• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පතිගේ පුටුව රහස් පොලිසිය අතේ පුදුමයි ඒත් ඇත්තයි මේක දෛවයේ සරදමක්ද?

May 23, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
පොලිස්පතිගේ පුටුව රහස් පොලිසිය අතේ පුදුමයි ඒත් ඇත්තයි මේක දෛවයේ සරදමක්ද?
Share on WhatsAppShare on Facebook

ගාලු‍මුවදොර ගෝඨා ගෝ හෝම් ගම්මානයට පහරදීමට අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිසට ඉඩකඩ සලසා දීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ ඇත්තේ උභතෝකෝටික ගැටලුවකි. මෙම ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෙක් බවට පත්කරමින් විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින්නන් අතර සිටින බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ අරගල භූමියට අරලියගහ මන්දිරයෙන් පැමිණි පිරිසට ඇතුළු වීමට ඉඩ සැලසුණේ පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ මහජන ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස්ගේ නියෝග නිසා බවය. අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන පිරිසට ගාලු‍මුවදොරට කිසිසේත් ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිතුමා තමාට නියෝගයක් ලබාදුන්නද පොලිස්පති සහ මහජන ආරක්ෂක ලේකම්වරයා එම නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී ඒ අයට ගාලු‍මුවදොරට ඇතුළුවීමට ඉඩ දෙන ලෙස තමාට පැවසූ’බවද ඔහු කියයි. මේවා කියන්නේ මානව හිමිකම් කොමිසම හමුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේය. මේ කරුණු සනාථ කිරීමට දුරකතන විස්තර පවා ඔහු ඉදිරිපත් කර ඇති බවද සඳහන්ය.

දේශබන්දු යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉතාම කිට්ටුවන්තයෙකි. එසේම පොලිස්පති සහ දේශබන්දු ගහට පොත්ත වැනි බව පොලීසියේ ප්‍රසිද්ධ රහසකි. දේශබන්දු කියන්නේ කුමක්ද, පොලිස්පති දෙවරක් නොසිතා එය ඉටුකර දෙන්නේ ජනාධිපතිගෙන් ලද නියෝගයක් සේ සලකාය. සෙසු පළාත් කෙසේ වෙතත් බස්නාහිර පළාතට දේශබන්දු ඉල්ලන ඕනෑම නිලධාරියෙක් ලබාදීමට පොලිස්පතිවරයා මැළිකමක් නොදක්වා ඇත්තේ එබැවිනි. පොලිස් අධිකාරිවරයෙක් යටතේ පැවැතිය යුතු කොළඹ අපරාධ කොට්ඨාසයේ ලොකු පුටුවේ අද සහකාර පොලිස් අධිකාරිවරයෙක් සිටින්නේත් එම නිලධරියාට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටි නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලැබී විසිවී යන්නේත් ඒ නිසා බව පොලීසිය ඇතුළේ ලොකුවට කතාවන දෑය.

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව ඉහළින්ම ඉන්නේ ජනාධිපතිවරයාය. එය විධායක බලතල ඇති තනතුරකි. එසේ තිබියදී විධායකය දෙන නියෝගයකට පිටුපාමින් පොලිස්පති හෝ අමාත්‍යාංශයක ලේකම්වරයෙක් ලබාදෙන නියෝගයක් පිළිපැදීම රාජ්‍ය සේවකයෙක් ලෙස කෙතරම් නිවැරදි ක්‍රියාවක් වනු ඇතිද? එසේම එම නියෝගය අනීතික නියෝගයක් නොවන බව පැහැදිලිය. ඒ රාජ්‍ය බුද්ධි සේවය පවා අනතුරු අඟවා තිබුණු ගැටුමක් වළක්වාලීම සඳහා ජනාධිපතිවරයා විසින් ලබාදුන්නකි. සජීවීව භූමියේ සිටි දේශබන්දු තෙන්නකෝන්ට සිදුවන්නට යන විනාශය පැහැදිලිවම දැකගන්නටත් අවබෝධ කරගන්නටත් නොහැකි වූවා යැයි කියන්නට බැරිය. ඒ අන්තරේ පාර්ලිමේන්තුව ආසන්නයට එනවා යැයි කියන විටත් ජනාධිපති මැඳුරට අරගලකරුවන් එනවා යැයි කියන විටත් ඒ තැන්වල ආරක්ෂාවට කල්තියා යකඩ බම්බු පාස්සා උල් යකඩ කටු දැමූ’බැරියර් නිසාවෙනි. එවන් තත්ත්වයක් මත ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදුන් අරලියගහ මන්දිරයෙන් පැමිණි මැර කණ්ඩායම ගෝල්ෆේස් වටරවුමෙන් නතර කිරීමට දේශබන්දුට නොහැකි වුණේ පොලිස්පතිගේ සහ ලේකම්වරයාගේ උපදෙසින්ද නැතිනම් බැරියර් නොදමා ඒ අයට එන්නට ඉඩදීම නිසාදැයි පොලීසිය ඇතුළේ මෙන්ම සමාජය තුළද මේ වන විට ඇත්තේ ආන්දෝලනයකි.

