මීගමුව දාගොන්න ගම්මානයේ නිවාස රාශියක් විනාශ කරමින් රුපියල් කෝටි 50ක පමණ අලාභයක් සිදුවීමට හේතු පාදක වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 303 ගුවන් යානාවේ යම් දෝෂයක් පිළිබඳ මගෙන් රටට සංවිධානය අද (30) මාධ්‍ය හමුවක් කැඳවමින් ජනතාව දැනුවත් කළා. (Sri Lanka Latest News)
එම සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා එහිදී අවධාරණය කළේ පසුගිය ජූලි 05 වැනිදා සිදුවූ මෙම සිද්ධියෙන් උන්හිටි තැන් අහිමි වූ ජනතාවට කඩිනමින් වන්දි ලබාදීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.










