අගමැති හරිනි අමරසූරිය ට Supreme SAT ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලබා දී තිබූ වැරදි කරුණු පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.Sri Lanka Latest News
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී අදහසක් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
” අගමැතිතුමියට ලබා දුන් තොරතුරුවල නිවැරදිතාවය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට පරීක්ෂණයක් යනවා. මොකද දැන් වෙලා තියෙන්නේ ඒගොල්ලෝ තමන් බලාපොරොත්තු වෙච්ච අලකලංචිය කරගන්න බැරිවෙලා දැන් ඒගොල්ලෝ ආරවුලකට පැටලිලා. ඒ මොකද සුප්‍රීම් සැට් එකක් ගැන කතා කරේ නිකම් නෙමෙයි ඒගොල්ලෝ .වෙන කතාවකට. සුප්‍රීම් සැට් එක වහන්න දැන් දෝශාභියෝගයකුත් ගෙනහල්ලනේ. ඒ නිසා අගමැතිතුමියට ලබා දුන් තොරතුරුවල නිර්වද්‍යතාවය පිළිබඳව අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් යනවා. මොකද අගමැතිතුමියට උත්තරයක් දෙන්න දුන්නහම ඒ උත්තරයට අදාළ සංඛ්‍යා ලේඛන තොරතුරු නිවැරදිව ලබාදීම එය නිලධාරීන්ගේ වගකීමක්.”










