• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලැබෙන්නෙම වියපත් චරිත… සමහර වෙලාවට මට දෙන්න උත්තරත් නෑ…

December 25, 2021
in Heart
Reading Time: 6 mins read
A A
ලැබෙන්නෙම වියපත් චරිත… සමහර වෙලාවට මට දෙන්න උත්තරත් නෑ…
Share on WhatsAppShare on Facebook

සම්මාන අහිමි වුණා කියලා හිතේ කහටක් නෑ…
බාරගන්නවා නෙවෙයි හොයාගෙන එන්නේ අම්මලාගේ චරිත වලට…
මම සම්මාන ප්‍රදානයන් ගැන විවේචනය කරන්නේ නැහැ…

හාපුරා කියා… රංගනයට පිවිසෙන සන්දියේම ප්‍රවීණයන් සමග ගැටෙන්නට වාසනාව ලද ඈ… ‘මීනා කුමාරි පෙරේරා’ නම් විය. ටෙලි තරු අතර තරුවක් පමණක්ම නොවූ මීනා ගැන කතා කරන්නට නිර්මාණ අතළොස්සක් පමණක් හොඳටම සෑහේය. ඒ නිර්මාණ අතළොස්ස අතර.., ‘ට්‍රෝජන් කාන්තාවෝ’ වේදිකා නාට්‍යයත්, වසූදා, තුන්බිය, ජීවිතයට ඉඩ දෙන්න සහ මිහිමඬල ගිනිවදී යන ටෙලිනාට්‍ය කිහිපයත් අති විශේෂය. කොහොමත් ටෙලි තිරයට මීනා නැතුවම බැරිවාගේය.., හැමදාමත් වාගේ කොයිම හෝ චැනලයකින් ඈ ආලින්දයට එබී සිනාසෙන්නේ ඒකය.., මේ දවස්වලද මීනා රූපවාහිනී සේවා පහක් ඔස්සේ විවිධ රසයට රසිකයින් අමන්දානන්දයට පත්කරමින් සිටින්නීය. එච්චරට වාසනාවක් වූ මීනා එක්ක සුහද කතාබහක පැටලෙන්නට ‘මව්රට’ අපට සිත්විය. ඒ සිතුවිල්ලට ඇගෙන් ලද ප්‍රතිචාරය හරි සුහද විය. අඩුතරමින් අකුරු එකිනෙක… මේ පෙළ ගැසෙන්නේ ඒ සුහද බවේ මිහිරි ඵලයයි…

ඉතින් මීනා… කොහොමද සුවදුක්… මොනවද ඔබේ අලුත් තොරතුරු..?
ඉතාම සුවෙන් දවස ගෙවනවා. අලුත් තොරතුරු නම් සතුටුදායකයි. ඒ මොකද කියනව නම්… කොරෝනා විරාමය නිසා නවත්වලා තිබ්බ ටෙලි දෙකකම රූගත කිරීම් ආරම්භ වුණා. ඒ අතර රූගත කිරීම් අවසන් වූ ටෙලි කතා කිහිපයක්ම විකාශය වෙනවා. තව අලුත් ටෙලිනාට්‍යයක් සඳහාද ගිවිසුම් අස්සන් කිරීමට නියමිතයි.

රූපවාහිනී සේවා කිහිපයකම ඔබ හැම සවස්යාමයකම පෙනී සිටිනවා..?
ඔව්… අම්මලා හතර දෙනෙකු සහ කන්‍යා සොහොයුරියක ලෙස මම රංගනයෙහි යෙදෙනවා. අම්මලා හතර දෙනාගේ චරිත තරාතිරම් සහ ස්වභාවයන් අනුව එකිනෙකට වෙනස්… ‘රැල්ල වෙරළට ආදරෙයි’ හී කන්‍යා සොහොයුරියගේ චරිතය මට ඉතා සුවිශේෂයි.

‘මීනා ඔබ හරි ලකී’ නේදැයි කියලා කිසිවෙකු ඔබෙන් ඇසුවොත්..?
මම උත්තර දෙනවා ‘ඔව්…’ මම හරි ලකී කියලා. ඒකට හේතුව, රංගනවේදිනියක් කාර්යබහුලයි කියන්නේ එය ඇගේ වාසනාවක් වන නිසයි.

