යාපනය පේදුරුතුඩුව කාර්කෝවලම් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ ගේට්ටුව ඉදිරිපිටදී කිසියම් පිරිසක් විසින් පොලු මුගුරු වලින් පහර දීම නිසා ඔහු බරපතල තුවාල ලබා ඊයේ (03) පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ. (Sri Lanka Latest News)
මෙම විදුහලේ සිසුවෙකු ඉතා අඩුවෙන් පාසලට පැමිණීම නිසා ඔහුට අවවාද කිරීමෙන් පසුව නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙම පහර කෑමට ලක්ව ඇත.
විදුහල්පතිවරයා විසින් මේ පිළිබඳ පේදුරුතුඩුව පොලීසියට කළ පැමිණිල්ලකින් පසුව ගුරුවරයාට පහරදුන් පිරිසෙන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පේදුරුතුඩුව පොලීසිය ප්‍රකාශ කළේ ඔවුන් එම නියෝජ්‍ය විදුහල්පතිවරයාට පහර දෙන ලද්දේ ඔවුන්ගේ ඥාතියාට තරවටු කිරීම හේතුවෙන් බව පොලිසියට ප්‍රකාශ කළ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන් තුන්දෙනා පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
lankasara









