ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල්දැමීම සඳහා ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.
මීට දින කිහිපයකට ඉහතදී ආණ්ඩුවේ ඉහළ පෙළ නායකයන් අතර පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත.
මේ වන විටත් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට පියවර ගෙන තිබේ.
ආණ්ඩුවේ මෙවර සැලසුම වී ඇත්තේ පාර්ලිමේන්තු යෝජනාවක් මාර්ගයෙන් මෙම මැතිවරණය තවත් වසරකින් කල්දැමීමටය.
ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ එකඟතාවද ආණ්ඩුව වෙත මේ වනවිටත් ලැබී ඇති බව දැනගන්නට තිබේ.