සෙට් එකේදී කා සමගත් ඔබ හරි සුහදව වැඩ කරන්න දක්‍ෂයි?
ඔව්… හැම තැනකම වාගේ මා ගැන එහෙම කතාවකුත් ගෙතිලා තියෙනවා මං හිතන්නේ.

පිටපිට ටෙලි පිටපත් ලැබෙන්නට එය හේතුවක් නෙවෙයිද?
එයත් හේතුවක් වෙනවා ඇති… නමුත් සුවිශේෂීම හේතුව වන්නේ… මාව සොයා එන නිර්මාණකරුවන් මා වෙතින් ඔවුන් සොයන චරිතය හොඳින් දැකබලා ගැනීමයි.
ඒ වාගේම මීනා කුමාරි එය හරියටම කරාවි යැයි යන විශ්වාසය තුළද ඔවුන් සිය තිර පිටපත මට බාර දෙනවා ඇති.

බොහොමයක් වූ ප්‍රවීණයන් ඔබව සොයා එන්න ගත්තේ… ‘තුන්බිය’ ටෙලි කතාවට පසුවයි..?
ඒ නිගමනය බොහෝ දුරට හරි.., ආරියරත්න ඇතුගල නම් ප්‍රවීණ නිර්මාණකරුට මම අදත් ස්තුති කරනවා. ‘තුන්බිය’ ටෙලි කතාවේ චරිතය මට දෙන්නට තරම් මා ගැන විශ්වාසය තැබීම ගැන.

‘තුන්බිය’ හරහා ඔබ කළ විශිෂ්ට මෙහෙවර යම් ජූරියක් විසින් හෑල්ලුවට ලක් කළා..?
මම සම්මාන ප්‍රදානයන් ගැන විවේචනය කරන්නේ නැහැ. මට එය ලැබිය යුතුයි කියා මමම මා ගැන පාරට්ටු කිරීම සදාචාරාත්මක නැහැ. හොඳම නැඟී එන නිළිය වෙනුවෙන් මා රඟපෑ ප්‍රථම ටෙලි චරිතය නොමිනේට් වීමත් මට ලොකු ගෞරවයක්.

විශ්වවිද්‍යාල සංගම් සහ ධර්මසිරි බණ්ඩාරනායක නම් ප්‍රවීණ නිර්මාණකරුවාද එම සම්මානය ඔබට ලැබිය යුතුමයි යන මතය තුළ තම අදහස් කියා පෑවා?
ඔව්… යම් කතාබහක් එදා ඒ විදියට ඇති වුණා මතකයි. නමුත් මම එයට කලබල වුණේ නැහැ. උගතුන් පිරිසක් එම ආන්දෝලනය ඇති කිරීමට උත්සාහ ගැනීම වාගේම ධර්මසිරි බණ්ඩාරනායක වැනි උසස් නිර්මාණකරුවකු මගේ රංගන හැකියාව අගය කිරීමත් මා ලද ලොකුම සම්මානයයි. ඉතින් ‘නැගී එන හොඳම නිළිය සම්මානයට’ මට අහිමිව යෑම ගැන මම දුක්වන්නේ ඇයි.

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘සඳා’ ටෙලි කතාවේ ‘අම්මාගේ’ චරිතයටද ඒ අසාධාරණයම සිදුවූවා..?
‘සඳා’ හී ‘අම්මා’ව හොඳම නිළි සම්මානය සඳහා නොමිනේට් වුණා. නමුත් එයද මට අහිමි වුණා… ඒ ගැන මා තුළ කහටක් නැහැ. සම්මානය හිමිවූ අය මං තරම් දක්‍ෂ නැහැ කියලා පුවත් පතකට කියන්නට තරම් මට බොළඳ වෙන්න බැහැ.

එදා ඒ විනිශ්චය මඬුල්ලේ සිටි සමහර පිරිස් පවා ඔබ අසලට පැමිණ කනගාටුව ප්‍රකාශ කළා..?
ඔව්… එදා එවැන්නක් සිදුවුණා… එතැනදී මා ගැන මට ලොකු සතුටක් සහ අභිමානයක් ඇති වුණා. කිසිවෙකු විවේචනය කරනවාට වැඩිය ඒ සතුට තුළ මා ලද ආශ්වාදය මට හුඟක් වටිනවා.

