මිරිහාන පාරේ කිරිපිටි පෝලිම ඇති වෙලෙදසැලකට පැමිණ ඇති පොලිස් නිලධාරීන් එම ස්ථානයේ සීමාසහිතව කිරිපිටි වෙළෙදාම සිදුකරන ලෙසට උපදෙස් ලබා දී ඇති බව සිරස මාධ්‍ය වාර්තා කොට ඇත.
එහි සදහන්ව ඇත්තේ එම වෙළෙදසැල අසල නිතරම කිරිපිටි පෝලිම් පවතින බවත්, ජනාධිපතිවරයා ඒ අසලින් නිතරම ගමන් කිරීම හේතුවෙන් මාර්ගය අවහිර වන බැවින් පොලිසිය පැමිණ එය නැවැත්වූ බවත්ය.
ඒ අනුව මේ වනවිට එහි කිරිපිටි පෝලිමක් නොමැති බව දැකගන්නට ඇත.









