සෞඛ්‍ය වැඩවර්ජනය අද (02) දිනයේත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති පවසයි.Sri Lanka Latest News
අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී වර්ජනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවය.
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑ දෙකක් එක්වී ආරම්භ කළ වැඩ වර්ජනයෙන් ඊයේ දිනයේත් රෝහල් කටයුතු අඩපණ වී තිබුණි.









