• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වත්තල මහ දවල් මිනීමැරුම පිටිපස්සෙ ඉන්නෙ කවුද?

June 19, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
වත්තල මහ දවල් මිනීමැරුම පිටිපස්සෙ ඉන්නෙ කවුද?
Share on WhatsAppShare on Facebook

9 වැනිදා ප්‍රහාරයේ රහස් එළිවෙන අලුත්ම කටඋත්තරය…

ගාලු‍මුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන තවමත් අවසන් වී ඇති හැඩක් පෙනෙන්නට නැත. ඒ බව පැහැදිලි අධිකරණ‍ය හමුවේ නීතිඥවරුන් ගෙනහැර දක්වන කරුණු කාරණා අනුවය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව නම් දැන් එම පහරදීම ගැන අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට කිසිවකුත් නැති ගානය. ඒ අයට අත්අඩංගුවට ගැනීමට අන්තිමට ඉතිරි වූයේ යැයි කියැවුණේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පමණි. ඇමැති ආරක්ෂකයන් පිරිවරාගෙන සිටි ජොන්ස්ටන්ව දින ගණනාවක් තිස්සේ අල්ලාගන්න බැරිවුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අන්තිමේදී අධිකරණයෙන් ඔහුට එරෙහිව වරෙන්තුවක්ද ගත්තේය. නමුත් එම වරෙන්තුව වත් ඔහුට එරෙහිව ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩක් නොවීය. අන්තිමේදී අධිකරණයට භාරවුණු ජොන්ස්ටන් පැය කිහිපයක් මත ඇප ලබා එළියට ආවේය.

ඒ අතර අමුතු දෙයක් සිදුවිය. ඒ, අන්තිම මොහොතේ ජොන්ස්ටන්ට සිටි ඇමැති ආරක්ෂකයන් ඉවත් කිරීමට ඇමැති ආරක්ෂක අංශ ප්‍රධානියා පියවර ගැනීමය. එයින් කුපිත වූ බලධාරීන්ගේ උදහසට ඇමැති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා ලක්වෙ‍මින් ඔහුට ස්ථාන මාරුවක්ද දෙන්නට වලිකෑවෝය. මෙහිදී ඇමැති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයාද වැඩේ අතහැරියේ නැත. ඊට එරෙහිව ඔහු හඬ නැගුවේ ජොන්ස්ටන්ට පමණක් නොව, තවත් ඇමැතිවරු කිහිප දෙනෙකුගේ නම් කියා ඒ අයගේ ආරක්ෂාවද ඉවත් කළ යුතු බව කියමිනි.

ඇමැති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයාව සේවය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි දැනුමක් ඇති ශ්‍රී ලංකා පොලීසියේ සිටින කොන්දක් ඇති කෙළින් වැඩකරන නිලධාරියෙකි. අදටත් ඔහුව එතැනින් මාරුකිරීමට හැකියාවක් ලැබී නැත්තේ ඔහුගේ දෑත් පිරිසිදු නිසාය. එසේ නොවන්නට මේ වන විටත් ඔහු සිටින්නේ මුල්ලකට විසිවීය. එය වෙනම කතාවකි.

අරගලකරුවන්ට පහරදීම ගැන බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටද චෝදනාවක් එල්ලවී තිබේ. ඒ නිසාම ඔහුට ස්ථාන මාරුවක් ලබාදෙන්නැයි කියා නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. එපමණක් නොව, ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කරන්න යැයි කියාද කීවේය. එහෙත් අදටත් ඒ කිසිවක් සිදුවී ඇති බවක් දක්නට නැත. අධිකරණයද කිහිප විටක්ම ඒ බව පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට මතක් කර දුන්නේය.

එහෙත් අදටත් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමෙන් පෙනී යන්නේ ඔහුට ලොකු තැනක ආරක්ෂාවක් ලැබෙන නිසාදැයි යන්න පොලීසිය තුළ දැඩිව කතාබහට ලක්වන්නකි.

අධිකරණය කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශනය අධීක්ෂණය සඳහා පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කමල් සිල්වාව පත්කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශන උධෘතයන් මෙන්ම සාක්ෂි සැලකිල්ලට ගෙන කමල් සිල්වා විසින් නිර්දේශ කරනුයේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 216 වැනි වගන්තියෙන් නීතිමය පියවර ගතයුතු බවය. ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන ක්‍රියාකරන ලෙසද කමල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ට දැනුම් දුන්නේය. එහෙත් අදටත් දේශබන්දු සම්බන්ධයෙන් වූ ඒ කිසිවක් ඉටුවනු බවක් පේනතෙක් මානයක නොමැති බව කියන්නේ පොලීසියේම අයය.

