• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අම්මා නැති කල අප්පා කවර කල…

December 5, 2022
in Exclusive, News
Reading Time: 7 mins read
A A
අම්මා නැති කල අප්පා කවර කල…
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

‘අම්මා නැති කල අප්පා කවර කල?’ යනුවෙන් බොහෝ පරණ කියමනක් වේ. ඒ කියමන හරහා ඔප්පු වන්නේ වැදූ අම්මා තරමට අප්පාට, එහෙමත් නැත්නම් තාත්තාට තමා ජාතක කළ දරුවන් සෙනෙහසක් නොවන වගය. ඉහත වූ එම වගන්තියට සමස්තයක් ලෙස ගත් විට බහුතරයක් දෙනා අම්මාගේ චරිත නිරූපණයට ඔටුනු පලඳවද්දී තාත්තා පවුල් කුටුම්භය තුළ එතරම්ම වැදගත් නොවන චරිතයකැයි ඇතැම්හු තීරණය කළහ.

ඔය අතර වාරයේ ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න අගේ ඇති ගීතයක් ගායනා කළේය. ‘පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී’ යන අර්ථය දෙමින් කලඑළි දුටු ඒ සංවේදී ගීතය ඊයේ පෙරේදා සමාජ තලයට පැමිණි තරුණ දූ පුතුනට තාත්තාගේ වටිනාකම කියාදෙන කදිම උපහැරණයක් විය. අසා සිටින ඕනෑම දරු සිතකට තාත්තා ගැන අනුකම්පාවක් ඇතිකරවන, ඇස්වලට කඳුළු උනන තරමට දුක හිතෙන ඒ සෙනෙහසේ ගීතය අදටත් තාත්තලා ගැන කුමක් හෝ ගුණ සමුදායක් උලුප්පමින් මුහුණු පොතෙහිද ප්‍රචාරය වෙයි.

කොහොමත් ඇත්ත වශයෙන්ම කියනවා නම් දෙවිවරු වාගේ තාත්තලාද ලොව ඕනෑ තරම් සිටිති. ඒ අතර වැදූ අම්මා පිටම දරුවන්ගේ බර පටවා කමකට නැති ජෝගි රඳන තාත්තලාද ඕනෑ තරම් වෙති.
ඔය සියල්ල අතර දරු පැටවුන්ව පොළොවේ ගසා මරාදමන තාත්තලා වාගෙම හය හතර නොදන්නා දරුවන්ව අපයෝජනය කරන තාත්තලාද වෙති.

පසුගිය දවසක හෝමාගම පැත්තෙන් ඒ හා සමාන සිදුවීමක් අනාවරණ විය. බුදුන් වැඩිය දේශයක සිදුවෙනවා තබා සිදුවෙතැයි සිතන්නටද බැරි තරම් වූ ඒ ජුගුප්සාජනක කතන්දරය හරිම අශෝභනය. අශික්ෂිතය. දරුවන්ගේ පැත්තෙන් ගත් කල එය අහස පොළොව නූහුලන සහගහන අපරාධයකි.
මෙවැනි දේ සිදුවිය හැකිද?

කිසිවකු එහෙම අසන්නට පුළුවනිය. එහෙම ඇහුවොත් එය පුදුමයක්ද නොවන්නේය. ඇයිද කියනවා නම් හෝමාගම දීපංගොඩ වාසය කරන 47 හැවිරිදි නරුම පියා අවුරුදු ගණනක සිට තම ලෙයින් ජීවය දුන් දරුවන් තුන්දෙනාව තමාට රිසි සේ වරින් වර අපයෝජනය කොට ඇත.

කතාව කෙටියෙන් කියනවා නම් දරුවන් කුඩා වයසේදී දරුවන්ගේ අම්මා, දරුවන්ගේ තාත්තාව අතහැර ගිහින් තිබිණි. එයට පසු තාත්තා අවුරුදු 11ක්ව හිටපු තම වැඩිමහල් දියණියව පළමුව අපයෝජනය කොට ඇත. අවුරුදු 11 සිට 18 වැනි වියට එළඹෙන තුරුම තාත්තා තම පහත් ආශාවන් සන්තර්පනය කොට ගෙන ඇත්තේ වැඩිමහල් දුවගෙන්ය.

ඉන් පසුව වැඩිමහල් දුව වයසින් මුහුකුරා යන විට 13 හැවිරිදි පුතා තාත්තාට ගොදුරුව ඇත. ඒ පාදඩ තාත්තා එතැනින්වත් න3තර නොවී බාල දියණියවද තම ඕනෑ එපාකම් සඳහා තබාගත්තේය. වසර ගණනක් පුරා අම්මා හැරගිය දරු තුන්දෙනාව බලන නියායෙන් සිය තිරිසන් ක්‍රියා පටිපාටිය ගෙන ගිය මේ තාත්තා ගැන ළමා ආරක්ෂක අධිකාරියට සැලවී තිබුණේ පසුගිය දවසකය. ඒ අනුව මත්තේගොඩ පොලිසිය විසින් තිරිසනකුටවත් සමකරන්නට නුසුදුසු තාත්තා අත්අඩංගුවට ගෙන ඇත. කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවට අනුව තොරතුරු අනාවරණ වී ඇත්තේ දරුවන් තුන්දෙනා ඉතා බරපතළ අන්දමට ඔවුන්ගේ තාත්තා අතින් අපයෝජනය වී ඇති බවය.

