ප්රංශ ජනාධිපතිවරයෙකු ප්‍රථම වතාවට ලංකාවට පැමිණි බවට ආණ්ඩුව විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
නිදහස් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රංශ ජනාධිපතිවරයෙකු ලංකාවට පැමිණි බවත් ප්‍රංශය ලංකාවේ ආර්ථික අර්බූදය විසඳා ගැනීමට සහය දෙන බවත් ආණ්ඩුව විසින් දැවැන්ත ප්‍රචාරයක් ගෙන යනවා. මේක තවත් මායාවක්. ප්‍රංශ ජනාධිපති ලංකාවට ආවේ නෑ. ගුවන් තොටුපොලට විතරයි ආවේ. ගුවන් තොටුපොලට පමණක් එන අයට කියන්නේ අතරමැදි මගීන් නැතිනම් ට්‍රාන්සිට් පැසෙන්ජර්ස්. එහෙම එන අය ලංකාවට ආවා කියලා ගණන් ගන්නේ නෑ. ඉන්දියාවේ මාල දිවයිනේ මගීන් ලංකාවේ ගුවන් තොටුපොලට ඇවිත් එතැනින් පිටතට එන්නේ නැතිව ඔස්ට්‍රේලියාවට යන්න ගුවන් යානා ගන්නවා.
ආණ්ඩුවේ තර්කය අනුව මේ ඉන්දියානුවන් මාල දිවයින වාසින් ලංකාවට පැමිණි සංචාරකයින් ලෙසට ගණන් ගන්න ඕනි. ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන වර්ධනයක් කියලා ආණ්ඩුව කියන්නේ ලංකාව හරහා වෙනත් රටකට යන අතරමැදි මගීන් සංචාරකයින් ලෙස ගණන් ගැනීම නිසා ද කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.
ප්‍රංශ ජනාධිපති තමන්ගේ ගුවන් යානයට ඉන්ධන පුරවන තුරු අතපය හිරි යවා ගන්න පොඩ්ඩක් යානයෙන් බැස්ස වෙලාවේ හදිසි රැස්වීමක් අටවා ගෙන ඒකට ලංකාවේ ලොකු ප්‍රචාරයක් දෙනවා. රාජ්‍ය නායක පැමිණීමක් සිදුවුණා නම් ඇති කර ගත් එකඟතා මොනවා ද අත්සන් කළ ගිවිසුම් මොනවාද නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය කුමක්ද කියා රටට කියන්න කියා මම ආණ්ඩුවට අභියෝග කරනවා.










