• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහාවංශය වැරදියි කියලා ෆොන්සේකා එකපාරටම කිව්වේ ඇයි? වැරැද්දුවේ කව්ද?

December 15, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පළිගැනීමට එරෙහිව ෆොන්සේකා උසාවියට
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ මහා ඉතිහාස ග්‍රන්ථය වන්නේ මහාංවශය. මහාවංශය යනු බොහෝ කලක් තිස්සේ අප පරිශීලනය කරනු ලබන අපට පෙර කතා කියාදෙන මහා පුස්තකය බව සාමාන්‍යයෙන් නොදන්නා කෙනෙක් නැත. මහාවංශයේ පළමු පරිච්ඡේද 37 ගාථා 2,913කිනුත්, මුල් පරිච්ඡේද 05 දඹදිව බුදු සසුන ආරම්භයේ සිට තුන්වැනි ධර්ම සංඝායනාව දක්වාත්, පරිච්ඡේද 05 සිට 15 දක්වා පරිච්ඡේද 10 බුදු සසුන පිහිටුවීමට දායක වූ දේවානම්පියතිස්ස රජුගේ කාලය සඳහාත් වෙන්කොට තිබේ. පරිච්ඡේද 15 සිට 26 දක්වා බුදු සසුනේ චිරස්තිථිය සඳහා කැපවූ දුටුගැමුණු මහ රජතුමන් ගැන විස්තරයකි. 26-32 දක්වා පරිච්ඡේදවල දුටුගැමුණු රජුගේ සිට මහසෙන් රජු දක්වා රජවරු 43 දෙනකුගේ විස්තර ඇතුළත්ව ඇත. මේ කොටස මහානාම හිමියන් සිටි කාලය තුළ ලියැවුණේ යැයි ඉතිහාස පිළිබඳ දන්නා අය සඳහන් කරති.

13 වැනි සියවසේ වැඩසිටි ධම්මකිත්ති හිමියන් විසින් කරන ලද කොටස ලෙස මහසෙන් රජුගේ මහා පරාක්‍රමබාහු රජුගේ කාලය දක්වා පරිච්ඡේද රචනා වූ බව කියවේ. ඒ, පරිච්ඡේද 37 සිට 79 දක්වා කොටසයි. කර්තෘත්වය සොයාගත හැකි කොටසක් ලෙස මහා පරාක්‍රමබාහු රජුගේ සිට හතරවැනි පරාක්‍රමබාහු රජු දක්වා කොටසත්, තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් කරන ලදැයි සැලකෙන හතරවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ සිට ශ්‍රී වික්‍රම රජුගේ අවසන් දක්වා වූ කාලයද හඳුනාගත හැකිය. නමුත් ඉන් පසුව මහාවංශය සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් කරවන ලදැයි කියැවේ. මේ වන විට මහාවංශය අලුත් වෙමින් එහි වර්තමාන ඉතිහාසයද සඳහන් වෙමින් ඉදිරියට ගමන් කොට තිබේ. එය ඉතාම හොඳ කටයුත්තකි.

