වැලිකඩ බන්ධනාගාර පරිශ‍්‍රය තුළ ඇති වූ ගැටුමෙන් සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය වී තවත් හතලිස් දෙනෙකු පමණ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා විසින්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යන අයට එරෙහිව නඩු පවරා තිබුණු අතර අදාල නඩුවේ තීන්දුව අද දිනයේ දී ලබා දීමට නියමිතය.
2012 වසරේ නොවැම්බර් මාසයේ 09 සහ 10 යන දිනවල මෙම සිද්ධිය සිදුවිය.
2012 වසරේ සිදු වූ මෙම සිරකරු ඝාතනය සම්බන්ධයෙන් නියෝමාල් රංගජීව සහ එමිල් රන්ජන් ළමාහේවා යන අත්අඩංගුවට ගනු ලැබූවේ 2018 වසරේ මාර්තු මාසයේ දී ය.










