• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකු හොරු කෝ? ඒවා ගැන කතා කරපු එවුන් කෝ? නන්දා මාලිනිය නුඹට පමණද ඒ මහබැංකු කොල්ලය මතක? සතුටුයි…! ආඩම්බරයි…!

April 17, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
මහබැංකු හොරු කෝ? ඒවා ගැන කතා කරපු එවුන් කෝ? නන්දා මාලිනිය නුඹට පමණද ඒ මහබැංකු කොල්ලය මතක? සතුටුයි…! ආඩම්බරයි…!
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනෙක ගෝල්ෆේස් පිටියේ ආණ්ඩුවට එරෙහි ජන අරගලයට එක්වූ හෙළයේ මහා ගායිකාව වූ නන්දා මාලිනිය අපූරු පුවරුවක් දෑතේ රදවාගෙන උන්නාය.

එම පුවරුවෙන් කියවුණේ ‘මහබැංකුව කොල්ල කෑ නඩයට දේශපාලන පක්ෂ බේදයෙන් තොරව දඬුවම් කරනු’ යන්නය.

ඇත්ත වශයෙන්ම වත්මන් ආර්ථික අර්බූදයේ තිඹිරි ගෙය වශයෙන් සැලකිය හැකි එක් ප්‍රධාන කරුණක් වනුයේ 2015 යහපාලන ආණ්ඩුව යටතේ සිදු කෙරුණු මහා බැදුම්කර වංචාවය.

එදා ඊට ඍජුවම චෝදනා එල්ල වූයේ එවකට යහපාලන ආණ්ඩවේ අගමැතිවරයා වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතාටය.

එදා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වත්මන් ආණ්ඩුවේ සියලුම ප්‍රධානීන් මේ පිළිබදව රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල කරමින් කියා සිටියේ රනිල් මහදවාලේ මහ බැංකුව ‌කැඩුවා යැයි කියාය.

‘රනිල් මහබැංකු හොරා…’

‘අපි බලයට ආපු ගමන් රනිල්ව හිරේ දානවා…’

‘රටේ ආර්ථික විනාසයට මුල් වුණේ රනිල් වික්‍රමසිංහ. මහබැංකු හොරුන් අපි නීතිය ඉදිරියට ගෙනවිත් දඩුවම් දෙනවා…’

එදා වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් පැය 24 පුරාම මාධ්‍ය හමු පවත්වමින්, උද්ඝෝෂණ සිදු කරමින්, නිවේදන නිකුත් කරමින්, ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ එවැනි කතාය.

ඔවුන්ගේ මේ ප්‍රකාශවලට එදා මේ රටේ පුවත්පත්ද, පෞද්ගලික මාධ්‍යද උදේ දවල් රෑ විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය.

උදේට ටීවීවල පත්තර කියවන මහත්තුරු කට උල් කරමින්, ඇස් උඩ යවමින්, නළුවන්ටත් වඩා හොදින් රඟපාමින් මේ මහබැංකු මංකොල්ලය ජනතාව අතරට ගෙනයන්න කටයුතු කළහ.

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ඇතුලු කණ්ඩායම පවා කට ඇරියොත් කතා කළේ මහබැංකු හොරකම ගැනය.

රනිල් එක්ක කටයුතු කළ එජාප සමීපතමයින් පවා සජිත් සමග එක්ව නව පක්ෂයක් බිහි කළේ බැදුම්කර වංචාවට වගකිවයුතු රනිල් සමග තවදුරටත් දේශපාලනය කරන්නට බැරි බව රටට කියමිනි.

දැන් රනිල්ලා එකතුව කළ මහබැංකු බැදුම්කර මංකොල්ලයට වසර 7ක් පිරී තිබේ.

හැබැයි එදා මහබැංකු බැදුම්කර මංකොල්ලය ගැන කයිවාරු ගහපු, කෑ ගහපු කිසිකෙනෙක් අද ඒ ගැන වචනයක්වත් කියන්නේ නැත.

