• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 3දි තනියම ඊමේල් එකක් හැදුවා! ඉස්කෝලෙදි දෙපාරක් ඩබල් ප්‍රමෝෂන් ගත්තා! අවුරුදු 8දි O/L කළා! අවුරුදු 9දි වෙබ් එකක් හැදුවා! අවුරුදු 11දි BSc උපාධිය ගත්තා! අවුරුදු 14දි ප්ලේන් එකක් පැද්දා! අවුරුදු 15දි පශ්චාත් උපාධිය ගත්තා! අවුරුදු 21දි ආචාර්ය උපාධිය ගත් ලොව ළාබාලම කෙනා වුණා! මේ පුදුම කෙල්ල වෙන කවුරුවත් නෙමෙයි අපේ ලංකාවේ වශින්‍යා! I Sri Lanka Latest News

October 3, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
අවුරුදු 3දි තනියම ඊමේල් එකක් හැදුවා! ඉස්කෝලෙදි දෙපාරක් ඩබල් ප්‍රමෝෂන් ගත්තා! අවුරුදු 8දි O/L කළා! අවුරුදු 9දි වෙබ් එකක් හැදුවා! අවුරුදු 11දි BSc උපාධිය ගත්තා! අවුරුදු 14දි ප්ලේන් එකක් පැද්දා! අවුරුදු 15දි පශ්චාත් උපාධිය ගත්තා! අවුරුදු 21දි ආචාර්ය උපාධිය ගත් ලොව ළාබාලම කෙනා වුණා! මේ පුදුම කෙල්ල වෙන කවුරුවත් නෙමෙයි අපේ ලංකාවේ වශින්‍යා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කටේ කිරි සුවඳ යන්නටත් මත්තෙන් ලොකු ලොකු වැඩ කරන්නට උපන් හපනියක් ගැන අපිට අසන්නට ලැබුණේ නුවර පළාතෙන්. බෝනික්කෝ සමඟින් නැළැවෙන කාලයක ඇය සැනසුනේ හරි අපූරු අන්දමටයි. ඒ පරිගණකයත් සමඟයි. මුලින්ම ඇය, තනිව විද්‍යුත් ලිපිනයක් නිර්මාණය කළා. ඒ වන විට ඇය තුන් හැවිරිදි වියේ පසුවූවා. මේ අරුම පුදුම දැරිය වශින්‍යා ප්‍රේමානන්ද් නම් ‍වුණා.Sri Lanka Latest News

මේ කතාව කියන්නේ ඇය ගැනයි.

මීට දස වසරකට පෙර ද ඇය ගැන කතා අපට අසන්නට ලැබුණා. ඒ වනවිට ඇය  11 වැනි වියේ පසුවූවා. එදා ඇය ගැන කතා කළේ තොරතුරු තාක්ෂණය පිළිබඳ බී.එස්.සී උපාධිය එම වයසේ දී සමත් වූ ලොව ප්‍රථමයා වීම නිසායි.

දැන් නැවතත් ඇය ගැන කතා කරන්නට සිදුවුණා. ඒ, 21 වැනි වියේ දී ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීම හේතුවෙන්.

එම හපන්කම අඩුම වයසින් කළ දෙස් විදෙස් ශිෂ්‍ය නාම ලේඛනයේ දැන් ඉහළින්ම ලියැවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වශින්‍යා ප්‍රේමානන්ද් (Vashinyaa Premanand) ගේ නමයි.

සිය අධ්‍යාපන ගමන් මගේ විවිධ වූ කඩඉම් සම්මත වයස් සීමාවට පෙර පසු කිරීමේ අරුම පුදුම ඡන්ම හැකියාවක් ඇය සතුව තිබෙනවා. ඒ ඇගේ මන් මග නම් විශ්මිතයි.

ඇය තනිව විද්‍යුත් ලිපිනයක් නිර්මාණය කළේ තුන් හැවිරිදි වියේදී යි. අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට 2010 වසරේ දී පෙනී සිටින විට ඇයට යන්තම්  අවුරුදු 08 සම්පූර්ණකර සිටියා. එදා ඇය සමත් වූයේ A සමාර්ථයක් ලබා ගනිමිනි. තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහතික ලත් උපාධිය (BCS IT Degree) සඳහා මූලික ඉගැනුම් කටයුතු අවුරුදු 08 දී ආරම්භ කළ ඇය වසර තුනක දී එය සම්පූර්ණ කළේ ඇගේ වයසේ දරුවන් පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වෙත්දීයි.

