පළාත් පාලන ඡන්දය ලබන මාර්තු 20වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
නිදහස ජනතා සභාවේ සාමාජිකයෝ පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අද (12) පෙරවරුවේ හමුවූ අතර එම රැස්වීමේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පවසා තීබේ;
පළාත් පාලන ඡන්දය කල් දැමීමට කොමිෂන් සභාව විරුද්ධ බවද සැප්තැම්බර් මාසයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිවේදනය කිරීමේ බලය කොමිෂන් සභාවට ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
පළාත් සභා අද ක්රියාත්මක වන්නේ නිලධාරීන් යටතේ බවත් මහජන නියෝජිතයන් සිටිය යුතු තැන්වලට නිලධාරීන් යොදවා පාලනය කිරීමට කොමිෂන් සභාව එකඟ නැති බවත් ඔහු සඳහන් කළේය.
පළාත් සභා අතුරුදන් වී නැති බව පැවසූ සභාපතිවරයා එය අතුරුදන් කර ඇති බවද ප්රකාශ කළේය.