ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත මැකී ගොස් නැති බවත්, සියලු දෙනාම එක්වී රටට විශාල බොරුවක් කරන බවත් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ කවුරුන් හෝ මේ හරහා මහා වංචාවකට සූදානම් වන බවකි.
දත්ත එසේ පහසුවෙන් මැකිය නොහැකි බව කී ගුණවර්ධන මහතා මෙම සිදුවීම හරහා රටේම දත්ත බරපතළ අනතුරක පවතින බව කීවේය.
රටේ දත්ත අයිති රටේ මහජනතාවට බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ තොරතුරු අනාවරණය කළේය.