ඉන් නොනැවතුණු ඇය  එක්සත් රාජධානියේ වෙස්ට් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (Master Of Business Administration) අවුරුදු 17 දී  ලබා ගත්තා.

ඒ එම උපාධියට 20 වැනි වියේ දී හිමිකම් කියමින් අඩුම වයසින් උපාධිය සම්පූර්ණ කිරීමේ ගෞවරය දිනා සිටි  ඇමරිකා එක්සත් ජනපදයේ  Harrison Show දෙවැනි තැනට තල්ලු කරමිනි.

වශින්‍යා ගේ පියා එම්.ප්‍රේමානන්ද් නඩරාජා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. මව ලක්ෂි ප්‍රේමානන්ද් ශක්තිවේල්ය. ඔවුන් දෙදෙනාම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් (MBA) උපාධිධාරීන් ය. ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට වශින්‍යා එක්වූයේ 2002 මැයි 13 වැනිදා යි.

ඇය පවුලේ එකම දරුවා යි. මේ නිසාම වශින්‍යා කුඩා කළ සිටම ඔවුන් රැක බලා ගත්තේ මලක් හා සමානව යැයි කිවහොත් එය නිවැරදියි. පරිගණක උපදේශිකාවක ලෙස ජත්‍යන්තර පාසලක සේවය කළ වශින්‍යා ගේ මව රැකියාවට සමුදී නිවසේ නතර වූයේ ද ඒ නිසාය.

මව පරිගණක උපදේශිකාවක වූ නිසා වශින්‍යාට ද කුඩා කළ සිටම පරිගණකය සමීප වුණා. සෙල්ලම් කිරීමට පියා රැගෙන ආ බෝනික්කන් පසෙකට දමා ඇය වැඩිපුර කාලය ගත කළේ පරිගණකය සමඟයි. කියා දෙන ඕනෑම දෙයක් ක්ෂණයෙන් තේරුම් ගැනීමේ හැකියාවක් දියණියට ඇති බව තේරුම් ගත් ලක්ෂි පරිගණකය වෙතින් දියණිය ඈත් නොකර එහි ක්‍රියාකාරකම් කරන්නට ඇයට ඉඩ දුන්නා.

අවුරුදු තුනක් තරම් වූ කුඩා වයසේ දී වශින්‍යා තනිවම විද්‍යුත් ලිපිනයක් නිර්මාණය කරන්නේ මෙම පසුබිම තුළයි. වශින්‍යා තනිව වෙබ් අඩවියක් නිර්මාණය කළේ අවුරුදු 09 සම්පූර්ණ වීමටත් පෙරයි. එම ක්‍රියාකාරමෙන් ඇයට ලොව ප්‍රථමයා නොවී දෙවැන්නා වන්නට සිදුවූයේ ඉන්දියානු දරුවෙකු 08 හැවිරිදි වියේ දී එම දස්කම සිදුකර තිබීම හේතුවෙන්.

අවුරුදු 10 සම්පූර්ණ වීමට පෙර වශින්‍යා ඊ කොමර්ස් හා වෙබ් ඉංජිනේරු ඩිප්ලෝමාව ද අන්තර් ජාතික පරිගණක බලපත්‍රය ද (Inteational Computer Driving License) ලබා ගත්තා.

ව්‍යාපාරිකයෙකු වූ පියා කර්යබහුල බැවින් වශින්‍යා පසුපස සෙවනැල්ලක් මෙන් සිටිමින් අධ්‍යාපනයේ කඩඉම් පසු කරන්නට ඇයට යෝධ ශක්තියක් වූයේ මව යි. දියණියගේ ජයග්‍රහණවල ආරම්භය පිළිබඳව ලක්ෂි ප්‍රේමානන්ද් ශක්තිවේල්  මෙසේ විස්තර කළාය.

