පසුගිය දින කිහිපය තුල විපක්ෂ නායක කාර්යාලයේ නිල ලිපි ශීර්ෂයට සමාන ලිපි ශිර්ෂයක් සහ විපක්ෂ නායකතුමාගේ යැයි හැගවෙන අත්සනක් යොදාගනිමින් විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය නිවේදන ලෙස ප්‍රකාශන දෙකක් විවිද සමාජමාධ්‍ය වේදිකා සහ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරණය වීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයෙන් හෝ අංක 30 සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයෙන් හෝ මෙම කාර්යාල වල සේවය කරනු ලබන කිසිදු නිලධාරියෙකු විසින් ඉහත නිවේදන නිකුත් කර නොමැත.
සංවිධානාත්මක ලෙස හෝ එසේ නොවන ආකාරයෙන් රජයේ ආයතනයක නිල ලිපි ශිර්ෂ හෝ විපක්ෂ නායකතුමාගේ අත්සන හෝ නිසි අවසරයකින් තොරව යොදාගනිමින් සිදුවන මෙම ප්‍රකාශන සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන මෙන් ඉල්ලා අද (23) විපක්ෂ නායක කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.


මාධ්‍ය අංශය
විපක්ෂ නායක කාර්යාලය
පාර්ලිමේන්තුව










