කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය ඊයේ (11) එහි මංගල අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය. Sri Lanka Latest News
2026 වසර සඳහා පළාත් පාලන ආයතනවල අයවැය ඉදිරිපත් කිරීම් මේ දිනවල සිදුවෙයි.
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ අයවැය ඊයේ සභාවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.
එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙද්දී විපක්ෂය නියෝජනය කරන සියලු සභිකයින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද හතරකින් අයවැය පරාජයට පත්වුණි.