ඔබ රංගනයට අවතීර්ණ වූයේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ හරහායි?
මම ඉගෙනගත්තේ විශාකා විදුහලේ. එහිදී මම රංගනය, නර්තනය සහ සංගීතය යන විෂයන් තුන ප්‍රගුණ කළා. හොඳම නිළියට පවා සම්මාන ගත්තා. අධ්‍යාපනයෙන් පසුව මා ගුවන් හමුදා සේවයට බැඳුණා. එතැනදී මම ප්‍රවීණ නිර්මාණකරු සුගතපාල ද සිල්වාගේ ‘ශාන්තුවර සෙබළාණෝ’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා.‘ට්‍රෝජන් කාන්තාවෝ’ වේදිකා නාට්‍යයට මම සම්බන්ධ වුණේ ගුවන් හමුදා සේවයෙන් ඉවත්ව පැමිණි පසුවයි.

ප්‍රවීණ නිර්මාණකරු ධර්මසිරි බණ්ඩාරනායක ‘ට්‍රෝජන් කාන්තාවෝ’ වෙනුවෙන් ඔබව සොයා ආවේ ඔබ ඔහුගේ ලේලිය වූ නිසාද?
සම්පූර්ණ වැරැදි අදහසක්. ඔහු වැනි ප්‍රවීණයකු එවැන්නක් කරනවා තබා හිතන්නේවත් නැහැ. ඔහු ‘ට්‍රෝජන් කාන්තාවෝ’ වෙනුවෙන් සොයා ආවේ එයට මා සුදුසු යැයි හැඟුණු නිසයි. ඔහු ඔහුට හිමි නිර්මාණශීලීත්වය ඉතා පරෙස්සමට මෙහෙය වන්නෙක්.

ටෙලි තිරය තුළ ඔබ පමණට වඩා වියපත් චරිත බාර ගන්නේ ඇයි?
බාර ගන්නවා නෙවෙයි, බොහෝ නිර්මාණකරුවන් මාව සොයාගෙන එන්නේ ‘අම්මලා’ගේ චරිත සමගමයි.., මම ඉතින් ඒවා රිජෙක්ට් නොකර බාර ගන්නවා. ඒ අහැම ‘අම්මා’ කෙනෙකුගේම චරිත තුළ කුමක් හෝ කියැවිය යුතු යමක් තිබුණා. එය කියවන්නට මා ප්‍රිය කළා. අනෙක ඇතැම් ප්‍රවීණ අධ්‍යක්‍ෂවරුන් තිර පිටපත් තුළ සටහන් කළේ තමාගේ අම්මාගේ චරිත කතාවයි. සද්ධා මංගලසූරිය බණ්ඩාර නම් ප්‍රවීණ කලාකරුවා ‘නාඩගම්කාරයෝ’හී මාස්ටර් ලෙස චරිතයක් මැව්වේ ඔහුගේ තාත්තාගේ සෙනෙහෙවන්ත චරිතය අනුවයි. ඔහු ඒ සඳහා හරි අපූරුවට ප්‍රසන්නජිත්ව මෙහෙයවූවා. ඔහුගේ බිරියගේ චරිතය මාද ඉතාම සතුටින් කළා.

පමණට වඩා වියපත් චරිත නිරූපණයන් ඔබ තුළ කනගාටුවක් ඇති කරන්නේ නැද්ද?
කනගාටුවක් නැහැ… හැබැයි එයින් ටිකක් ඔබ්බට යන්නට පුළුවන් නම් හොඳයි. බොහෝ අය මගෙන් අහනවා ‘ඇයි… ඔයා හැමදාම ‘අම්මට’ කොටුවෙලා ඉන්නේ කියලා. මට ඉතින් බොහෝ විට එයට උත්තරයක් නැහැ දෙන්නට.

