අලි ඇතුන්ගේ ආරක්ෂාව හා සංරක්ෂණය වෙනුවෙන් අප රජයක් ලෙස සැමදා පෙනී සිටි බව සදහන් කරමින් මෙවර ලෝක අලි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මෙසේය.
“ලොව පුරා සිටින මිනිසුන් හා සංස්කෘතීන් විසින් මහත් ආදරයට හා ගෞරවය පාත්‍ර වූ ගොඩබිම වෙසෙන විශාලම සත්ත්වයා වන, අලි ඇතුන්ගේ ආරක්ෂාව හා සංරක්ෂණය වෙනුවෙන් අප රජයක් ලෙස සැමදා පෙනී සිටියෙමු. ඔවුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් සුවිශාල කාර්යය භාරයක් අපි ඉටු කර ඇත්තෙමු. එසේම අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකේය සංස්කෘතිය මෙන්ම පෞඩත්වය ලොවට කියා පාන්නා වූ සංස්කෘතිකාංග වන පෙරහැර හා බැඳුණු මෙම ගෞරවනීය සත්ත්වයා ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරයට ද සිදු කරන්නා වූ මෙහෙය අතිමහත්ය.
දඩයම් කිරීම, වාසස්ථාන අහිමි වීම, මිනිස් 0 -අලි ගැටුම සහ වහල්භාවයේ අයුතු ලෙස සැලකීම අප්‍රිකානු සහ ආසියානු අලි ඇතුන්ට ඇති තර්ජන කිහිපයකි. වන අලි සඳහා වඩා හොඳ ආරක්ෂාවක් ලබා දීම, ඇත්දළ නීතිවිරෝධී ලෙස දඩයම් කිරීම හා වෙළඳාම් කිරීම වැළැක්වීම සඳහා නීති බලාත්මක කිරීමේ ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම, අලි වාසස්ථාන සංරක්ෂණය කිරීම, අල්ලා ගත් අලි ඇතුන්ට වඩා හොඳ ප්‍රතිකාර කිරීම සහ ආරක්ෂිත අභයභූමිවලට නැවත ලබාදීම අලි සංරක්ෂණය කිරීමේ අරමුණු වේ. අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ සංවිධාන විසින් ද ලොව පුරා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි.
ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වන මෙන්ම, ජනතාව දුෂ්කරතාවයට පත්ව ඇති අලිමිනිස් ගැටුම සමතයකට පත් කිරීම සඳහා ද වත්මන් රජය මේ වන විට විවිධ ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇති අතර, අලි වදවීමේ තර්ජනයට ලක්ව ඇති මෙවැනි කාල වකවානුවකදී, අලි ඇතුන් සුරක්ෂිත කිරීම ද රජයක් ලෙස අප සැමගේ වගකීමකි.” එම නිවේදනයේ සඳහය.










