වාතය හරහා බෝවීම සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.
එනිසා මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම විටම මුව ආවරණ පැළඳ සිටින ලෙසත්, නව ප‍්‍රභේදය ආසාදිත වූවන් ආසාදිතයන්ට රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම වැඩි බවත්, තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත් ඇය සඳහන් කළාය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවාය.