‘වසුදා’ නෙවෙයිද ඔබට ඒ වියපත් චරිත ආරම්භය දුන්නේ?
බොහෝ විට එය ඊට හේතුවක් වන්නට ඇති. මොකද ‘වසුදා’ගේ චරිතය අවුරුදු 16 සිට හැට ගණන් දක්වා දිවයන්නක්.., ප්‍රේක්‍ෂකයන් ‘වසුදා’ට වඩාත්ම සමීප වූයේ වියපත් චරිත හරහායි. කොණ්ඩය බාගෙට බෙල්ලට බැඳලා, කණ්ණාඩි දාලා, ඔසරිය ඇඳලා හෙමින් හෙමින් ඇවිදගෙන යන අතපයද නිසි ලෙස හසුරුවන තැන්පත් ‘වසුදා’ ප්‍රේක්‍ෂකයන්ගේ සිත් අපූරුවට ග්‍රහණය කරගත්තා. සමහර තරුණ කාන්තාවන් මට ලියුම් එව්වා. ඔවුන් ‘වසුදා’ට තම තමන්ගේ පරමාදර්ශී චරිත බවට පත්කර ගත්තා. ඔවුන් ඒ එවපු ලියුම් මා ළඟ තවම තියෙනවා. අනෙක ‘වසුදා’ගේ වියපත් චරිත නිරූපණය තුළ මා තනාගත් ප්‍රතිරූපය ඉතා ඉහළයි. අදටත් මගතොටදී බොහෝදෙනා මා අමතන්නේ ‘ඔයා වසුදා නේද..?’ කියලයි. ඉතින්… වියපත් චරිත රාමුවකට මා කොටුකරන්නට පසුබිම සැකසුවත් මම ‘වසුදා’ සමග තරහා නැහැ. මම ඇයට බොහෝ ප්‍රිය කරනවා අදටත්.

‘ජීවිතයට ඉඩ දෙන්න’ තුළින්ද ඔබ විශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබුවා?
සත්තකින්ම… ආනන්ද අබේනායක නම් ඒ විශිෂ්ට ගණයේ නිර්මාණකරුවා මා ඒ වෙනුවෙන් තෝරා ගැනීම මට විශාල ගෞරවයක්. බොහෝ ප්‍රවීණයන්ගේ ඇසුර මට එතැනදී ලැබුණා. චාන්දනී සෙනෙවිරත්න, අයිරාංගනී සේරසිංහ ඒ අතර විශේෂයි. මේ දවස්වල අයිරාංගනී සේරසිංහ මහත්මිය අසනීපයෙන් පසුවෙනවා. ඇයට නිරෝගී සුවය පතන්නට මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වාගෙම තව කිවයුතු යමක් තියෙනවා. ඒ අමතක නොකළ යුතු නිර්මාණකරුවකු ගැනයි. ඔහු පරාක්‍රම නිරිඇල්ල, පරාක්‍රම නිරිඇල්ල නම් ගුණාත්මක නිර්මාණකරු ‘මිහිමඬල ගිනිවදී’ නම් ටෙලි නිර්මාණය තුළ මට දුන් කාර්යභාරය මම බොහෝ තුටු සිතින් අගය කරනවා. රැල්ලක් වී ඇති නවතම මෙගා කලාව තුළ ඔහු වැනි ප්‍රවීණයන් සියල්ල අතහැර දමා සිටීම ඇත්තෙන්ම කනගාටුවක්.

ඔබේ යොවුන් දියණිය රංගනය සඳහා සුදුසුයි නම් ඔබ ඇයට ඒ සඳහා සහාය දෙනවාද?
තෝරා ගැනීම ඈ සතු කැමැත්ත වේවි… කොහොමත් ඇයට ඒ සඳහා හැකියාවක් තියෙනවා. ඒ නිසයි ඇගේ සීයා ඈ ඉතා කුඩා කාලෙදි ඇයව ‘ට්‍රෝජන් කාන්තාවෝ’ සඳහා තෝරා ගත්තේ.

ඔබේ අඩුපාඩු පෙන්වන පළමු විචාරකයා ඇය නේද?
ඔව්… ඇය ඉතා අපූරුවට මට වැරැදුණු යම් තැන් පෙන්වා දෙනවා. මමද එයට සවන් දෙනවා. ඒ වගේම මගේ තාත්තාද මගේ අතින් රංගනයේදී සිදුවන අඩුලුහුඬු තැන් පෙන්වා දෙනවා. ඔහු හරිම කලාකාමී හිතක් ඇති සංවේදී පුද්ගලයෙක්. මා ඇතුළු ඔහුගේ අනෙක් දරුවන්වද කලාකාමී හිත් ඇති අය කරන්නට ඔහු ගත් වෙහෙස අප්‍රමාණයි.

-දමයන්ති රෙණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනපති හදිසියේම ලංකාවට ආවේ ආණ්ඩුව වෙනස් කරන්නද? වැඩ නොකරන දේශපාලඥයන් නිලධාරීන් ඉවතට! අලුත් ගමනක් සූදානම්! (VIDEO)

Next Post

ගම්මන්පිල විමල්ලාගෙන් හැලුණාද? නැතිනම් අයින් කළාද?

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.