නොහැකියාව අදක්ෂකම නිසා රටට අවාසිදායක ගිවිසුම්වලට අත්සන් කළ නායකයන් රටට ගෝනි බිල්ලන් මවන බවත් මේ යන විදිහ ක්‍රියාත්මක නොවුවහොත් රට අනතුරේ පෝලිම් යුගයක් ඇති වන බව පවසන බවත් මේ පොලිම් යුගය නැති වුනේ ආර්ථික සංකෝචනය නිසා බවත් ආර්ථික වර්ධනය හිතාමතාම පළුදු කළ නිසා බවත් මෙවැනි තත්ත්වයක් තුළ ආර්ථිකය කුඩා කර ජනතාව අසහනයට පීඩනයට ලක් කිරීම හරහා පෝලිම් නැති කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News
පොලිම් නැති කළ යුත්තේ හොද ජන ජීවිතයක් ලබා දීම හරහා බවත් GAT, WTO, වැනි ක්‍රමවේද හා මූල්‍ය ආයතන සමග කටයුතු කළ යුතු බවත් ඒ ආයතන එක්ක දුර්වල ගිවිසුම් නොගැසිය යුතු බවත් සිදු කරන ප්‍රතිසංස්කරණ හරහා ජනතාව මත පටවන පීඩනය අසහනය දුක කදුල වෙදනාව අවම කළ යුතු බවත් රටේ පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් ගිවිසුම් ගත විය යුත්තේ එසේ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
තමා IMF ප්‍රධානීන් හමු වූ අවස්ථාවේ මේ ගැන පැවසූ බවත් මේ අවිධිමත් ගිවිසුම නිසා ජන ජීවිත විනාශ වී ජනතාව අතේ මුදල් නොමැති බවත් ආයෝජනය පාරිභෝජනය අපනයනය නැති වී ඇති බවත් රජයට මේවා කරන්න බැරි වුවත් සමගි ජන බලවේගය සතුව සුහුරු කණ්ඩායමක් සිටින බවත් මේ දක්ෂ සුහුරු කණ්ඩායම සමග එක්ව රට දිනවන ගිවිසුමකට යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මොනරාගල පැවැති භික්ෂු උපදේශක සභාව අමතමිනි.
දශ ලක්ෂ ගණනින් අප රටේ ජනතාව දුප්පත් වි ණය මර උගුලකට හසුව දැවැන්ත ආර්ථික අවපාතයකට ලක්ව ඇති බවත් ජාත්‍යන්තර ආයතන පවා මේ ගැන වාර්තාවක හරහා බහුමාන දුගී භාවය ගැන සදහන් කර ඇති බවත් ළදරුවන්, මව්වරුවන්, වැඩිහිටියන්, අවදානම් කොට්ඨාස, තරුණයන් හා ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් පවා මේ නිසා විපතට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සාමාන්‍ය ජනතාව මෙවැනි ව්‍යවසනයකට හසු වුවත් සුපිරි ධනවතුන් මින් බේරී ඇති බවත් මේ රටේ සුපිරි ධනවතුන්ට අතිමහත් බහුතරයකගේ අවාසනාවන්ත තත්ත්වය මගහැර යාමට දායකත්වය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ධනවාදී ක්‍රමය තුළ සුපිරි පැලැන්තයක් නිර්මාණය වී ඇති බවත් මේ ධනවාදය ලුම්පන් ධනවාදය ගජමිතුරු ධනවාදය නොවිය යුතු බවත් එය මානුෂීය ධනවාදයත් සමාජ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති මුසු වූ සියලු දෙනාම ඇතුලත් වූ ආර්ථික වර්ධනය ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම වරමක් නැති මේ රජය කරන්නේ ගජමිතුරු කණ්ඩායම් පෝෂණය කිරීම බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරනය තුළින් බව සුපිරි පොහොසතුන් ආරක්ෂා කළ බවත් සමගි ජන බලවේගය ජන වරමක් සමග නව ගිවිසුමකට යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.