දේශපාලනයයි සිනමාවයි කියන්නේ එක කාරණයක් නෙවෙයි. කාරණා දෙකක්. ඒ වගේම අන්ත දෙකක්. හැබැයි සිනමා තරු සහ ටෙලි තරු ඔය කාරණා දෙක එකට ඈඳගන්න ගිහින් හතරගාතේ දාලා ඇදවැටුණු අවස්ථා වාගෙම ඒ ඒ අයට ප්‍රිය කළ රසික රසිකාවන් හමුවේ නෝන්ඩි වුණු අවස්ථා එමටයි. අප්‍රසන්න චරිත වුණු අවස්ථාද එමටයි. (Sri Lanka Latest News)
මේ පින්තූරයේ තියෙන්නෙත් දේශපාලනයයි සිනමාව සහ කලාවයි එකට සම්බන්ධ වෙච්ච අවස්ථාවක්. හැබැයි මේ සීන් එකේ තියෙන්නේ නම් සිනමා තරු දේශපාලනයයි කලාවයි එකට සම්බන්ධ කරගත්ත සවුත්තු කතාවක් හෝ වරිගෙ නහගත්ත කතාවක් නෙවෙයි. මේ කතන්දරේ වෙනම එකක්.
මතකයි නේද ‘සුද්දිලාගේ කතාව’ ෆිල්ම් එක?
සුබ මොහොතේ ඒ සුවිශේෂ නිර්මාණයට ගිවිසුම් ගහපු කතාව තමයි මෙතැන තියෙන්නේ. ‘සුද්දිලාගේ කතාව’ සම්මානනීය නවකතාවක්. ඒක ලිව්වේ සම්මානනීය ගත්කරු සයිමන් නවගත්තේගමයි. ඒ සම්භාව්‍ය කතා පුවතින් ෆිල්ම් එකක් කරන්න අයිඩියා එක හිතට ගත්තේ ප්‍රවීණ සිනමාකරු ධර්මසිරි බණ්ඩාරනායකයි. සම්මානනීය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චිව සුද්දිගේ චරිතයට අපූරුවට ගැළපුණා. නිෂ්පාදන මෙහෙවර භාරගත්තේ බන්දුල ගුණවර්ධන. පින්තූරය දිහාවේ හොඳට බලන්න. ගිවිසුමට අස්සන ගහන ලස්සන ස්වර්ණා ළඟින් ඉඳගෙන චෙක් ෂර්ට් එකක් ඇඳලා ඉන්නේ බන්දුල ගුණවර්ධන. ඒ දවස්වල තරුණ කොල්ලො ෆැෂන් එකට රත්තරන් චේන් එක පේන්න බොත්තම් ටික බාගෙට ඇරගෙන ඉන්නවා. බන්දුලත් ඉන්නේ ඒ තාලෙට තමයි.
බොකුටු කොණ්ඩෙත් බම්ප් එක තියලා ජේත්තුවට පීරලා ඔහු ජැන්ඩියට ඉන්නවා.
බලනකොට ටිකක් පුදුමයි නේද? ඒ ඉන්නේ මේ බන්දුල ගුණවර්ධනමද කියලා. ඒ කාලේ ඔහු දේශපාලනයට වඩා ප්‍රසිද්ධ වෙලා හිටියේ ටියුෂන් ගුරුවරයෙක් විදියටයි. ඒ අතර චිත්‍රපට නිෂ්පාදනයටත් බන්දුල ගුණවර්ධන ප්‍රිය කළා. අද ඔහුගේ දේශපාලන මතිමතාන්තර කොහොම වුණත් මොකක් වුණත් ඔහු නොහිටින්න ‘සුද්දිලාගේ කතාව’ වාගේ සුවිශේෂ නිර්මාණයක් ධර්මසිරි බණ්ඩාරනායකයන් අතින් බිහි වෙන්නෙත් නැහැ.
දන්නවද මේ ෆොටෝ එකට වයස කීයද කියලා? මේකට වයස අවුරුදු 41යි. ෆොටෝ එක පරණ වුණාට ඒ සිදුවීම කොයි තරම් සුවිශේෂයිද? අමරණීයයිද? සුද්දිලාගේ කතාව තිරගත වුණේ 1984 අවුරුද්දේ. ගිවිසුම් ගහලා ෂූටිං පටන්ගත්තේ 1983දී. ෆොටෝ එක නම් මසුරං වටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු