• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

වන්නියේ ඉපදිලා, යුරෝපය හොල්ලලා, දැන යාපනය අල්ලන්න හදන කෝටිපතියා කවුද මේ බාස්කරන් කන්දයියා…

November 29, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
වන්නියේ ඉපදිලා, යුරෝපය හොල්ලලා, දැන යාපනය අල්ලන්න හදන කෝටිපතියා කවුද මේ බාස්කරන් කන්දයියා…
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

මෙවර මගේ ගමනාන්තය උතුරු පෙනිසියුලාවෙන් දකුණට වන්නට නුවර යාපනය A9 මාර්ගය අතරවාරයේ පිහිටි කිලිනොච්චි දිස්ත්‍රික්කය කරාය. යාපනය අර්ධද්වීපයේ සංචාරය කරන බොහෝ දෙනාගේ තවත් එක් සංධිස්ථානයක් වන කිලිනොච්චිය වාර්ගික අර්බුදයෙන් බොහෝ සේ බැට කෑ ප්‍රදේශයක් වූ අතර සංවර්ධනයේ නව මංපෙත් විවර වෙමින් නැවත දියුණුව කරා ගමන්කරන උතුරු පළාතේ වූ තවත් එක් දිස්ත්‍රික්කයකි.

සංචාරක ආකර්ෂණය උදෙසා පැරණි කෝවිල් ලෙස ප්‍රධාන මාර්ගයට නුදුරෙන් දිස්වෙන කිලිනොච්චි කන්දසාමි කෝවිල, A9 මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙක් තම රථය නවතා ආශීර්වාද ලබාගන්නා මුරුකන්ඩි පිල්ලයාර් කෝවිල තවත් එක් සංධිස්ථානයක් වන අතර වරු ගණනාවක් යාපනය දෙසට ගමන් කරන බොහෝ බස් රථවල, වන්දනා නඩවල උදවියට රට කජු මල්ලක්, කොට්ට කිලිඟු, තැම්බූ තල් අල මෙන්ම වීර, පලු, දං ආදී පලතුරු මිලදීගත හැකි අපූරු ස්ථානයකි. තවද පුනරින් බළකොටුව, අක්කරායන් අවට ස්වභාව සෞන්දර්යය, කිලිනොච්චි සරසවිය හා සරසවි විහාරය, ඉරණමඩු ජලාශය, යුද සමයේ විවිධ සිහිකිරීම් උදෙසා ඉදිකළ සමරු හා හින්දු සංස්කෘතියේ ආහාරවල රස විඳගැනීමට ‘අම්මාච්චි’ හෙවත් උතුරේ හෙළ බොජුන් සංකල්පය හා හෝටල් බොහොමයක් වේ.

ඔය අතරින් ඉරණමඩු වැව පිහිටා ඇත්තේ කිලිනොච්චිය නගරයේ සිට කිලෝමීටර 8ක් දුරිනි. එය ශ්‍රී ලංකාවේ මිනිසා විසින් සාදන ලද විශාලතම ජලාශවලින් එකක් වන අතර වර්ග සැතපුම් 227ක ජල පෝෂක ප්‍රදේශයක් සහිත ජලාශයේ ජල ධාරිතාව දිස්ත්‍රික්කයේ වෙසෙන බොහෝ දෙනාගේ කෘෂිකර්මාන්තය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කරන තවත් එක් ආශීර්වාදයකි.

‘සහල් බෝලය’ නම් දරන මන්නාරමට නොදෙවැනි කෘෂිකාර්මික වපසරියක් හිමිකරගත් කිලිනොච්චියේ බොහෝ දෙනා ගොවිතැන තම ව්‍යවසාය කරගත්තෝය. වියළි කලාපීය භූවිෂමතා සහිත භූමියක් වුවත් අහස් දියෙන් හා ජලාශවල ජලයෙන් පෝෂණය වන ගොවිබිම් නිසාවෙන් මඟ දෙපස නෙත ගැටෙන එකම දසුන නම් තල් රුප්පාවන් අතරේ වූ ගව් ගානකට එහා විසුරුණු කුඹුරු යායවල්ය. මේ ඉසව්වන් පුරා බණ්ඩක්කා, මෑ, කැකිරි, අල වර්ග, කෙසෙල් හා පලා සහිත සුළු බෝග ඉන්දවූ ඉඩම්වල ඵලදාව එදිනෙදා පරිභෝජනය සඳහා මෙන්ම වෙළෙඳපොළ ඉලක්ක කර වගා කළ ඉඩම්ද බොහෝය.

යාල් ආගන්තුකයාගේ විචාරයට අනුව දකුණු රටේ බොහෝ සෙයින්ම ප්‍රචලිත කාබනික වගාව උතුරුකරයේ දැකීම වඩාත් දුර්ලභය. මන්ද වියළි කලාපීය ගොවිතැන් සම්ප්‍රදාය තෙත් කලාපීය ගොවිතැන හා සසඳන කල සුළු වශයෙන් හෝ වෙනස්කම් පැවැතීමය.

එසේ කාබනික වගාව උතුරේද ප්‍රචලිත කිරීමේ පියවරක් ලෙස ‘රීචා කාබනික ගොවිපළ’ කිලිනොච්චියේ ආරම්භ වන්නේ කෘෂිකාර්මන්තයේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින්ය. මේ සඳහා පුරෝගාමී දායකත්වයක් එක්කරන්නේ ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් නම් දැරූ බොහෝ සමාගම් හා ව්‍යාපාරවල හිමිකාරීත්වයන්හි ශ්‍රී ලාංකීය නියෝජනය සලකන කල්හි යාපනයෙන් බිහිවූ තවත් එක් දැවැන්ත චරිතයක් වූ බාස්කරන් කන්දයියා මහතාය. ඔහු නමින් යුරෝපීය ටෙලිකොම් සමාගමක් වන Lebara Group නම් එක්සත් රාජධානිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ජර්මනිය, සෞදි අරාබිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය සහ ඔස්ටේ්‍රලියාව යන රටවල්හි සේවා සපයන විදුලි සංදේශ සමාගමක සම නිර්මාතෘ සහ අධ්‍යක්ෂවරයා වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි.

තවද ඔහු ලන්ඩනයේ පිහිටි ජනප්‍රිය දෙමළ රූපවාහිනී නාලිකාවක් වන IBC ටැමිල් හෝල්ඩින් සමාගමට අනුබද්ධ ලන්ඩන් ටැමිල් මීඩියාහි සභාපතිවරයාද වේ. දැනට යාපනේද ඔවුන්ගේම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවක් පිහිටුවා ඇති අතර ලංකාවේ දමිළ සහෘදයන් අතර එය බොහෝ සෙයින් ප්‍රචලිතය. ඔහු නෙදර්ලන්තයේ ලියාපදිංචි වූ ඩික් හෝල්ඩිංග්ස් බී.වී.හි මෙන්ම මෑතකදී ටැමිල්වින්, ලංකා ශ්‍රී, සිනෙ උලගම්, මනිතම් යන වෙබ් අඩවි මිලදීගත් අතර දෙමළ මාධ්‍ය අධිරාජ්‍යයේ සාධාරණ කොටසකට හිමිකම් කියයි.

