අඩු ආදායම්ලාභී රටවල් 92කට සහ අප්‍රිකානු සංගමයට පරිත්‍යාග කිරීම සඳහා එක්සත් ජනපදය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500ක් මිල දී ගෙන ඇති බව ජනාධිපති ජෝ බයිඩෙන් නිවේදනය කර ඇත.
අද (10) බ්‍රිතාන්‍යයේ පැවත්වෙන G-හත කණ්ඩායම් සමුළුවේදී මෙය ප්‍රකාශයට පත් කිරීමට බයිඩන් සූදානමින් සිටින බව පැවසේ.
COVAX නමින් හැඳින්වෙන ගෝලීය එන්නත් වැඩසටහන හරහා මෙම මාත්‍රාවන් බෙදා හරිනු ඇති අතර, මේ වසරේදී මිලියන 200ක් බෙදා ගැනීමටත්, ඉතිරි මිලියන 300 2022 පළමු භාගය වන විට පරිත්‍යාග කිරීමටත් නියමිතය.










