කැබිනට් බලතල සහිතව පළාත් ඇමැතිවරුන් කිහිප දෙනකු පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News
අවශ්‍ය අවස්ථාවලදී මෙම පළාත් ඇමැතිවරුන් කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගී වීමට හැකිවන පරිදි පත්කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙම පළාත් ඇමැතිවරුන්ටද කැබිනට් අමාත්‍යවරුන්ට හිමි සියලුම බලතල හා වරප්‍රසාද ලබා දීමට තීන්දු වී ඇත.
ආණ්ඩුව මේ ආකාරයටම මීට පෙර දිස්ත්‍රික් අමාත්‍යවරුන් පත් කිරීමට සූදානම් වුවද එය සාර්ථක වූයේ නැත.
කෙසේවෙතත් බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ ආණ්ඩුව මෙසේ පළාත් ඇමැතිවරුන් පත් කිරීමට සූදානමින් සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන කණ්ඩායමේ ඉල්ලීම ඉටු කිරීමට අනුව බවය.
මෙම කණ්ඩායම පසුගිය කාලය පුරාම කැබිනට් ඇමැති ධූර ලබා දෙන ලෙස ඉල්ලීම් කළද ආණ්ඩුව එම ඉල්ලීම ඉටු කරලීමට පියවර ගෙන තිබුණේ නැත.
ඒ අනුව මෙම කණ්ඩායම ආණ්ඩුව සමග යම් විරසකයකින් කටයුතු කරන ආකාරයක් පසුගිය කාලයේ දැකගන්නට ලැබිණ.
මෙම කණ්ඩායම අස්වසාලීම සදහා මෙසේ ඔවුන්ට පළාත් ඇමැති ධූර ලබා දීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බව දැනගන්නට ඇත.