නිහතමානී දමිළ පවුල් පසුබිමක උපත ලැබූ ඔහු සිය ළමා කාලය ගත කළේ වන්නියේය. ලංකාවෙන් නෙදර්ලන්තයට ගොස් වසර කිහිපයකින් ඔහු සාර්ථක ව්‍යවසායකයකු ලෙස ස්ථාපිත වූයේ ඔහුගේ විශිෂ්ට කැපවීම පසක් කරමින්ය. ඔහු තුළ වූ දෙමළ භාෂාවට සහ එහි සාහිත්‍යයට ඇති විශේෂ කැමැත්ත නිසාවෙන් පසුකාලීනව බිහිවූ IBC Tamil TV මේ වන විට මාධ්‍යකරණයේ සියලු සීමා හඹාගොස් උතුරු පළාතට මෙන්ම දමිළ මුස්ලිම් ප්‍රජාව බොහෝ සෙයින් වාසය කරන නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම කඳුකරයේ ජනතාවට පුවත්, වින්දනාත්මක වැඩසටහන්, කාලීන දේශපාලනය, සාහිත්‍ය, විත්ති විචාරය කරන මාධ්‍ය සන්නාමයක් බවට පත්වී ඇත. ඔහුගේ දැක්වූ අතර එය ඔහුගේ මව විසින් තවදුරටත් පෝෂණය කරන ලදී. පසුව ඔහු නෙදර්ලන්තයට ගොස් වසර කිහිපයකින් සාර්ථක ව්‍යවසායකයකු ලෙස ස්ථාපිත විය.

ඔහුගේ මේ ගොවිපළ සංකල්පයේ මූලික හරය වූයේ විවිධ ව්‍යාපාර ක්‍රියාවට නැංවීමෙන්, අප සදහටම ස්වභාවධර්මය සමග හොඳින් මුල් බැසගෙන සිටින බවත් අද පවතින තත්ත්වය තුළ ප්‍රමාණවත් ජීවනෝපායක් නොමැතිව ජීවත් වීමට අවශ්‍ය වූවන් වෙනුවෙන් සටන් කර ඔවුන්ට ජීවත් වීමට ප්‍රජාවක් ගොඩනඟා ස්ථිර ආදායමක් ඇති කරන රැකියා ගොඩනැඟීමේත් දිගුකාලීන ආශාව මුල්කරගෙනය. තවද මෙම අදහස්වල සම්මුතිය වන්නේ ඒකාබද්ධ ප්‍රජාවගේ ජීවනෝපාය දියුණු කිරීමට, කෘෂිකර්මාන්තය සහ සොබාදහම පිළිබඳ අපගේ දැනුම වර්ධනය කිරීමට සහ අනාගත පරපුරේ අවශ්‍යතාවන්ට සංග්‍රහ කිරීමට අක්කර 150ක ස්වාභාවික භූමිය විනෝදාත්මක ප්‍රදේශ සහ වගා කළ හැකි ඉඩම් බවට පරිවර්තනය කිරීමයි. එසේම සංචාරකයන්ට ඔවුන්ගේ විවේක ගැනීමට මෙය බොහෝ ප්‍රියමනාප ස්ථානයක් විය. සිවිල් යුද්ධයේ වින්දිතයන් බොහෝ දෙනෙක් මෙම ගොවිපළේ වර්ධනයේ සහ නැගීමේදී ප්‍රතිලාභීන් සහ කම්කරුවන් බවට පරිවර්තනය වීම බාස්කරන් මහතාට බොහෝ සෙයින් තෘප්තියක් ලබාදෙන කරුණක් විය.

ඇත්තෙන්ම ReeCha කාබනික ගොවිපළ යනු ප්‍රධාන වශයෙන් කාබනික වැඩ කරන ගොවිපළක් වන අතර, සියල්ල පොදු ඉලක්කයක් බෙදාගන්නා ක්ෂුද්‍ර ව්‍යාපාර එකතුවකි. 2018 ජුනි මාසයේදී කිලිනොච්චිය අයියකච්චි ප්‍රදේශයේ අක්කර 150ක පොල් වත්තක මහා පරිමාණ සත්ව පාලනයක් සහ කාබනික එළවළු වගා කිරීමක් ලෙස ඇරඹි අපූරූ සංකල්පයකි.