එදා අරගලකරුවන්ට පහරදෙන්නේ අරලියගහ මන්දිරයේ සිට පැමිණි කණ්ඩායමකි. අරලියගහ මන්දිරයේ පිටත ආරක්ෂාව භාරව සිටියේ තානාපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාරය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහු කර ඇති ප්‍රකාශයෙන්ද තහවුරු වී ඇත්තේ 09 වැනිදා ගැටුමක් සිදුවනු ඇතැයි බුද්ධි අංශ අනතුරු අඟවා තිබියදීත් එය වළක්වා ගැනීමට පූර්ව සූදානමක් පොලීසියේ නොතිබුණු බවකි. පොලිස් ලොක්කන් කිහිප දෙනෙක් එදා උදේ වරුවේ සිටම අරලියගහ මන්දිරයේ සිටි බවක්ද එම ප්‍රකාශයේ කියැවිණි. පොලිස්පතිවරයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශය ලබාදෙන අවස්ථාවේදී තමා දුරකතන ඇමතුමක් ගන්නා විට අරලියගහ මන්දිරයේ රැඳී සිටි පොලිස් ලොක්කෙක් ගැන කියා තිබිණි. අද මේ රැක ගන්නට යන්නේ ඒ කියන පොලිස් ලොක්කාව දැයි පොලිස් නිලධාරීන් තුළ ඇත්තේ දැඩි කතාබහකි.

මෙතෙක් කලක් මඟහරින ලද ඉතා වැදගත්ම සාක්ෂිකරුවෙක් වූයේ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධනය. අරගල භූමිය මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව භාරව සිටියේ ඔහුය. ප්‍රහාරයට පෙර දිනයේ ඔහු හදිසියේම අසනීපවී රෝහල්ගත කෙරන්නේ 09 වැනිදා ගැන බුද්ධි වාර්තාවක් තිබියදීත් ගැටුමක් ඇති නොවන අයුරින් නිසි ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ඔහුට ඉහළින් සිටි පොලිස් ලොක්කෝ ක්‍රියා නොකරමින් කල් මැරීමක් සිදුවෙමින් තිබීයදීය. 09 වැනිදා ප්‍රහාරයේ පොලීසියේ පෙර හැසිරීම ගැන හොඳින්ම කියන්නට දන්නේ ඔහුය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහුගේ හෙළිකිරීම් අතර අතිශයින්ම රහසිගත මෙන්ම ආන්දෝලනාත්මක හෙළිකිරීම් රැසකි. ඉදිරියේදී ඒවා අධිකරණය හමුවේ දිගහැරෙනු ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට පොලිස්පතිවරයා ලිඛිතව භාරදුන් අරලියගහ මන්දිරයේත් ජනාධිපති මන්දිරයේත් ජනාධිපති ලේකම් කාර්යාලයේත් ඒ අවට ආරක්ෂාවත් දේශබන්දු තෙන්නකෝන් විසින්ම සියතට ගැනීම ගැනද ඔහු යමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත්තේ ඒ භාරගත් ආරක්ෂාව නිසි ලෙස ඉටුකර නැත්තේ කෙසේදැයි පැහැදිලි කරමිනි.

චමිපික සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මේ කටඋත්තරය දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කළ එකක්ම නොව, ඔහු පෙන්වාදී ඇත්තේ පොලීසියේ අක්‍රමවත් පාලනයේ යථාර්ථයයි. ඒ, පොලිස්පතිවරයාව පොලිස්පතිවරයාගේ භූමිකාවෙන් ඈත්කර එම බලය වෙනත් පුද්ගලයන් විසින් භාවිත කිරීමට යාමෙන් සිදුවන අනිසි ප්‍රතිඵල ගැනය. එදා පොලිස්පතිවරයා ගත් තීන්දුව ක්‍රියාත්මක වෙමින් අජිත් රෝහණට මන්දිර දෙකේත්, ලේකම් කාර්යාලයේත් ආරක්ෂාව භාරවී තිබුණේ අද අරගල භූමියකට පහරදීමක් ගැන මෙවන් කතාබහක් සමාජය තුළ ඇති නොවන්නට තිබුණු ඉඩකඩ බොහෝය. එසේ නොවිණි නම් අද මේ චෝදනා සියල්ලක්ම එල්ලවන්නේ අජිත් රෝහණටය. ඇතැම් විට අජිත් රෝහණට පමණක් නොව, පොලිස්පතිටද සිදුවන්නේ අනිවාර්ය නිවාඩු යන්නටය.

