මාලදිවයිනේ දූපතක් සෑදීම සඳහා නැගෙනහිර පළාතේ විවිධ ප්‍රදේශවල වැලි එරටට රැගෙන යන බව දෙමළ ජාතික සංධානයේ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාණක්‍ය රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී (07වැනිදා) කියා සිටියේය.
ජාවාරමට සම්බන්ධව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයකු බවත් වැලි පටවන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් රාසමානිකම් මහතා සඳහන් කළේය.
ආණ්ඩුකාරවරිය ඊට සහයෝගය දෙන බවද මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේය.
රටට ඩොලර් එන්නේ නම් එය ගැටලුවක් නැතත් එසේ රටට ඩොලර් නොයන බව තමාට දැනගන්නට ඇතැයි රාසමානික්කම් මහතා වැඩිදුරටත් සඳහන් කළ අතර, ආණ්ඩුකාරවරිය වැඩ කරන්නේ නීතියට කිසිම ගරු කිරීමක් නැතිව යැයිද කීය.
මේ ප්‍රශ්නය විසඳා දෙන්නැයි රාසමානික්කම් මන්ත්‍රීවරයා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර සිටියේය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඒ ප්‍රශ්නයට උත්තර දීමට අදාල ඇමැතිවරයාට දැනුම් දෙන බවයි.
රජය උත්තර නොදී පැන නොයන බවත් චාණක්‍ය මන්ත්‍රීවරයා ගැන කනගාටු වන බවත්, මේ මන්ත්‍රීවරයාගේ සියලුම ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ ඒවා පමණක් බවට ද ජොන්ස්ටන් ඇමතිවරයා චෝදනා කළේය.