රීචා ගොවිපළේ පශු සම්පත්වල ආහාර පිරිවැය පාලනය කිරීමට සහ ඔවුන්ගේ වර්ධනය හා ඵලදායිතාව වැඩි කිරීමට Azolla නම් බහු වාර්ෂික පාවෙන කුඩා ශාකයක් භාවිත කරයි. එහි ප්‍රෝටීන් බහුලය. එය එළුවන්, එළදෙනුන්, කුකුළන්, ඌරන්, හාවුන් සහ මාළු වැනි අනෙකුත් ගෘහස්ථ පක්ෂීන් සඳහා ආහාර ලෙස භාවිත කරයි. ගොවිපළේ මෙම ස්ථානයෙන් ලබාගත් නව අත්දැකීම සමගින් ඔබටත් ඔබේ පශු සම්පත් සඳහා පෝෂණය කිරීමෙන් හොඳම ප්‍රතිලාභ ලබාගත හැකි බව ඔවුන් කාබනික වගාව පිළිබඳ ප්‍රිය ඇත්තන්ට ඒත්තු ගන්වයි.

විශේෂයෙන්ම පරිසරය හා ඒකාබද්ධ වූ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට දායක වන ආකාරයෙන් ගොවිපළ ක්‍රියාත්මක වන අයුරු දැකබලා ගැනීමට ඔවුහු ආරාධනා කරති. අක්කර 150ක ගොවිපළ බෝග වගාවට පමණක් නොව පශු සම්පත් ලෙස ගවයන්, කුකුළන් සඳහා නිවහනක් වන අතර ‘රීචා ෆොරස්ට් අයිලන්ඩ් කැෆේ’ සහ නිෂ්පාදන ගබඩාව තුළින් මස් සහ බිත්තර මිලදී ගැනීමේ අවකාශයද ඇත. ඔබ ඔවුන්ගේ වෙබ් අඩවිය පුරා සැරිසරන විට ඔබට මල් උයන් කෙත්වතු සහිත සශ්‍රීක හරිත බිමක් දැකබලා ගත හැකිය.

රීචා ෆොරස්ට් අයිලන්ඩ් කැෆේ අවන්හල, ළමා උද්‍යානය ආදී ඔවුන්ගේ දර්ශනීය අවකාශයන්හි වැඩිහිටියන් සහ ළමුන් සඳහා ස්ථානීය වැඩමුළුද පිරිනමන අත. ඔවුන්ගේ මේ ඵලදායී භූමිය, සතුන් සහ ශාක සමග සෞඛ්‍ය සම්පන්න, වඩාත් සුසංයෝගී පැවැත්මක් සඳහා කුඩාම වෙනසක් පවා කිරීමට ආශ්වාදයක් ලැබෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

විදුනි බස්නායක
ශර්මිලා විනෝදිනී

Share357Tweet223SendShare89
Previous Post

හොරකම් හොයන්න දැමූ කොමිසමට එරෙහිව කුරුණෑගල පොහොට්ටු සභාපති උසාවි යයි! පෙත්සම විභාගයට නොගෙනම වීසි කරයි!

Next Post

මව්රටට දෙවියන් දුන් ඉපැරණිම ගීත ලතාවට අප සැලකූ තරම ඇතිද?

MORE NEWS

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජපානය මැදිහත්කරුවකු ලෙස කටයුතු කරන්න එකඟ වුණා! රනිල් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි!
Exclusive

තව මොහොතකින් ජනාධිපති IMF කොන්දේසි මාලාව අරන් පාර්ලිමේන්තුවට එනවා! කතාවකුත් කරනවා! ඡන්දයකුත් විමසනවා!

March 21, 2023
අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!
Exclusive

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

March 21, 2023
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)
Exclusive

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO
Exclusive

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO
Exclusive

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජපානය මැදිහත්කරුවකු ලෙස කටයුතු කරන්න එකඟ වුණා! රනිල් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි!
Exclusive

තව මොහොතකින් ජනාධිපති IMF කොන්දේසි මාලාව අරන් පාර්ලිමේන්තුවට එනවා! කතාවකුත් කරනවා! ඡන්දයකුත් විමසනවා!

March 21, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළව වූ කොන්දේසි මාලාව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත....

Read more
අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

March 21, 2023
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version