නිසියාකාරව නිවාඩු අනුමත කරගැනීමකින් හෝ විශ්‍රාම යෑමකින් තොරව ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකා රජරට විශ්වවිiාලයේ කථිකාචාර්යවරු දෙදෙනකු හා මහාචාර්යවරයකුගේ මන්ත්‍රී ධුර අහෝසි කරන ලෙස ඉල්ලා නව ජනතා පෙරමුණ ඊයේ (17දා) මැතිවරණ කොමිසම වෙත ලිපියක් භාරදුන්නේය.Sri Lanka Latest News
අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු ශ්‍රී ලංකා රජරට විශ්වවිiාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ඩබ්ලිව්.එන්.යූ. ගුණසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ඩී.එන්.කේ. පලිහේන, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර යන මහත්වරුන් මේ අයුරින් විධිමත් ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර මහ මැතිවරණයට තරග කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන වගන්තිය උල්ලංඝනය කර ඇති බැවින් ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වීම නීති විරෝධී බව නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග, කොළඹ දිස්ත්‍රික් අනුශාසක සුනිල් කුමාර, නැඟෙනහිර කොළඹ සංවිධායක රුක්මන් ද සිල්වා යන මහත්වරු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මෙම ලිපිය භාරදී ඇත.










