පළාත් පාලන මැතිවරණය සඳහා ලබාගත් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.Sri Lanka Latest News
එමෙන්ම ඒ මහතා සඳහන් කළේ, එළැඹෙන වසරේදී පළාත් පාලන මැතිවරණය පැවත්වීම සඳහා අදාළ පාර්ශව සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන් බවය.
“ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන්නා මේ පළාත් පාලන ඡන්ද වීමසීමේ නාම යෝජනා භාර අරගෙන, ඒ නාම යෝජනා භාර ගත්ත සමහර රජයේ සේවකයෝ එහෙම ඉන්න නිසා ඔවුන්ට රැකියාවට නිරතවීම සහ වෙනත් කටයුතුවලදී විවිධ දුෂ්කරතා පිළිබඳ විටින් විට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කරුණු ඉදිරිපත් වෙන නිසා නීතිපතිතුමාගෙන් අහලා දැනගෙන හා අනෙක් පක්ෂ සමග සාකච්ඡා කරලා නාමයෝජනා භාගෙන තිබෙන පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා අවසන් කරන්න. ඒ කියන්නේ ඒක අවලංගු කරන්න. දෙවනුව එතුමා සඳහන් කළා, පළාත්සභා ඡන්දය මේ තියෙන ආරවුල් ක්‍රමවේද නැතුව කලින් පැවතුන ක්‍රමවේදයට කාන්තා නියෝජනයත් ඇතිවන ආකාරයට පැවැති ක්‍රමවේදයට පළාත් සභා ඡන්දය ලබන වර්ෂය තුළ පවත්වන්න නීතිපතිතුමත්, මැතිවරණ කොමසාරිස්තුමත් පක්ෂ නායකයින් සමගත් සාකච්ඡාවක් ආරම්භ කරන්න කියලා, අග්‍රාමත්‍යවරයාට දැනුම්දීමක් කළා.”
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව ප්‍රජා කමිටු හරහා හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සංවර්ධනය වැඩ සිදු කිරීමේ අවස්ථාව ලබා දීම සදහා මෙසේ පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට සූදානම් වන බවකි.