“අවුරුදු තුන සම්පූර්ණ වෙත් දී අපි වශින්‍යාව කුරුණෑගල ජාත්‍යන්තර පාසලකට ඇතුළු කළා. අවුරුදු දෙකක් පෙර පාසල් අධ්‍යාපනය ලබාදීම තමයි අපේ අරමුණ වුණේ. එහෙත් අවුරුද්දක දී මෙයා අවුරුදු දෙකේම වැඩ ඉවර කළා. අනෙක් දරුවන්ට වඩා කලින් මෙයාට යමක් අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා නේද  කියලා අපිට මුලින්ම තේරුණේ මේ  කාලයේදී යි. අවුරුදු පහේ දී අපි දුවව මහනුවර පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලට ඇතුළු කළා. පළමු පන්තියේ වැඩ මාස දෙක තුනකින් මෙයා අල්ල ගත්තා. පළමු පන්තියේ අධ්‍යාපනය ලබද්දී දෙවැනි පන්තියේ ළමයින්ගේ වැඩත් කරන්න තරම් දැනුමක් වශින්‍යාට තිබුණා. මේ නිසා එයාව දෙකේ පන්තියට නොදමා ඩබල් ප්‍රමෝෂන් දීලා තුනේ පන්තියට දාන්න ගුරුවරු තීරණය කළා.

හතරේ පන්තියේ දී ආයෙත් ඩබල් ප්‍රමෝෂන් එකක් ලැබිලා හයේ පන්තියට ගියා. දෙපාරක්ම ඩබල් ප්‍රමෝෂන්  ලැබුණු නිසා අවුරුදු 13 දී වශින්‍යාට සාමාන්‍ය පෙළ විභාගය කරන්න පුළුවන් වුණා. එහි දී විෂයන් නවයටම A සමාර්ථ ගත්තා. අනතුරුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට සූදානම් වන අතර තුර අවුුරුදු 15 දී එක්සත් රාජධානියේ වෙස්ට් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (Master Of Business Administration) සඳහා අධ්‍යාපන කටයුතු ආරම්භ කළා.  

වයස කිසි විටෙකත් විශිෂ්ටත්වයට බාධාවක් නොවේ (Age is never barrier to excellence) යන්න සනාථ කිරීමට වශින්‍යා හොඳම උදාහරණය යි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (Master Of Business Administration) අවුරුදු 17 දී සම්පූර්ණ කළ ඇය පසුව මැලේසියාවේ ලින්කන් විශ්විවිද්‍යාලයට සම්බන්ධ වී ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා වන අධ්‍යයන කටයුතු ආරම්භ කළා.

ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධිය (DBA)අවුරුදු 21 දී ඇය හිමිකර ගත්තේ අඩුම වයසින් එම උපාධිය සම්පූර්ණ කළ ලොව ප්‍රථමයා බවට පත්වෙමින්. ඇයට ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය එච්.ඩී කරුණාරත්න ගේ සහ මැලේසියාවේ ලින්කන් විශ්වවිද්‍යාලයේ මෙරට අධ්‍යක්ෂ රොෂාන් ඩී ලීමා ( Roshan De Lima) ප්‍රධානත්වයෙන්. එහි දී අඩුම වයසින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගැනීම වෙනුවෙන් විශේෂ ඇගයීම් සම්මානයක් වශින්‍යාට පිරිනැමීමට ද සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබිණි. මේ වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මෙන්ම   First Friends University සහ Imperial college හි බාහිර කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.

ඉගැනීමට වැඩි අවධානයක් යොමු කරන බොහෝ දරුවන් විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ඈත්වීම වත්මන සමාජය තුළ දක්නට ලැබෙන බරපතල ගැටලුවකි. එහෙත් වශින්‍යා ඊට හාත්පසින්ම වෙනස්ය. ඇය ඕගන් වාදනයට මෙන්ම ගිටාර් වාදනයට ඉහළ දක්ෂතාවක් දක්වයි. ඒ වෙනුවෙන් ඇය ලබා ඇති  සමස්ත ලංකා ජයග්‍රහණ ඊට සාක්ෂි පරිවර්තක ලෙස කොළඹ මහාධිකරණයේ කටයුතු කළ ස්වෙන්දනී විශින්‍යා ගේ නැන්දා යි. ඇගෙන් සංඥා භාෂාව උගෙන ගැනීමට ද ඈ අමතක කළේ නැහැ. ගුවන් යානා පැදවීම සම්බන්ධ පුහුණුවකට අවුරුදු 14 දී එක්වෙමින් මැලේසියාවේ දී  ඇය අඩි 7000 ක් ඉහළින් ගුවන් යානාවක් පැදවූවාය.

