• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තංගල්ලේදී සමන් පෙරේරා මරන්න ගහපු ගේමේ අගමුල එළියට එයි! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ කොස්ගොඩ සුජීට! සුජී ඩුබායිවල ඉන්න බූස්සේ හර්ෂට දීලා! වෙඩි තියන්න ලක්ෂ 10ක් ගෙවලා! සැලසුම තිබී ඇත්තේ උසාවිය ඉස්සරහදීම වෙඩි තියන්න! I Sri Lanka Latest News

January 25, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
රතන හිමිගේ පක්ෂ නායකයා පොලිසියෙන් අල්ලයි! ඝාතන සැකකරුවකු තියාගෙන ඉඳලා!
Share on WhatsAppShare on Facebook

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන මිනිස් ඝාතන නඩුවකට පෙනී සිටීමට යමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පස් දෙනකුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ දී ටී 56 අවිවලින් වෙඩිතබා ඝාතනයකර ඇත්තේ ඩුබායි හී රැඳී සිටින කොස්ගොඩ සුජීගේ කොන්ත්‍රාත්තුවකට අනුව ඩුබායිහිම රැඳී සිටින කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් වන බූස්සේ හර්ෂ නමැති අයගේ මෙහෙයැවීම මත බව හෙළිවී තිබේ.Sri Lanka Latest News

ඒ බව හෙළිවී ඇත්තේ මෙම ඝාතන සැළසුම මෙරට සිට මෙහෙයවූ අකුරැස්සේ පදිංචිකරුවෙක් වන සමන් කුමාර නමැති 54 හැවිරිදි සංවිධානාත්මක අපරාධකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේ හමුවේදීය. රුපියල් මිලියනයකට වැඩි මුදලක් ඔහුට මේ සඳහා ලැබී ඇති බවත් බූස්සේ හර්ෂ ඩුබායි සිට දුරකථන ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. බූස්සේ හර්ෂ නමැති අය අප්‍රසිද්ධ පාතාලයේ අපරාධකරුවෙක් බව කියැවේ.

පාතාල සහ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විමර්ශන කණ්ඩායම්වලටද ඔහුගේ නම ආගන්තුකය. මෙම පුද්ගලයා මෙරටින් පළාගොස් ඇත්තේ කොස්ගොඩ සුජීගේ ගෝලයින් ඉලක්කරගෙන කොස්ගොඩ තාරකගේ කල්ලිය විසින් ප්‍රහාර එල්ලකරන විට ජීවිතය බේරාගෙන බව සඳහන්ය. 2012 වසරේදී මත්කුඩු තොගයත් සමඟ මෙම අපරාධකරු පොලීසියට හසුවී බන්ධනාගාරගතව සිට ඇති බවත් සමන් කුමාර නැමැති අය දැන හදුනගෙන ඇත්තේ ඒ කාලයේදී බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම ඝාතනයට සම්බන්ධ සියලුම සැකකරුවන් මේවන විට හඳුනාගෙන ඇති අතර ඉතා ඉක්මණින් ඔවුන්ද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.

පාතාලයේ මිනිස් ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් නිතර නම නොකියැවෙන චරිතයක් වන ඔහු කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් බව විමර්ශන කණ්ඩායම් තොරතුරු අනාවරණය කළේය.

සමන් කුමාර සහ බූස්සේ හර්ෂ මිතුරන් බවත් එම මිතුරුදම නිසා මෙම ප්‍රහාරය මෙරට සිට මෙහෙයැවීම සමන් කුමාරට භාර දී තිබෙන බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. සමන් කුමාර නමැති පුද්ගලයා මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බවත් ඔහු රට පුරාම සිදුවූ මංකොල්ලකෑම් රැසකටම සම්බන්ධ වී ඇති අයෙක් බවත් විමර්ශනවලින් හෙළිවී තිබේ. මංකොල්ලකෑම් සම්බන්ධයෙන් කිහිප අවස්ථාවකදීම මෙම පුද්ගලයා බන්ධනාගාරගතව ඇති බවත් කොස්ගොඩ සුජීගේ පාතාල කල්ලියේ සාමාජිකයන් මෙන්ම බූස්සේ හර්ෂව ඔහු දැන හඳුනාගෙන ඇත්තේ එහි දී බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