එදා රනිල් වික්‍රමසිංහව හිරේ යවනවා කියපු ආණ්ඩුවේ ප්‍රධානීන් අද කසාය බිව් ගොලුවන් සේ ඇහැ කන පියාගෙන සිටිති.

එසේ සිටිනවා පමණක් නොව මහබැංකු බැදුම්කර මංකොල්ලයට සම්බන්ධ බව කී පිරිස් සමග එළිපිට දේශපාලන ඩීල් දමති.

එදා පත්තරවල පිටු ගණන් මහබැංකු බැදුම්කර මංකොල්ලය ගැන ලියපු උදවිය අද ඒ ගැන වචනයක්වත් ලියන්නේ නැත.

ඒ පත්තරවලටද අද මහබැංකු බැදුම්කර මංකොල්ලයක් සිදු නොවුණා ගානය.

එදා මහබැංකු බැදුම්කර මංකොල්ලය ගැන උදේ දවල් රෑ‌ බ්‍රේකින් නිව්ස් ගහපු ටීවී චැනල් අද ඒ ගැන ‘මීක්’ කියන්නේ නැත.

එදා රගපාමින් මහබැංකු බැදුම්කර මංකොල්ලය ගැන නිව්ස් කියපු පත්තර කියවන මහත්තුරු අද ඉන්නේ වැල්ලේ් මුහුණ ඔබාගත් පැස්බරුන් ගානට වැටිලාය.

ඒ තියා අද රෑට රෑට ඒ මහබැංකු බැදුම්කර මංකොල්ලය සිදුකළ වගඋත්තරකරුවන් සමග සමහර දේශපාලන ඩීල් දමන්නේ මේ නාලිකාවල ප්‍රධානීන්ගේ නිවෙස්වලය.

අනෙක් පැත්තෙන් එදා මහබැංකු බැදුම්කර මංකොල්ලය නිසා රනිල් එක්ක ඉන්න බැරි බව කියමින් සජිත්ගේ පක්ෂයෙන් පාර්ලිමේන්තු ආ සමහරුන්ද අද රෑට රෑට රනිල් එක්ක දේශපාලන ඩීල් දමන්නට පටන්ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

මහබැංකු බැදුම්කර මංකොල්ලයෙන් අවුරුදු 7කට පසු අද රටේ එහෙම තත්ත්වයක් නිර්මාණය වී තිබියදී තනිවම නන්දා මාලිනිය ‘මහබැංකුව කොල්ල කෑ නඩයට දේශපාලන පක්ෂ බේදයෙන් තොරව දඬුවම් කරනු’ යනුවෙන් කියමින් අරගල භූමියට පැමිීණීම සම්බන්ධයෙන් ඇයට ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුය.

කෙසේවෙතත් කවුරු කවුරුත් වුවමනාවෙන් තමන්ගේ වාසියට අමතක කළත් නන්දා මාලිනියට මෙන් අපටද මහබැංකු බැදුම්කර මංකොල්ලය අමතක නැත.

එමනිසා ඉදිරියේදී මේ මහබැංකු බැදුම්කර මංකොල්ලය ගැන පමණක් නොව එය පිටුපස සිටිමින් මෙහෙයවූ අය පිළිබදවත්, එය දඩමීමා කරමින් බලයට පැමිණි අය කටයුතු කළ ආකාරය පිළිබදවත් ඉදිරියේදී අප රටට හෙළිදරව් කිරීමට සූදානම්ය.

SendShareShare
Previous Post

කාබනික පොහොර විතරයි කියපු ආණ්ඩුව මේ පාර රසායනික පොහොර ගෙන්වන්න ඩොලර් මිලියන 700ක ණයක් ඉල්ලයි!

Next Post

ආණ්ඩුවෙන් නෙරපා දමපු පිරිසක් මේ අරගලය තමුන්ගේ දේශපාලන පැවැත්මට පාවිච්චි කරමින් සිටිනවා! කුමාර් මහත්තයා අනතුරු අඟවයි! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.