කෙසේ නමුදු මෙවර අභියෝගයට ලක්වන්නේ මහාවංශයයි. මහාවංශය අභියෝගයට ලක් කළ එකම අවස්ථාව මෙය නොවන බවද ඔබ අප සියලු දෙනාම දැනගත යුතු කාරණයකි. සාමාන්‍යයෙන් මහාවංශය යනු ඉතිහාස කතාවක් වුවද සමහරු කියන්නේ එය ඉතිහාස කතාවකටත් වඩා තම තමන්ගේ හිතවතුන් පසසන ලද එක්තරා ලියවිල්ලක් පමණක් බවය. විශේෂයෙන්ම දුටුගැමුණු රජු සඳහා පරිච්ඡේද කිහිපයක් වෙන් කිරීමත්, කාශ්‍යප රජු පේළියකින් දෙකකින් පසසා අවසන් කිරීමත්, මහසෙන් හිමියන්ගේ කෝන්තරයක ප්‍රතිඵලයක් බව සමහරුන්ගේ අදහසයි. නමුත් මේ වතාවේ පළමුවරට මහාවංශය ගැන කතාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙයි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්නා වූ අය පොත්පත් නොකියවන, අඩු දැනුමෙන් යුක්ත වූවන් බව පොදුවේ විශ්වාස කරන කාරණයකි. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම් ගැන හරියට සොයා බැලුවද මේ කාරණය පසක් වනු ඇත. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු පුස්තකාලය පරිශීලනය කරන මැති ඇමැතිවරු ඉන්නේ ඉතා සුළු පිරිසක් බව පාර්ලිමේන්තු පුස්තකාලයෙන් සොයාබැලූ විට දැනගත හැකි කාරණයකි. නමුත් මෙවර හිටපු හමුදාපතිවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව දැන් ඉන්නා සරත් ෆොන්සේකා මහත්තයා මහාවංශයෙහි වූ ඉතා අවුල්සහගත පරිච්ඡේදයක් ගැන කතා කරයි. ඒ, මහාවංශයේ 06 වැනි වෙළුමයි. සරත් ෆොන්සේකා මහත්තයාට අනුව 04 වැනි ඊළාම් යුද්ධය සඳහා මේ 06 වැනි වෙළුම වෙන්කොට තිබේ. පිටු 72ක වූ මේ සඳහන වැරැදි 76කින් යුක්ත බව ඔහු කියයි. සරත් ෆොන්සේකා මහත්තයාට අනුව ශවේන්ද්‍ර සිල්වාගේ නම මේ පොතේ මේ 72 තුළම දෙවරකට වඩා යෙදී නැත. කමල් ගුණරත්න ගැන සඳහන්ව ඇත්තේ පේළි 03ක් පමණි. ඉරණමඩු සහ මුරුන්කන් සටනට ශවේන්ද්‍ර සිල්වා නායකත්වය දුන් බව මේ මහාවංශය කෘතියේ සඳහන්ව තිබුණද, සරත් ෆොන්සේකා මහත්තයා කියන්නේ ශවේන්ද්‍ර සිල්වා එහි සටන් කර නොමැති බවයි. කමල් ගුණරත්න වැනි දක්ෂ රණශූරයකු ගැන පේළි 03කින් සඳහන් කොට ශ්‍රී ලංකා යුද්ධය ගැන සඳහන් කළ හැකිදැයි ඔහු ප්‍රශ්න කරයි. සරත් ෆොන්සේකා මාවිල්ආරු, තොප්පිගල අල්ලන්නට සටනට පැමිණි බව සටඳහන්ව ඇතිමුත් හමුදාපතිගේ මෙහෙයුම් හෝ බලය ගැන එහි සඳහන්ව නොමැති බවත් හමුදාපති ගනු ලැබූ පියවර නිසියාකාරව සඳහන් කිරීමට මහාවංශය කතුවරයා අපොහොසත්ව ඇති බවත් සරත් ෆොන්සේකාගේ සඳහනේ වැඩිදුරටත් කියැවේ.

