඔබ කීවා වගේම ඈ අග්‍රගණ්‍යයයි. ඒ වගේම මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා කියන චරිතය තුළින් මිදෙන්නට මා තරමට උත්සාහ දැරූ අයෙක් තවත් නැතුව ඇති… අපේ පවුලේ සහෝදරියන් අතර මා තරම් ඇයට සමානකම් දක්වන ස්වරූපයක් තවත් නැහැ. නමුත් හැකියාවෙන් කිසිසේත්ම මම ඇයට සමවන්නේ නැහැ. අනෙක හැමදාමත් මම උත්සාහ කළේ… මා තුළ වූ අනන්‍යතාවය හරහා මාව දකින්නයි… ‘දමයන්ති ප්‍රියලතා ෆොන්සේකාම වෙන්නටයි. ඒ හැඟීම තුළ මම අත්විඳින නිදහස සහ සැහැල්ලුව අපිරිමිතයි.

ඔබ තුළ බලාපොරොත්තුවක්ව තිබූ ‘ගුරු’ හීනය වියැකී ගියා… ඒ ගුරුවරිය ගැන ඔබට දුකක් නැද්ද..?
මෙහෙමයි… අද මම සිටින තැන ගැන තෘප්තිමත්ව සිටිනවා. ඒ නිසා ‘ගුරුවරිය’ ගැන පසුතැවීමක් නැහැ.., එලෙසම… මගේ අම්මා ගුරුවරියක ලෙස මා තුළ වූ බලාපොරොත්තුව ඉටුකර ගන්නට මට උදව් කළා… ඒ ගමේ අහලපහළ දරු දැරියනට උගන්වන්න අවස්ථාව සලසා දීම තුළින්. මට මතක හැටියට අවුරුදු පහක් පමණ මම ‘පුංචි ටීචර්ගේ’ තනතුර තුළ දවස ගෙව්වා. අදත් එය සිහිකොට සතුටු වෙනවා.., දමයන්ති ෆොන්සේකා කියන රංගනවේදිනිය ගැනද මා අත්විඳින සතුට අප්‍රමාණයි.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව විහිලුවක් වෙයි! රටේ ආර්ථිකය ගැන තියන්න ගිය විවාදයට මන්ත්‍රීවරු කවුරුවත් නෑ! (VIDEO)

Next Post

කලා ලෝකයේ විප්ලවකාරී පවුල් දෙකක් එකතු වෙන්න ලෑස්තියි! ගාමිණීගේ මුනුපුරයි පණීභාරතගේ මිනිපිරියි කසාද බඳින්න තීන්දු කරයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.