දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ සංඛේත වැඩ වර්ජනය අවසන් කර තිබේ.
පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රීයේ අවසන් කළ බවය.