ඒ අනුව මහාවංශය ‘මහා’ නොවී ‘පුංචි’ වී ඇතැයි එහි වූ ‘මහා’ බව නැති වී ඇතැයි සරත් ෆොන්සේකා කියන කාරණයයි. තවත් අපූරු සඳහනක් ගැන සරත් ෆොන්සේකා මහත්තයා කියන්නේ එය ලියුම්කරු වූ අපද මීට පෙර නොයෙක් තැන්වල සඳහන් කරන ලද කාරණයකි. එහි උතුරේ යුද්ධ යනුවෙන් සඳහන් කරන්නේ උතුර = යාපනය යනුවෙන් යැයි සරත් ෆොන්සේකාගේ මතයයි. උතුර යනු යාපනය නොවන බව බොහෝ විට අපේ රටේ ලියන්නන්ට කියන්නන්ට අමතක වන කාරණයකි. යාපනය යනු උතුරේ ඇති එක නගරයක් පමණි. උතුර ඊට වඩා බොහෝ විශාලය. උතුර ඊට වඩා බොහෝ වෙනස්කම්වලින් යුක්තවය. උතුර ඊට වඩා පුළුල් භූ විෂමතා සහිත කලාපයකි. නමුත් මේ කෘතියෙන්ද යාපනය අල්ලා ගැනීම යාපනයට පහරදීම උතුර අල්ලා ගැනීම, උතුරට පහරදීම ලෙස සඳහන් වීමත් සමග බරපතළ භාෂා ගැටලුවක් ඉතිහාසයට ඉතිරි වන බව සරත් ෆොන්සේකා කියයි. 383 වැනි පිටුවේත් යම් කිසි අවුල්සහගත බවක් ඇතැයි සරත් ෆොන්සේකා කියන අතර, ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ මරණය ගැන එහි සඳහන් කොට තිබීමම සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කරයි. නමුත් ඉතිහාසය තුළ ත්‍රස්තවාදීන්ගේ හෝ සටන්කාමීන් කිසිවකුගේ මරණයක් සඳහන් නොකළ යුත්තේ දැයි අප දන්නේ නැත. ඒ ගැන ඔහු ප්‍රශ්න කරන්නේ කුමන පදනමක් යටතේද, කුමන හේතුවක් යටතේද යන්න අපට නම් ප්‍රශ්නයකි. එසේම සමහර ආයතන පිහිටුවීම ගැන ඔවුන් ශ්‍රී ලංකා රජයට ස්තුති කොට තිබේ. ඒ, හමුදාවේ සුබසිද්ධිය උදෙසාත්, හමුදාවට අදාළ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල පහසුව සඳහාත් පිහිටුවූ පාසල්, අධ්‍යාපන ආයතන ආදී වූ විවිධ ආයතන ගැනය. සරත් ෆොන්සේකා මහතා කෙළින්ම කියන්නේ එහි ගෞරවය හිමිවිය යුත්තේ එවක සිටි ආණ්ඩුවට නොව එවක හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපතිතුමන්ට බවය.

බුද්ධි අංශ වැනි කාරණා යුද්ධයේ ඉතා ප්‍රබල කාරණා කිසිම ආකාරයකින් සඳහන් නොවන මෙය පොදු සාහිත්‍ය ග්‍රන්ථයක රසයක්වත් නැති නිකන්ම නිකන් ලියවිල්ලක් බව ඔහු කියනා විදියට අපට හිතෙයි. කෙසේ නමුත් නෝනාවරුනි, මහත්වරුනි ඉතිහාසය යනු ඔබට හෝ මට රුචි පරිදි වෙනස් කළ හැක්කක් නොවේ. ඉතිහාසය යනු කලින් සකසා නිමා කරන ලද අපට එහි ඇත්ත නැත්ත නොසොයාම කතාවක් ලෙස ලිවිය යුතු අපූරු දෙයකි. ඉතිහාසය විකෘති කිරීම බරපතළ ප්‍රශ්නයකි. පෙර සිටම අප ඉතිහාසය විකෘති කොට ඉතිහාසකාමයෙන් යුක්තව ජීවත් වන ජාතියක් වෙමු. මෙවරද ඒ වරද කර ඇත්නම් එය නිවැරැදි කරන්නට බලධාරීන්ට නෙත් සිත් පහළ වේවායි අප ප්‍රාර්ථනා කරමු. මහාවංශය මහා එකක් මිස පුංචි එකක් කොට එහි මහා බව නැතිකොට සරල වූ කල අපට ඉතිහාසයක්ද නැති වී යනු ඇත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දරු පස් දෙනා වන මැද තනිකර දැම්මේ…!
ලේ කිරි සුවඳ අමතක කරලද අම්මේ…!

Next Post

කුරුම්බා ගෙඩි 4ක් කඩන් බීපු තරුණයාව මරපු සැකකරු උසාවියෙන් නිදොස් කොට නිදහස් කරලා!

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.Sri Lanka Latest News ඒ අනුව,  මහ බැංකුව විසින් අද (09)...

Read more
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.