බූස්සේ හර්ෂ ඩුබායි සිට දුරකථනයෙන් සමන් කුමාර සමඟ කථාබහ කර මෙම ප්‍රහාරයට ඔහුගේ සහයෝගය ඉල්ලා ඇති බව ද අනාවරණය වී ඇත. ඒ අනුව මෙම ප්‍රහාරයට ඔහු සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අවස්ථා කිහිපයකදීම මුදල් ලැබී ඇති බව ද පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ලද මුදල් ප්‍රමාණයක් ගැන කරුණු අනාවරණය වූවත් ඒ ගැන තවදුරටත් විමර්ශනයේ පවතින බව ද එම නිලධාරියා කීය.

මෙම ප්‍රහාරයට සිව් දෙනෙක් සම්බන්ධ වී ඇති බව ද සමන් කුමාරගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී හෙළිවී ඇත. ප්‍රහාරය සඳහා වෙඩික්කරුවන් ගමන් කළ 65-2615 අංකය දරන පැජරෝ මිට්සුබිෂි වර්ගයේ ජිප් රථය ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ පදවා ඇත්තේ ඩුබායි සිටින හර්ෂ විසින් ඒ සඳහා එවන ලද පුද්ගලයෙකි මේ පුදිගලයා අලුත්්ගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ජිප් රථය ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් භූමියේ පිහිටි පොදු රථ ගාලේ ප්‍රහාරය එල්ලකළ දින සවස සමන් කුමාර විසින් පදවාගෙන ගොස් නතරකර තබා පළාගොස් තිබේ. වාහනය නතරකර ඇත්තේ අසල පිහිටි සමූපාකාර රෝහලට රෝගියෙක් බැලීමට යන බව සඳහන් කරමිනි. 22 වෙනිදා රාත්‍රී කාලයේ සිට මෙම රථය පෙරේදා (23) රාත්‍රී කාලයේ දී පොලිසිය විසින් සොයා ගන්නා තුරුම තිබී ඇත්තේ එම රථ ගාලේය.

මෙම වාහනයේ සවිකර ඇති අංක තහඩු ව්‍යාජ බව ද අනාවරණය වී තිබේ. සැබෑ වාහනයේ අංකය සහිත වාහනයේ හිමිකරු සිටින්නේ හොරණ ප්‍රදේශයේ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එබැවින් මෙම ජිප් රථයේ චැසි අංක සහ ඇංජින් අංක ඔස්සේ සැබෑ ලියාපදිංචි අංකය මෙන්ම හිමිකරු හඳුනා ගැනීමට ඊයේ වන විට විමර්ශන ආරම්භකර තිබුණි.

සමන් කුමාරගෙන් මේ ගැන කළ ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ ජිප් රථය 21 වැනිදා රාත්‍රී කාලයේ දී තමාට පුද්ගලයෙක් විසින් රැගෙන විත් ලබාදුන් බවය. එම රථය යම් ස්ථානයකට ගොස් තමා භාරගත් බව ද ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා තිබේ. ජිප් රථය සමන් කුමාරට ලැබීමට සලස්වා ඇත්තේද ඩුබායි සිට ඔහු සමඟ දුරකථනයෙන් කථාබහ කරමින් මෙම ප්‍රහාරය මෙහෙයැවූ බූස්සේ හර්ෂ බවට කියැවේ.

ජිප් රථය 21 වෙනිදා රාත්‍රී කාලයේ සිට 22 වෙනිදා ප්‍රහාරයට රැගෙන යන අවස්ථාව දක්වා තිබී ඇත්තේ සමන් කුමාර පදිංචිව සිටි අකුරැස්සේ බංගම නිවස පිහිටි ගෙවත්තේය. එදා උදෑසන සමන් කුමාර ජිප්රථය පදවාගෙන කඹුරුපිටියට සහ අකුරැස්සට ගොස් වෙඩික්කරුවන් දෙදෙනා සහ වාහනය පැදවූ අලුත්ගම පුද්ගලයාව ජිප් රථයට නන්වාගෙන ඇති බවත් අනාවරණය වී ඇත. වෙඩි තැබූ ටී 56 අවි දෙක වෙඩික්කරුවන් දෙදෙනාට සපයා දී ඇත්තේද සමන් කුමාරගේ සම්බන්ධීකරණයෙන් බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් පැවැත්වෙන බැවින් තොරුතුරු අනාවරණය කිරීමට නොහැකි බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඝාතන ඉලක්කය වූ සමන් පෙරේරා ඇතුළු පිරිස ඩිපෙන්ඩර් රථයෙන් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ බෙලිඅත්ත අන්තර් හුවමාරුවෙන් පිටතට වාහනය ධාවනය කරන විට ඒ ආසන්න ස්ථායක ස්ථානගතව සිටි සමන් කුමාර ඇතුළු පිරිස ඩිපෙන්ඩරය හඹාගොස් ඇති බව ද සඳහන්ය. සැළසුම වී තිබී ඇතැයි පැවසෙන්නේ සමන් පෙරේරා ඇතුළු පිරිස ගමන් ගන්නා ඩිෆෙන්ඩරය තංගල්ල උසාවිය අසළ නතර කරන අවස්ථාවේ ප්‍රහාරය එල්ල කිරීමටය. සමන් පෙරේරා ඇතුළු පිරිස අධිකරණයේ නඩුවකට පෙනී සිටීමට යන බැවින් නිරායුධව පැමිණෙන බව දැනගෙන කිසිදු බියකින් තොරව මෙම ප්‍රහාරය සැළසුම්කර ඇති බව පෙනී ගොස් තිබේ.

මඟ හරස්කර ප්‍රහාරය එල්ල කිරීමේ සැළසුම වෙනස් වී ඇත්තේ සමන් පෙරේරා ගමන් කළ ඩිපෙන්ඩරය අතර මඟ වෙළඳ සැලක් අසල නිතර කිරීම හේතුවෙනි. එහි දී ජිප් රථය එම ස්ථානයේ නතරකර එහි සිටි වෙඩික්කරුවන් දෙදෙනා ටී 56 අවි දෙකද රැගෙන එකවර වාහනයෙන් බිමට පැන දිගට හරහට වෙඩි තබා ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. වෙඩික්කරුවන් දෙදෙනාවද මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් හමුදාවේ සේවය කර ඇති අය බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇති බව සඳහන්ය.

සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් මෙසේ වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුවන් රැගත් ජිප් රථය බෙලිඅත්ත, හක්මන, ඔස්සේ කඹුරුපිටිය දක්වා ගමන්කර එක් වෙඩික්කරුවකුව කඹුරුපිටිය නගරයෙන් බස්සවා ඇත. එම වෙඩික්කරු වාහනයෙන් බැස ඇත්තේ ගිනි අවිය එහි තබාය. කඹුරුපිටියේ සිට මාතර බලා ධාවනය වන බස් රථයක නැ‍ඟී ගමන්කර ඇත්තේ එම පුද්ගලයාය. අනතුරුව ජිප් රථය අතුරු මාර්ග ඔස්සේ අකුරැස්ස බංගමටත් අනතුරුව යක්කලමුල්ලටත් ගමන්කර ඇත. සෙසු වෙඩික්කරුත් සමන් කුමාරගේ සහයට සිටි මෙම ප්‍රහාරයේ සිටි සිව් වැන්නාත් ජිප් රථයෙන් බැස ඇත්තේ ඒ අතර මඟදීය. අනතුරුව ජිප් රථය අකුරැස්සේ නිවසට රැගෙන ගොස් එය සෝදා පිරිසිදුකර ඇත්තේ ඇඟිලි සලකුණු ඇතුළු සාක්ෂි මැකී යන ලෙසිනි. ජිප් රථය සෝදා පිරිසිදු කළ ස්ථානයේ තිබී වීදුරු කැබලි කිහිපයක්ද පොලිස් විමර්ශනයේ දී සොයාගෙන තිබේ. එම වීදුරු කැබලි සමන් පෙරේරා ඇතුළු පිරිසට ප්‍රහාරය එල්ලකරන විට ඔවුන් ගමන්කළ ඩිපෙන්ඩර්යේ වීදුරු බිදීමේ දී ජිප් රථයට විසිවූ ඒවා විය හැකි බවට සැකයක්ද මතුවී ඇත.