රටින් පලාගොස් සිටින මත්කුඩු ජාවාරමේ ප්‍රබලයන් සංවිධානගතව ‍ඔවුන්ව පාවාදෙන්නන්ට එරෙහිව දියත් කර ඇති සටනේ නිමාවක් මෙතෙක් දකින්නට නැත. ඔවුන් ඉකුත් පොසොන් පොහෝ දිනයේදීද බිල්ලක් ගත්තේය. ඇලකන්දේ කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් ව්‍යායාම කර පිටතට පැමිණි තරුණයෙක්ට වෙඩිතබා ඝාතනය කරන්නේ යතුරු පැදියකින් පැමිණ, ටී 56 ගිනි අවියකිනි.

එසේ ඝාතනය වූ’තරුණයාද සුදු චරිතයක් නොව, අයිස් මත්ද්‍රව්‍යයට තදින්ම ඇබ්බැහිවී සිටින්නෙකි. එසේම ඔහු මත්කුඩු අලෙවියේද නිරතව සිටින්නෙකි. ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙක්ද ඔහු කිට්ටුවෙන් ඇසුරු කර ඇත. ඔහුගේ ඝාතනය ඒ ආකාරයෙන් සිදුවීමට මුල ලෙස සැලකෙන්නේ ඒ අයගේ ඔත්තුකරුවෙක් ලෙස ඔහු කටයුතු කර තිබීමය. මෙම තරුණයාගේ පියාද හොඳ චරිතයක් නොවීය. සුදු වෑන් රථයකින් කලකට ඉහතදී පැහැර ගැනීමකට ලක්ව ඔහු අතුරුදන් වන්නේ එබැවිනි. අන්තිමට පියාගේ තැන ගන්න ගොස් පුතාටද සිදුවන්නේ අකාලයේ මරු වැලඳ ගන්නටය. මෙම ඝාතනය පිටුපස සිටින්නේ යැයි මේ වන විට හෙළිවී ඇත්තේ කුඩු ජාවාරම්කරුවන්ගේ සන්ධානයට එක්ව සිටින වැල්ලේ සාරංගය. වැල්ලේ සාරංග මෝදර කේන්ද්‍ර කරගෙන මත්කුඩු ජාවාරම මෙහෙයවූ අපරාධකරුවෙකි. ඔහු ඉන්දියාවට පැනගන්නේ පොලීසියෙන් වෙඩිකා මුරුමුවට පත්වෙතැයි බියෙනි. ඒ වසර දෙක තුනකට පෙර ධීවර බෝට්ටුවක සැඟවීය. අද ඔහු එරට රැඳී සිටින්නේ ගුණා, පූකුඩිකන්නා ඇතුළු මෙරටින් පලාගොස් ඉන්දියාවේ රැඳී සිටින දෙමළ පාතාලයේ ගෝඩ් ෆාදර්වරුන්ගේ සෙවණෙහිය.

ඇලකන්දේ වෙඩි පත්තුවීමට පෙර අවසානයට වෙඩි පත්තුවන්නේ මෝදර අලු‍ත් පාරේදීය. ඒ ඉකුත් 06 වැනිදාය. එහිදී ඝාතනය වන්නේද මත්කුඩු ජාවාරමකට සම්බන්ධ වූවෙකි. පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇති ආකාරයට එම ඝාතනයත් මෙහෙයවා ඇත්තේ ඉන්දියාවේ රැඳී සිටින යෝගා නමැති මත්කුඩු ජාවාරම්කරුවෙක් විසිනි. එම ඝාතනයට මුල නිසි ලෙස මෙතෙක් හෙළිවී නැතත් පොලීසිය විශ්වාස කරන්නේ මත්කුඩු ආරවුලක් මෙම ඝාතනයට මුල්වී ඇති බවකි.

විජය රණබාහු

SendShareShare
Previous Post

වෙන්න ගියේ සිංගප්පූරුවක් වෙන්න යන්නේ ඉතියෝපියාවක්…

Next Post

කළුතර ෂෙඩ් එකක් උණුසුම්! ආරක්ෂක අංශ කැඳවයි! අහසට වෙඩි තියයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.