ගෝලීය පියයුරු පිළිකා මාසය නිමිති කර ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකාවන් විසින් නිර්මාණය කරන ලද අත්පළදනාවක් සහ ලාංඡනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.Sri Lanka Latest News
මෙම අවස්ථාවට ආණ්ඩුව මෙන්ම විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකාවන් ඇතුළු පිරිසක් ද එක් විය.
ඔක්තෝබර් මාසය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වන අතර දැනුවත්භාවය ඇති කිරීමත් පියයුරු පිළිකාවෙන් පීඩාවට පත් මිලියන සංඛ්‍යාත ජීවිතවලට ගෞරව කිරීමට සහ සැමට රැකවරණය සඳහා සාධාරණ ප්‍රවේශයක් වෙනුවෙන් ගෝලීය කැපවීම නැවත තහවුරු කිරීමත් අරමුණු කර ගෙන පියයුරු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරයි.














