පසුගිය දින 04 තුළ ප්‍රමාද වී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 4,484 ක් වසංගත රෝග විද්‍යා අංශය මඟින් අද දිනයේදී කොවිඩ් ආසාදිත ලැයිස්තුවට එක් කිරීමත් සමග ආසාදිතයන්ගේ සංඛ්‍යාව හාරලක්ෂය ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 403,285කි.
මේ අනුව රජය විසින් මෙතෙක් නිකුත් කර ඇති නිල සංඛ්‍යාලේඛනවලට මේ ආසාදිතයින් සංඛ්‍යාවත් එකතු වූ විට පසුගිය දින තුනේම මෙරට දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබිය යුතුය.
මෑත කාලීනව මෙසේ ප්‍රමාද වූ දත්ත දින කිහිපයකට පසු පද්ධතියට ඇතුළත් කෙරුණේ තුන්වැනි වරටය.