මෙහිදී අප අමතක නොකළ යුතු කරුණක් තිබේ. ඒ එදා මැයි 09 වැනිදා ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීමට පිරිස් පැමිණෙන විට ගෝල්ෆේස් වටරවුම ආසන්නයේ රැඳී සිටිමින් ඒ පිරිසට අරගල භූමියට පැමිණීම වළක්වන්නට සූදානමින් සිටි තරුණයන් එම ස්ථානයෙන් ඉවත් කරන්නට මුල්වන්නේ දේශබන්දු බවය. ඒ ඔහු තරුණයන්ට පොරොන්දුවක් දෙමිනි. ඒ අරලියගහ මන්දිරයෙන් එන මැර කණ්ඩායම්වලට ගෝල්ෆේස් වෙත එන්න නොදෙන බවට සහතිකයක්ද දෙමිනි. හැබැයි ඒ මොහොතේදීත් ඔවුන් දේශබන්දුව විශ්වාස කළේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොව, ඒ වන විටත් මැර කණ්ඩායම් පහර දෙමින් ඉදිරියට එමින් සිටි නිසාය.

ගෝල්ෆේස් අරගලකරුවන්ට කළ පහරදීම පොලීසියේ ලොකු පුටු මේ වන විට හෙල්ලී යන තැනට පත්වද හමාරය. දේශබන්දු කියන කාරණා ඇත්තක් නම් පොලිස්පතිවරයාට සිදුවන්නේ හෙට අනිද්දාම ගෙදර යන්නටය. ඒ පූජිත් සහ බාලසූරිය යන පොලිස්පතිවරුන් ගිය ආකාරයටය. පොලිස්පති ගෙදර ගියොත් ඊළඟ පොලිස්පති වන්නේ බොහෝ දුරට දේශබන්දුය. ඒ සඳහා ඔහුට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇත්තේය. පොලීසියේ උඩම සිටින නිලධාරීන්ගේ සිහිනය පොලිස්පති වීමය. එම සිහිනය බාලසූරියටත් තිබ්බේය. පූජිත්ටත් තිබුණේය. චන්දනටත් තිබුණේය. දේශබන්දුටත් නැතැයි කියන්නට බැරිය. ඒ අනුව චන්දනගෙන් පස්සේ පොලිස්පති ධුරයට හිමිකම් කියන කණ්ඩායම අතර ඉදිරියෙන්ම සිටින්නේ දේශබන්දු බව නොරහසකි.

ඒ සියල්ලක්ම තීරණය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීම ගැන මේ වන විට කරනු ලබන විමර්ශන මතය. පොලිස්පති චන්දන සහ මහජන ආරක්ෂක ලේකම් ජගත් අල්විස්ගේ ප්‍රකාශ දේශබන්දුගේ අනාගතය වෙනුවෙන් කෙසේ බලපාවි දැයි පොලීසියම මේ වන සිටින්නේ තුෂ්ණිම්භූතව බලාගෙනය.

ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීමෙන් පොලීසියේ ලොකු පුටු එසේ හෙළිවන විට එම පහරදීම මුල්කරගෙන රට පුරා සිදුවූ’ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අන්ත අසරණ තත්ත්වයකට වැටුණේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ය. මැති ඇමැතිවරුන්ගේ පටන් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී දක්වා මෙන්ම ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ ආධාරකරුවන්ද ගුටි කෑවෝය. සංවිධානාත්මක පිරිස් ඔවුන්ගේ දේපොළ ගිනි තැබූහ. එදා අරලියගහ මන්දිරයට සෙනග රැගෙන පැමිණි බස් රථ ඇතුළු වාහන ගිනි තබා විනාශ කළෝය. පොලීසියේ තොරතුරුවලට අනුව එදා පහරදීම් සහ ගිනි තැබීම් ගැන ලැබී ඇති පැමිණිලි ගණන 800ට වැඩිය.

ඇතැම් බස් රථ සහ දේපොළවලට රක්ෂණ වන්දි පවා ලැබෙන්නේ නැත. ඒ නිසා අසරණ වී සිටින පිරිස අතිවිශාලය. දැන් කොයි කවුරුත් කතාකරන්නේ නම් මැති ඇමැතිවරුන්ගේ දේපොළවලට හානි වීම් ගැන පමණි. වන්දි දෙන්නට පවා කතාකරන්නේ මැති ඇමැතිවරුන්ගේ දේපොළවලට වූ’හානිවලට පමණි. තාවකාලික නිවාස ලබාදී ඇත්තේද ඒ අයට පමණි.

වාර්තා වී ඇති ආකාරයට ගිනිතැබීම් සහ දේපොළ හානියට ලක්ව ඇත්තේ මැති ඇමැතීන් 74 දෙනෙක් පමණි. ඇතැම් මැති ඇමැතීන්ගේ නමින් ඇත්තේ බිරියගේ හෝ පවුලේ වෙනත් අයගේ දේපොළය. හැබැයි ඒ කිසිවෙක් තමන් රැගෙන පැමිණි පොහොට්ටුවේ ආධාරකරුවන් ගුටිකා රෝහල්ගතව සිටින විට බලන්නවත් ගියේ නැත. ඒ ආරක්ෂක තත්ත්වය ඒ දිනවල හොඳ නැතැයි කියා සිතුවත් අත පය කඩාගෙන සිටින සිය ආධාරකරුවන්ට කන්න බොන්න ටිකක්වත් යැවූ’බවක් ඇසෙන්නේ නැත. විනාශ වී ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන්ගේ දේපොළ පමණක් නොව, නගර සභා ප්‍රාදේශීය සභා නියෝජනය කරන දේශපාලඥයන්ගේත් ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ගේත් දේපොළය. එම දේපොළ ගැන කිසිදු හඬක් නැඟෙන්නේ නැත.

සිදුවූ’විනාශයට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වන්දි අරන්දීමට මුල්වී සිටින්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගය. වන්දි ගෙවන්නේ නම් එම වන්දි ගෙවන්නේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ පොකට්ටුවෙන් නොව, රජයේ මුදල්වලිනි. මහජන නියෝජිතයන්ගේ දේපොළවලට සිදුවූ’හානිය ගැන රජයේ මුදල්වලින් වන්දි ගෙව්වාට කම් නැත. හැබැයි ඒ දේපොළ සම්බන්ධයෙන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල සඳහන් කර තිබිය යුතුය.

ඇතැම් ආණ්ඩුවේ මන්ත්‍රීවරු කියන ආකාරයට අනුව ඒ අයට අද ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණි. සියල්ල විනාශ වී ගොසිනි. හැබැයි මෙයට මාස කිහිපයකට පෙර නිවෙස්වල ගෑස් ටැංකි පුපුරා නිවෙස් පිටින් ගිනි ගෙන අළුවී ගියද ඒ මිනිසුන්ට ගෙවූ වන්දියක් නැත. අහිංසක මිසුන්ගේ නිවෙස් ගිනි ගන්නා විට උණු නොවූ’දේශපාලනඥයන්ට හඬා වැලපෙන්නට වූයේ තමන්ගේ ගේ දොර ගිනිගෙන විනාශ වීමෙන් අනතුරුවය.

