රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මහවිලච්චිය ප්‍රදේශයට ගිය අවස්ථාවකදී එහි ජනතාව අමාත්‍යවරයා වටකරගෙන සිය ගැටලු ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම ගම්වාසීන් පෙන්වා දී ඇත්තේ වල් අලි තර්ජනය හේතුවෙන් කිසිදු වගා කටයුතු සිදු කර ගැනීමට නොහැකි වී ඇති බවකි.
අවම වශයෙන් ඒ සදහා පිළියම් යෙදීමට නොහැකි නම් එක ගමකට තුවක්කු 5ක් ලබා දෙන ලෙසත්, වල් අලි ප්‍රශ්නය විසදා ගැනීමට එවිට හැකි බවත් ගම්වැසියන් දිසානායක මහතාට පන්වා දී ඇත.