වශින්‍යා ගේ සකලවිධ දක්ෂතා අගයමින් 2013 දී ඇයට මධ්‍යම පළාත් සභාව මගින් මැදරට අභිමානි සම්මානය පිරිනැමුවා.

මව පියා හැරුණු විට වශින්‍යා ගේ ළඟම මිතුරා අර්හාන් (Arhaan)නැමැති සුනඛයා යි. වශින්‍යා අධ්‍යාපන කටයුතු නිම කරන තෙක් ඇය අසලටම වී ඉන්නට අර්හාන් කිසිවිටෙකත් අමත කර තිබුණේ නැත. අර්හාන් මීට අවුරුදු දෙකකට කලින් ප්‍රේමානන්ද් පවුලට එකතු වූයේ කලින් එම කටයුත්ත භාරව සිටි ෂූර් නම් සුනඛයා ගේ හදිසි වියෝවත් සමඟ යි.

වශින්‍යාගේ මව හා පියා ව්‍යාපාර පරිපාලනය සඳහා පශ්චාත් උපාධි සම්පූර්ණ කළේ විශින්‍යාට පසුවයි. ඔවුන් දෙදෙනාම ඒ සඳහා යොමු වූයේ දියණියට දිරියක් වීම සඳහා බව වශින්‍යාගේ පියා ප්‍රේමානන්ද් නඩරාජා පවසයි.

“මම මගේ රටට ආදරෙයි. විදේශ විශ්වවිද්‍යාලවලින් මට ආරාධනා ගොඩක් ලැබෙනවා. ඒ සියල්ල මම ප්‍රතික්ෂේප කළා. ඒ මගේ දැනුමෙන් රටට වැඩක් කරන්න ඕන කියන හැඟීම නිසයි. සැළසුමක් ඇතිව අධ්‍යාපන කටයුතු නිසි ලෙස කළොත් අපිට ශක්තිමත් ගමනක් යන්න පුළුවන්. මේ ගමනේ දී බාධක පැමිණීම සාමාන්‍ය දෙයක්. ඒ සියල්ලට මුහුණ දෙන්න පුංචි කාලේ ඉඳලම අපිට ශක්තියක් තිබිය යුතුයි. හිතුවොත් අපට කරන්න බැරි දෙයක් නැහැ. අවශ්‍යය වෙන්නේ කැපවීම පමණයි. හැම විටම ලෝකය මවිත කරන හොඳ දෙයක් කරන්න උත්සහ කරන්න. ඒක කරන්න අපට පුළුවන් කියන විශ්වාසය කොයි වෙලාවකවත් නැතිකර ගන්න එපා”. වශින්‍යා එසේ පවසන්නේ අත් නොහැර ඉලක්ක හඹා යෑම සම්බන්ධයෙන් ඇය සතු අත්දැකීම් සමඟයි.

සෑම බාධකයක්ම ඉහළට නැගීමට ඇති පියවරකි. වයසට කිසිදා අපව වැලැක්විය නොහැකිය. (Every barrier is a step to rise higher, and Age can never hold us back) යන්න ඇගේ ජීවිතයේ තේමා පාඨය යි. වශින්‍යා ලෝක වාර්තා ගණනාවක් සමඟින් එම කියමන යථාර්ථයක් බවට පත්කර තිබෙනවා.

SendShareShare
Previous Post

මහීපාල පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ අනවසරයෙන් නෝනගේ නමට ගහලා තිබ්බ හෝටලය මහීපාලම කඩා අයින් කරගනී! I Sri Lanka Latest News

Next Post

මහින්දට එළියටවත් බහින්න විදිහක් නැතිවෙයි! අද එකක් දෙනවා! අනෙක එක කොට උඩ! I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.