එසේ ගිනිගැනීම්වලට ලක්ව සිය දේපළ අහිමි වූ’දේශපාලනඥයන් 74 දෙනා අතරින් වැඩියෙන්ම හානි සිදුවී ඇතැයි පෙනී යන්නේ ප්‍රසන්න රණතුංගටය. ඒ වන විට ඔහු පොලීසිය භාර ඇමැතිවරයාය. කලහාකාරීන් ඔහුගේ නිවෙස, කාර්යාලය, රැස්වීම් ශාලාව වගේම යතුරුපැදි 200ක් සහ වාහන 03ක් ගිනි තබා විනාශකර ඇති බව සඳහන්ය. ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාගේද නිවාස දෙකක්, වාහන දෙකක්, වගේම යතුරුපැදි 50ක් ගිනි බත්කර ඇති බව සඳහන්ය. අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරයාට සිදුවී ඇති හානිය සඳහන් වන්නේ නිවාස දෙකක්, වාහන 14ක් සහ ව්‍යාපාරික ස්ථානයක් ලෙසිනි. මෙවන් හානි ගොන්නක්ම එකී මන්ත්‍රීවරුන් 74 දෙනාටම සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින්නේ බලවත් වේදනාවකිනි. ඒ පොලීසිය බලා සිටියදීම මෙවැනි දේවල් සිදුවීම ගැනය. රට ගිනි ගැනීමෙන් පසු ජනාධිපති මන්දිරයේ පැවැති පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීම උණුසුම් වන්නේද ඒ නිසාය. ජනාධිපතිවරයාටත් පාලනය කර ගැනීමට නොහැකි වූ එම රැස්වීමට පොලිස්පතිවරයාව කැඳවන්නට සිදුවන්නේ මන්ත්‍රීවරුන්ගේ දේපොළ රැක ගැනීමට අසමත්වූයේ පොලීසිය බවට වූ චෝදනාව නැගෙන්නට වූ’බැවිනි.

එහිදී පොලිස්පතිවරයාට මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වන්නේ දැඩි වාග් ප්‍රහාර මාලාවකි. පොලිස්පතිකම දමා ගසා යන තරමට ඒවා දරුණුය. ඒ වදන් අමිහිරි වූවත් පොලිස්පතිවරයා ඒ සියල්ලක්ම ඉවසාගෙන සිටිමින් ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටින්නේ විනාඩි දෙක තුනක් තමාගේ පැත්තෙන් කරුණු දැක්වීමටය. ඔහුට බැණවැදුණු දේශපාලනඥයන්ගේ කනට පොලිස්පතිවරයා ගසන්නේ ඒත් එක්කමය. ඒ පොලිස්පතිට පොලිස්පතිගේ රාජකාරිය ඉටුකිරීමට ඉඩ නොලැබීම සහ දේශපාලනඥයන්ට ඔවුන්ගේ උවමනා එපාකම් මත ස්ථානාධිපතිවරු සහ පොලිස් අධිකාරිවරුන් පත්කිරීම් හේතුවෙන් මෙවන් තත්ත්වයක් ඇතිවන බව තමා මාස කිහිපයකට පෙර අනතුරු ඇඟවීම් කළ බව සඳහන් කරමිනි.

පොලිස්පතිවරයා එම අනතුරු ඇඟවීම කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස්ට පිටු අටක රහස් ලේඛනයක් මගිනි. පසුගිය වසරේ දෙසැම්බර් 06 වැනිදා එම ලිපිය පොලිස්පතිවරයා යොමු කරනුයේ IGP/PA/SEC/MPS/OUT/2022/2 මාගේ අංකය යටතේය. ඊට හැරෙන තැපෑලෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් පොලිස්පතිවරයාට යොමුකරනුයේ දෙසැම්බර් 13 වැනිදාය. ඒ එම ලිපියෙහි සඳහන් කරුණු කෙරෙහි වගකීම පොලිස්පතිවරයාටම පවරමිනි. ඒ ස්ථානාධිපතිවරු පත්කිරීමට නිර්දේශ ඉදිරිපත් කරනුයේ පොලිස් මූලස්ථානයෙන් බව දක්වමිනි.

