• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාජ මාධ්‍ය පනත ගේන්න ඕනේ ජනමාධ්‍ය අමාත්‍යංශය! හැබැයි ගේන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය! මේ හදන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න! VIDEO I Sri Lanka Latest News

September 29, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

මර්දනයක් සඳහා පිඹුරු පත් සකස් කරන ආණ්ඩුව දැන් ගමන් කරන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.Sri Lanka Latest News

බලය වෙනුවෙන් ජනතාවගේ භාෂණයේ නිදහස නැති කරන්න මාධ්‍ය නිදහස නැති කරන්න කටයුතු කරපු ආණ්ඩුවල ආයු කාලය අඩුවී තිබෙන බවත් වර්තමාන ආණ්ඩුවටත් අවශ්‍ය වී තිබෙන්නේ ආයු කාලය අඩු කර ගන්න බවත් නලින් බණ්ඩාර මහතා හෙතෙම කීය.

එමෙන්ම චැනල් 4 නාලිකාවේ නිෂ්පාදකවරුන්ගේ ප්‍රකාශ පිළිබඳ නොව චැනල් 4 නාලිකාව නිකුත් කළ විඩියෝවෙන් හෙළි වුණ කරුණු පිළිබඳ පරීක්ෂණයක් වහාම පවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළශ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා මෙසේ පැවැසීය.

‘‘පාස්කු ප්‍රහාරයේ ඇත්ත සඟවන්න ආණ්ඩුව අසාර්ථක උත්සහයට නියැලෙමින් ඉන්නවා. ඔවුන් දන්නවා ඔවුන්ට තිබෙන මරු පහර පාස්කු ප්‍රහාරය කියන එක. චැනල් 4 නාලිකාවේ හෙළි දරව් කිරීමත් සමඟ යටපත් වී තිබුණ පාස්කු ප්‍රහාරයේ සත්‍ය නැවත මතුවෙලා තිබෙනවා. චැනල් 4 නාලිකාවේ නිෂ්පාදකවරයෙක් ජිනිවා නුවර තිබුණ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියනවා සලේ සහ සහරාන් මුණ ගැහුණ බව කියන්න චැනල් 4 නාලිකාවට සාක්ෂි නැ කියලා. ඔවුන්ට සාක්ෂි කොහොමත් නෑ. මේ කාරණය ආණ්ඩුවේ ඇතැම් පිරිස් සහ ආණ්ඩුවට සම්බන්ධ නාලිකා කර තියාගෙන යනවා.

සාක්ෂි තියෙන පුද්ගලයා තමයි අසාද් මවුලානා. අසාද් මවුලානා තමයි චැනල් 4 නිලිකාවේ දී කිව්වේ සලේ සහ සහරාන් මුණ ගැහුණා කියල. ඒ ගැන චැනල් 4 නාලිකාවේ නිෂ්පාදකවරුන්ගෙන් ඇහුවම ඒ ගැන සාක්ෂි තියෙනවද කියලා ඔවුන් එහෙම සාක්ෂියක් නැ.

අපේ රටේ නාලිකාවලට වැඩසටහන් වලට ගිහින් අපි නොයෙකුත් දේවල් හෙළි දරව් කරනවා. ඒ ගැන නාලිකාවක නිෂ්පාදකවරයෙක්ගෙන් අධ්‍යක්ෂකවරයෙක්ගෙන් ඇහුවම ඔවුන් ලග ඒ පිළිබඳ සාක්ෂි නෑ.

සලේ සහ සහරාන් මුණ ගැහුණා කියන කතාවේ සත්‍යතාව චැනල් 4 නාලිකාවේ නිෂ්පාදකවරුන්ගෙන් අහලා වැඩක් නෑ. ඒක අහන්න ඕන අසාද් මවුලානාගෙන්.

අසාද් මවුලානා ලංකාවට ගෙනල්ලා ඔහුගේ ප්‍රකාශ වල සත්‍යතාවය ගැන පරීක්ෂණ පවත්වන්න. අපි කියන්නේ නෑ අසාද් මවුලානා කියපු දේවල් ඇත්ත කියලා. අපි කියන්නේ ඒ ගැන පරීක්ෂණ පවත්වන්න කියලා.

චැනල් 4 නාලිකාවේ නිෂ්පාදකවරුන් කියපු කතා කර තියාගෙන ගිහිල්ලා පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟවන්න උත්සහ කරන්න එපා. හරින් ප්‍රනාන්දු සොනික් සොනික් ගැන කියද්දි සොනික් සොනික් කියලා කෙනෙක් නෑ කිව්වා. නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත තෙන්නකොන් කියනවා සොනික් සොනික් කියන්නේ බුද්ධි අංශ නිලාධාරියෙක් කියලා.

ඒ කාරණයෙන් පේනවා හමුදාව ඔවුන්ගේ උත්තුකරුවන් සමඟ සහරාන් සමඟ ගනුදෙනු කළා කියන කාරණය. සොනික් සොනික් කියන පුද්ගලයා පොඩි සහරාන්ට බලපෑම් කරලා තියෙනවා පාස්කු ප්‍රහාරය අයි ඒස අයි එස් කරන ලද ප්‍රහාරයක් ලෙස ප්‍රකාශ කරන්න කියලා. ඒ අනුව තමයි මැලේසියාවේ සිටින කණ්ඩායමක් පාස්කු ප්‍රහාරය කරපු කෙනා ප්‍රකාශයට පත් කළේ.

