රුපියල් විසිනව කෝටි දසලක්ෂයක් වටිනා මැණික් තොගයක් නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ කාන්තාවක් අද (30) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. (Sri Lanka Latest News)
ඇය කොළඹ, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.
ඇය අද (30) අලුයම 03.13ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 274 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම කාන්තාව ඇඳ සිටි ඇදුම් අතර කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 75 ක් ( 2311.75 g ) බරැති මෙම මැණික් තොගය සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
lankadeepa










