අද දින සිරිල් ගාමිණී පියතුමා අධිකරණයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේට සහාය පළ කරමින් පියතුමන්ලා විශාල පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටියහ.
එහිදී පැවැති නිහඩ විරෝධතාවට ප්‍රවීණ නිළි වීනා ජයකොඩි මහත්මියද එක්ව සිටියාය.
ඇය සදහන් කර සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබදව සොයන බව කියමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට එම විමර්ශන කටයුතු හරිහැටි සිදු නොකරන බවකි.
කාගෙන් ගැලවුණද දෙවියන් වහන්සේගෙන් ගැලවිය නොහැකි බව කී ජයකොඩි මහත්මිය මේ වනවිට මෙය සාපයක් බවට පත්ව ඇති බවද කියා සිටියාය.