දෙවියනේ එය අදහන්නට පුළුවන්ද…?’

කෙසේවත් බැරිය. දරු තිදෙනා කට උත්තර නොදුන්නා නම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොවුණා නම් මේ අමානුෂික අපරාධය ගැන කිසිවකු විශ්වාස කරන එකක් නැත.

සීයා, මාමා හෝ බාප්පා අතින් දරුවන් අපයෝජනයට පත්වූ කතා අප අසා තිබුණාට දරුවන්ට ජාතකත්වය දුන් තාත්තා අවුරුදු ගණනක් තිස්සේ තමාට ඕනෑ ඕනෑ වෙලාවට තම දරුවන් ළඟට ගෙන්වා ගෙන අශික්ෂිත ලෙස තමාගේ පහත් ආශාවන් ඉටුකර ගත් කතාව අදහන්නට බැරි තරම්ය.

මෙය සිරිලකය. දසතින් උදේ සවස බණ භාවනා ඇසෙන, තිලෝගුරු බුදුරජාණන්වහන්සේ සිය ශ්‍රී පාද සටහන තැබූ දේශයය. එහෙව් රටේ මගේ අවට අසල්වාසීන්ට නොදැනෙන්නට නෑදෑ හිතවතුනට හාංකවිසියක්වත් නොදැනෙන්නට මේ අශීලාචාර තාත්තා සිය දරු කැල අපයෝජනයට ගත්තේය.

‘තාත්තා කියන්නේ සංසාරයක්…’

‘තාත්තා යනු විශ්වයකි. දරුවන් වූ අප එහි පුංචි තිතකි…’ යනුවෙන් අලංකාර වචන ගොතන දරුවන් ඉන්න රටක මේ තාත්තා මෙහෙම කළේ කොහොමද…?’

මෙහෙම කරන්නට හිත හදාගත්තේ කොහොමද?

අපචාරයට ළඟට ගනිද්දී ඒ දරුවන් වෙතින් තමා දුන් ජාතකයෙහි ලේ සුවඳ ඒ තාත්තාට දැනුණේ නැතිද?

‘ළඟට එන්න’ කියා කතාකරන විට, ‘ඇයි තාත්තේ’ කියා දරුවන් අසන විට ඒ නරුම මිනිසාගේ හිත පතුල තිගැස්සුණේ නැත්තේ ඇයි?

තමා මේ කරන්නේ සහගහන අපරාධයක් නොවේදැයි ඒ තාත්තාට සිතුණේ නැත්තේ ඇයි?

පසුගිය සතියේ දවසක ඔස්ටි්‍රයානු උසාවියෙන්ද මෙවැනි බරපතළ අපයෝජනයක් ගැන තොරතුරු හෙළිවිය. එතැනදී වසර හතළිස් ගණනක් පුරා පියාට බයේ සඟවාගෙන සිටි රහසක් දියණියක විසින් හෙළිකළ ආකාරය ශෝකාන්තයක් විය.

‘අවුරුදු ගණනක් තිස්සේ මගේ තාත්තා වරින් වර මාව ලිංගිකව අපයෝජනය කළා. සමහර දිනෙක ඔහු මිතුරකුගේ පාවිච්චිය සඳහාද මාව යොදවා ගත්තා…’

වැඩිහිටි දියණියක විසින් කඳුළු සලමින් කී ඒ කතාව ඔස්ටි්‍රයානු උසාවිය කම්පාවට පත්කර තිබිණි. ඔස්ටි්‍රයානු අධිකරණයෙන්ම හෙළිවූ තවත් කතාවක සඳහන් වූයේ හීනෙකින්වත් ඇහෙන්නට බැරි අශීලාචාර කතාවකි. ඔස්ටි්‍රයාවේ භූගත සිරගෙයක තම දියණියව සිරකොට තිබූ පියා ඈ සමග සංවාසයේ යෙදෙමින් දරුවන් පස්දෙනකු තමාට දාව දියණියගේ කුසට දී තිබිණි.

ඉපදෙන දරුවන් රැකබලා ගැනීමේ මෙහෙවර ඔහු විසින් භාරකොට තිබුණේ ඔහුගේ බිරියටය.

