ගෑස් පුපුරා යාම හේතුවෙන් සිරුරට ගිනි ඇවිලී මියගිය සිව් දරු මව වෙනුවෙන් නොමිලයේ පෙනී සිටින බව ජනාධිපති නීතීඥ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අනතුරෙන් මියගොස් සිටින මහනුවර ප‍්‍රදේශයේ පදිංචි අශෝකා පි‍්‍රයන්ගනී මහත්මියගේ සැමියා, මේ වන විටත්, ගෑස් සමාගමට එරෙහිව තමත් අධිකරණයට යන බව පවසා තිබේ.
මියගිය අශෝකා පි‍්‍රයන්ගනී මහත්මිය වෙනුවෙන් සාධාරණ වන්දියක් ලබා දීම සදහා තමන් ඇතුළු නීතීඥ කණ්ඩායමක් නොමිලයේ පෙනී සිටින බව නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා පවසා තිබේ.