ගාල්ල හැවලොක් පෙදෛසේ පිහිටි විද්‍යාලෝක පිරිවෙන් රථ ගාලට ගොස් රථය නතරකර ඇත්තේ මෙසේ රථය සෝදා පිරිසිදු කිරීමෙන් අනතුරුවය. ඒ හර්ෂ විසින් ඩුබායි සිට ලබාදුන් උපදෙස්වලට අනුවය. ගාල්ල පොලිස් ස්ථානය පිහිටා ඇත්තේද මෙම රථගාල පේන නොපෙනෙන දුරකිනි. මෙම රථය සඟවා තැබීමට මෙම ස්ථානයම තෝරාගෙන ඇත්තේ කිසිවකුටත් සැකයක් මතු නොවන්නට විය හැකි යැයි පොලිසිය සැකකරයි. එසේ නොමැතිනම් මෙම රථය මෙතැනින් රැගෙන යාමට තවත් අයෙක් සූදානමින් සිට ඇති බවට සැකකළ හැකි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම රථය සොයා ගැනීමෙන් අනතුරුව ඇඳිලි සලකුණු අංශය, බෝම්බ නිෂ්ක්‍රීය අංශය පොලිස් නිල සුනඛ අංශය පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලැබීය. ජිප් රථය සොයා ගනු ලබන්නේ මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ මෙහෙයැවීමෙන් ක්‍රියාත්මක වූ හක්මන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි.

“පසුුගිය 22 වන දින සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් මෙම පංච පුද්ගල ඝාතනය සිදු කොට ඉතාමත් කෙටි කාලයක් තුල අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ ව⁣ගේම එම සැකකරුගෙන් ලද තොරතුරු මත ඝාතකයන් පැමිණි වාහනයද සොයා ගැනීමට හැකි වුනා. මේ සඳහා මහජනතාවගෙන් විශාල සහායක් ලැබුණා. විශේෂයෙන්ම එය අගේ කරනව. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද වැඩ පිළිවෙළ නිසා අපරාධ කරන පුද්ගලයන්ට සැඟවී ඉන්න බැහැ. අද ජනතාවගෙන්ද විශාල සහායක් ලැබෙන නිසා අපරාධකරුවන් පහසුවෙන් අල්ලා ගැනීමට හැකිවී තියනවා“ යැයි රථය සොයා ගැනීමෙන් අනතුරුව එම ස්ථානයේ දී ඊයේ පෙරවරුවේ දී ජනමාධ්‍ය ඇමතූ මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා සඳහන් කළේය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ මෙහෙයවීම මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ අධික්ෂණයෙන් හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතා ඇතුළු කණ්ඩායම් කිහිපයක්ම මෙම පංච පුද්ගල ඝාතනය පිළිබඳ වැඩි දුරටත් පරීක්ෂණ පවත්වති. -දිනමිණ

SendShareShare
Previous Post

සනත් නිශාන්තගේ දේහය බැලීමට පොහොට්ටු මන්ත්‍රීවරු රැසක් රාගම රෝහලට එති! ජිප් රථය ගැටුණු කන්ටේනරයේ රියැදුරා පොලිස් භාරයට ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

‘දරාගන්න බෑ! අපිට හිටපු ලොකු හයියක් මේ! පක්ෂයටත් රටටත් ජාතියටත් ලොකු පාඩුවක්!’ මහින්දත් සනත් නිශාන්තගේ ගෙදරට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.