‘අවුරුදු 24ක් වැනි කාලයක් මගේ දරුවා සමග මම එකට ජීවත් වුණා. මේ කරන්නේ අපරාධයක් කියා දැන දැනම මම ඒ වරද කළේ මට පිස්සු නිසාදැයි මම දන්නේ නැහැ….’ යනුවෙන් ඔහු අධිකරණය හමුවේ කියා ඇත.

සලෙලුන් දෙන කටඋත්තර බොහෝ විට එහෙමය. පැහැදුණුකම්, කපටිකමින් සහ හොඳ සිහියෙන් ලෝකයාට නොදැනෙන්නට කරන එවුන් අවසානයේ සියල්ල හෙළිවූ පසුව, ‘මම දන්නෙ නැහැ. මම එහෙම කළේ ඇයි කියලා. මට මොනවා වුණාදැයි අදටත් හිතාගන්න බැහැ…’ එහෙම කතා අප කොතෙකුත් අසා ඇත්තෙමු. කොතැන ඒ කතා ඇසුවත් ලංකාව වැනි බෞද්ධ සිරිත් අගයන රටක නම් එහෙම කතා අසන්නට කිසිවකු බලාපොරොත්තුව සිටියේ නැත. වසර ගණනක් පුරා තමන්ගේ දරු තුන්දෙනාව අපයෝජනය කොට කුරිරු සතුටක් ලද පළමු තාත්තා ඔහු වන්නට ඇත.

සියල්ල අවසානයේ ඔහු අත්අඩංගුවේය. සාන්තුවරයකු සේ ඔහු පාපොච්චාරණයක්ද වදාරනු ඇත. පොතේ හැටියට එවැනි පහත් මිනිස් වෙස්ගත් තිරිසනුන්ගේ හැටි එහෙමය.

මඳකට නැවතී හිතනවා නම් අර දරුවන්ගේ අනාගතය දැන් කොයිබටද?

දියණියන් දෙදෙනාව කතාබහට ගනිමු. ඔවුනට අනාගත ජීවිතයක් තියේවිද?

බරපතළ ලිංගික අපයෝජනයක් නොවුණද සමාජය හමුවේ දැන් ඔවුන් තාත්තා විසින් අපයෝජනයට ලක් කළ දූ දරුවන්ය. අප සමාජය විසින් යම් සිදුවීමක් දෙස බලන ආකාරය කොහොමත් වපරය. මඟ තොටක මේ දරුවන් යන විටක, ‘අර යන්නේ අහවල් තාත්තා අතවර කරපු ළමයි. අනේ ඉතින් පවු නේද…?’

ඇතැමුන් ගේ ඇතුළේ සිට අනෙකාට එහෙම කියන්න පුළුවන. ඒ අපේ ජාතියේ හැටිය. ඒ හින්දා ඒවාට දොස් පරොස් කීමට බැරිය.

දොස් පැවරිය යුත්තේ සහ දොස් කියන්නට ඕනෑ අර තාත්තාටය. ඔහු විසින් අර අසරණ දරුවන්ට කළ අපරාධය කොතරම්ද? සමාජය හමුවේ ඔහු ලෝකයාට අමතක නොවන හංවඩුවක් දූ දරුවන්ගේ පිට මත ගැසුවේය.

‘පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී…’ කියා ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න කිව්වාට මෙහෙම පාදඩ හරියටම ගැළපෙන්නේ ‘අම්මා නැති කල අප්පා කවර කල’ කියන කියමනය. කොහොම නමුත් උඩ ඉන්න දෙවියන්ගෙන් අපි හනවා, දෙවියනි මෙහෙම වන්නේ ඇයි…?

සාතන්ගේ බලය ඔබේ බලයට වඩා ඉදිරියෙන්ද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Share357Tweet223SendShare89
Previous Post

ඡන්දය කල් දාන්න ලෑස්ති වුණොත් සජබ-ජවිපෙ උත්තර දෙන්න ලෑස්තියි! සජබය ජාත්‍යන්තරයට යන්නත් තීන්දු කරයි!

Next Post

සෙලාන් බැංකුව කුඩා පරිමාණ තේ වතු හිමියන්ට අත්වැලක් වෙයි…

MORE NEWS

හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)
Exclusive

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO
Exclusive

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO
Exclusive

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO
Exclusive

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023
IMF ප්‍රධානියා හදිසියේම ඉන්දියාවට එයි! ලංකාව ගැන කතා කරන්න නිලධාරීන් ඉන්දියාවට කැඳවයි!
Exclusive

‌ඩොලර් බිලියන 7ක් ගන්න IMF අනුමැතිය ලැබුණා -ජනාධිපති මාධ්‍ය අංශය! අද රනිල් ජාතිය අමතයි! ඩොලර් බිලියන 3ක් දෙනවා! IMF එකෙන් නිවේදනයක්!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති භයානක කොන්දේසි මොනවාද යන්න ඉදිරියේදී බලා ගත හැකි වනු ඇති බව වාසුදේව නානායක්කාර...

Read more
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version