අද තරගායේදී කාසියේ වාසිය ඉතා තීරණාත්මක බැවින් යම් හෙයකින් එය පරාජයට පත් වුවහොත් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට සූදානම් බව කණ්ඩායෙම් නායක දසුන් ශානක කියයි.
මේ දක්වා පැවැති තරග සියල්ලේම කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ජයගත් සියලු තරග ලංකාව දෙවන වර පන්දුවට පහර දී ලබාගත් ජයග්‍රහණ විය.
නමුත් අද තරගයේදී යම් හෙයකින් කාසියේ වාසිය පරාජයට පත්වුවහොත් මුලින්ම පන්දුවට පහර දී වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට කණ්ඩායම සූදානමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.