චැනල් 4 නාලිකාවේ නිෂ්පාදකවරුන් කියපු කතා ගැන නෙවෙයි චැනල් 4 නාලිකාවේ විඩියෝවෙන් හෙළි වුණ දේවල් ගැන පරීක්ෂණයක් කරන්න.
අසාද් මවුලානා වහාම ලංකාවට ගේන්න. සලේගෙන් ප්‍රශ්න කරන්න. සත්‍ය වසන් කරන අයට යන්න වෙන්නේ වල පල්ලට.

පාස්කු ප්‍රහාරයේ කදුලු ලේ මතින් බලයට ආපු පරිසක් තමයි තවම බලේ ඉන්නේ. වෙනසක් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණ එක විතරයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට සිදුවෙලා තියෙනවා තමන් සම්බන්ධ නැති පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ආරක්ෂා කරන්න.

ආණ්ඩුව පොලිස් රාජ්‍යක් නිර්මාණය කිරීම සඳහා වු මාවත හෙළි කරමින් යනවා. ප්‍රති ත්‍රස්ත පනක ක්‍රියාත්මක කරන්න කටයුතු කරගෙන යනවා. ඒ හරහා විපක්ෂය සහ ආණ්ඩුවට විරුද්ධ මත දරන අය මර්දනය කරන්න කටයුතු කරගෙන යනවා. ඊට සමගාමීව සමාජ මාධ්‍ය නියාමන පනතක් ගේනන කටයුතු කරනවා. සමාජ මාධ්‍ය නියාමන පනතක් ගේන්න ඕන ජනමාධ්‍ය අමාත්‍යාංශය. මේ පනත ගේන්න නීතිය හා සාමය අමාත්‍යාංශය හරහා. මර්දනයක් සඳහා පිඹුරු පත් සකස් කරන ආණ්ඩුව ගමන් කරන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න.

බලය වෙනුවෙන් ජනතාවගේ භාෂණයේ නිදහස නැති කරන්න මාධ්‍ය නිදහස නැති කරන්න කටයුතු කරපු ආණ්ඩු අතුරුදහන් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවටත් ඕන වෙලා තියෙන්නේ ආයු කාලය අඩු කර ගන්න. අයවැයක් එනවා ලඟදිම එ් අයවැය උණුසුම් අයවැක් වෙයි. තීරණාත්මක වෙයි. ආණ්ඩුවේ විශාල දෙදෙරීමක් තියෙනවා. ආණ්ඩුවේ කල්ලි කණ්ඩායම් ගණනාවක් තියෙනවා. ඒ කණ්ඩායම් බලාගෙන ඉන්නේ ආණ්ඩුවට විරෝධය පල කරන්න. 2024 අයවැය මේ රටේ බලය තීන්දු කරන අය වැය විවාදයක් බවට පත්වෙයි.

සමගි ජන බලවේගය සුදානම් අයවැය හරහා රජය පරාජයට පත් කරලා සැමට එක ලෙස නිතිය සාමය ක්‍රියාත්මක වන ආර්ථික ඝාතකයින්ට දඩුවම් දෙන්න පුලුවන් පාලනයක් ඇති කරන්න. ‘‘

ප්‍රශ්නය – අයි එම් එෆ් එක දෙවන වාරිය ලබාදීම කල් දමලා තිබෙනවා.

පිළිතුර – අයි එම් එෆ් සාකච්ඡා තවම ක්‍රියාත්මක වෙනවා. අපි ප්‍රර්ථනා කරනවා දෙවැනි වාරිකය ලැබෙයි කියලා. අපි කුහක දේශපාලඥයින් නෙවෙයි.
අයි එම් එෆ් වැඩසටහනට අපි විරුද්ධ නෑ. ඒ එකඟතාවලට විරුද්ධයි. අයි එම් එෆ් සමඟ රජය එකඟ වුණ කරුණු වලට අපි විරුද්ධයි. විපක්ෂ නායකවරයා පැහැදිලිව කිව්වා සමගි ජන බලවේග රජයක් යටතේ අයි එම් එෆ් ගිවිසුම සංශෝධනය කරනවා කියලා.

ප්‍රශ්නය – අයි එම් එෆ් ගිවිසුම සංශෝධනය කරන්න පුලුවන්ද

පිළිතුර – පුලුවන් , රජයක් විදිහට ඒ ශක්තිය තියෙන්න ඕන. ණය දෙන රටවල් සමඟ සාකච්ඡා කරලා ඒ සංශෝධන සිදුකර ගන්න පුලුවන්. එ හැකියාව අපට තියෙනවා.

SendShareShare
Previous Post

චීන නැව ගැන අලි සබ්‍රි කියපු අලි බොරුව පත්තු වෙයි! සබ්‍රි ඉන්දියාවේදී ‘නෑ’ කියනවා! රනිල් අමෙරිකාවේදී ‘ඔව්’ කියනවා! මොකද්ද මේ විහිළුව! VIDEO I Sri Lanka Latest News

Next Post

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා වසාදැමීමේ තීරණයක්! Sri Lanka Latest News

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.