මෙම ලිපිය ගැන පමණක් නොව, තවත් බොහෝ කරුණු එහිදී දිගහැරුණේය. පොලීසිය බලා සිටියදී සිය නිවෙසට ගිනි තැබූ’බව කියමින් හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පොලිස්පතිවරයාට එහිදී දැඩිව දෝෂාරෝපණ කරන්නට ගත්තේය. ඊට පොලිස්පතිවරයාගේ පිළිතුර වූයේ ගාල්ලේ පොලිස් ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරාව එතැනට පත්කරන්නැයි ඉල්ලන විට තමා දැඩිව ඊට විරෝධය දැක්වූ බවය. එහෙත් ඔහුවම ඉල්ලා සිටි බැවින් තමාට එම පත්කිරීම සිදුකිරීමට සිදුවූ’බවය. අත්දැකීම් අඩු නිලධාරීන් එවන් තනතුරුවලට පත්කිරීම් සහ නිවාස ගිනි තැබීම් අතර ඇති සම්බන්ධය එහිදී පොලිස්පතිවරයා පැහැදිලිකර දෙන විට එතෙක් කෑමොර දුන් මන්ත්‍රීවරුන්ගේ කටවල් වැසී ගියේ යැයි කියන්නේ ඉබේටමය.

පොලිස්පතිවරයා මේවා කීවේ කටට එන පළියට නොව, ඔහු සතුව ඒ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි පවා ඇති නිසාය. පොලිස්පතිවරයා ඉකුත් මාර්තු 25 වැනිදා ගාල්ලේ පොලිස් ප්‍රධානියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් යොමුකර ඇත්තේ IGP/PA/SEC/MPS/OUT/596/2022 මාගේ අංකය යටතේය. දකුණු පළාතේ ආර්ථිකමය හා දේශපාලනිකමය වැදගත්කම එම පළාතේ අපරාධවල හැසිරීම ගැන පැහැදිලි කිරීමක් කරන පොලිස්පතිවරයා මහජන ආරක්ෂක ලේකම්වරයාට අවධාරණය කර ඇත්තේ ගාල්ලේ පොලිස් ප්‍රධානියා ලෙස සේවය කරමින් සිටින මයුර පෙරේරා දීර්ඝ කාලයක් ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි සාමාන්‍ය පොලිස් රාජකාරිය පිළිබඳ ප්‍රමාණවත් අත්දැකීම් නොමැති නිලධාරියෙක් බව පෙන්වා දෙමිනි. එම පත්වීමද ඔහුගේ පළමු පත්වීම බව පෙන්වා දෙමින් පොලිස්පතිවරයා එහි සඳහන් කරන්නේ ගාල්ල වැනි සංකීර්ණ කොට්ඨාසයක කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත්වීම් ලැබීම හේතුවෙන්, කොට්ඨාස භාර නිලධාරියකුගෙන් ඉටුවිය යුතු රාජකාරි නිසියාකාරව ඉටු නොවන බැවින් ගාල්ල කොට්ඨාසයට පළපුරුදු දක්ෂ නිලධාරියෙක් පත්කරන ලෙස දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවා ඉල්ලා සිටින බවය. එහෙත් එම ඉල්ලීමද අද දක්වාම ඉටුවී ඇති බවක් නම් පෙනෙන්නට නැත. ඒ ඇයි දැයි දන්නේ පොලිස්පතිවරයාත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාත් පමණක් බව පොලීසියේ අය කියති.

පොලීසිය දේශපාලනීකරණයෙන් මුදාගෙන ඇති බව මෙන්ම ස්ථානාධිපතිවරු පත්කිරීම් දේශපාලන වුවමනා එපාකම් මත සිදු නොවන බවට පසුගිය කාලයේ ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් කීවත් දැන් ඒවා පුහු කතා බවට සනාථ වෙමින් ඇත්තේ ලිඛිත සාක්ෂි සමගිනි. පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීම් දේශපාලනඥයන්ගේ ලියුම් කඩදහියට පමණක් නොව, මුදලටද විකිණෙන බවට වූ’කතාබහද වරක් පාර්ලිමේන්තුවේදී කියැවිණි.

විජය රනබාහු

SendShareShare
Previous Post

INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…

Next Post

බලන්නකෝ මෙන්න මෙයා ලංකාවේ ඉන්නවද කියලා! පහුගිය දවස්වල දැක්කෙ නම් නෑ! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.