• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමතක වුණු කතා… සල්ලි ගෙවා මාස 5යි, ගූ නැව නෑ, ශෂීන්ද්‍ර ඉන්නවා, මහින්දානන්ද ඉන්නවා, මිනිස්සුත් ඉන්නවා, අපිත් ඉන්නවා…

June 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අමතක වුණු කතා… සල්ලි ගෙවා මාස 5යි, ගූ නැව නෑ, ශෂීන්ද්‍ර ඉන්නවා, මහින්දානන්ද ඉන්නවා, මිනිස්සුත් ඉන්නවා, අපිත් ඉන්නවා…
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මෙරට පොදු ජනයා හාස්‍යයට ලක් කරන එක් කරුණක් වනුයේ ගැසට් පත්‍රිකා නිකුත් කිරීමය. ඔවුන් කියන්නේ ගෝඨාගේ ආණ්ඩුව ගැසට් ගැසූ තරම් ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන්වත් කැසට් ගසා නැති බවයි. මේ වූ කලී හුදු හාස්‍යය ඉක්මවා ගිය ගැඹුරු දේශපාලන අර්ථයක් සහිත විහිළුවකි. ගැසට් පත්‍රය යනු රජයේ වැදගත් නිවේදන මහජනයාට රැගෙන යන ප්‍රකාශන මාධ්‍යයය. එවන් වැදගත්කමක් සහිත ගැසට්ටුව ජනාතාව අතර විහිළුවක් බවට පත්කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවයි. යම් කිසි නිශ්චිත කරුණකට ගැසට් එකක් නිකුත් කොට දින දෙක තුනකින් එය අවලංගු කර තවත් එකක් නිකුත් කිරීම ගෝඨාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විය. සැලසුම් විරහිත බව, කරුණු අධ්‍යයනයෙන් තොරව තීරණ ගැනීම, රාජ්‍ය නිවේදනයක ඇති බරපතළ බව නොදැන කටයුතු කිරීම වැනි අටෝරාසියක් දුර්වලකම් පිරුණු ගෝඨාගේ ආණ්ඩුව ෆේල් බව ලංකාවටම උදාහරණ සහිතව කීවේ මෙකී වගකීම් විරහිත ගැසට් නිකුත් කිරීමය.

අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර ආදී කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල ගම්බද ගොවි ජනයාට ලංකා ආණ්ඩුවේ ගැසට් ගැන එතරම් නිච්චියක් නැත. එහෙම වුණත් 2021 අප්‍රේල් 21 වැනි දින රසායනික පොහොර, වල් නාශක සහ පලිබෝධ නාශක තහනම් කරමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය ඔවුන්ගේ මතකයෙන් දිවි ඇති තුරා ගිලිහෙන්නේ නැත. මුළු ජාතියේම බත්පතට වැලි දැමූ එම ගැසට්ටුව වර්තමාන ආර්ථික අර්බුදයේ මෙන්ම ආණ්ඩුවේද ඇදවැටීමේ ආරම්භය විය. අනුරුද්ධ පාදෙණිය, අතුරලියේ රතන වැනී කුප්‍රකට දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරික චරිත විසින් මුරුංගා අත්තේ කෙළවරටම නැග්ගූ ගෝඨාභය රාජාපක්ෂ ජනාධිපතිවරයා හතරගාතයෙන් බිම වටුණේත්, දුප්පතා බත් කන්නට නොව කැඳ බොන්නට අමාරුවෙන් මිලට ගන්නා සහල් කිලෝව රත්තරන් ගණනට මිල ඉහළ ගියේත් මේ පොහොර තහනම් කිරීමේ ගැසට්ටුව නිසාය. ජනාධිපතිගේ ඉලක්කය වූයේ මුළු රටම කාබනික වගාවෙන් පුරවාලීමය. වසර විසිපහක් පමණ දිගු කාලයක් ගෙන විද්‍යාත්මක ප්‍රවේශයකින් කළ යුතු රාජකාරියක් පැය 24කින් කරන්නට යාමෙන් සිදුවූ හරිය කියන්නට අප අමුතුවෙන් කාලය වැයකළ යුතු නොවේ.

මේ පෘථිවිය මත ඇති වගාබිම්වලින් පූර්ණ කාබනීකරණයට ලක්ව ඇත්තේ 1.5%ක් තරම් අඩු ප්‍රමාණයකි. එම ප්‍රමාණයෙන් 70%ක් පමණ සත්ව ආහාර ලෙස වවා ඇති තණ බිම් වෙයි. එබැවින් ජනාධිපතිවරයා සහ ඔහු වටා සිටි කේවට්ටයන් ලංකාව එක රැයින් කාබනික කෘෂිකාර්මික රටක් බවට පත් කරන්නට තීරණය කළේ මේ රටේ මිනිසුන් ගවයන් යැයි සිතමින්දැයි විටෙක සිතේ. රසායනික පොහොර සඳහා ආණ්ඩුවේ ආදේශය වූයේ කාබනික පොහොරය. දිරායන ශාක සහ සත්ව කොටස් මුල් කරගත් කාබනික පොහොරවල නයිට්‍රජන් ප්‍රතිශතය රසායනික පොහොරවලට සාපේක්ෂව අඩු අගයක් ගනී. ශාක වර්ධනයට අත්‍යාවශ්‍ය සෙසු සංඝටකද එසේමය. එබැවින් රසායනික පොහොර කිලෝවකින් ලබාගන්නා පලදාව ලබාගනු වස් කාබනික පොහොර කිලෝ දහයක් පහළොවක්වත් යෙදිය යුතු වේ. මේ නිසා ඕනෑම වගාවකට කාබනික පොහොර යොදන්නේ නම් ඒවා මහා පරිමාණයෙන් යෙදිය යුතු වේ. ඊට විශාල පොහොර ප්‍රමාණයක් සහ භූමියේ ඉඩ ප්‍රමාණයක් යෙදිය යුතු අතර එකී වැයකිරීම්වලට සාපේක්ෂව ලබෙන ප්‍රතිඵල ඉතා සීමිත වේ. ලංකාවේ මුළු අවශ්‍යතාවට ප්‍රමාණවත් පොහොර දේශීයව නිපදවා ගන්නා බව රජය කීවත් එම ඉලක්කය සපුරාගනු තබා ඊට ළංවීමටවත් අපට හැකි වූයේ නැත. එහෙයින් ඉතිරිවූ එකම විකල්පය රසායනික පොහොර ආනයනයයි. එහෙත් ලංකාවේ පැවැති නිරෝධායන නීතිරීතිවලට අනුව කාබනික පොහොර පමණක් නොව වෙනත් කාබනික ද්‍රව්‍යද ආනයනය සපුරා තහනම් වෙයි.

කාබනික පොහොර සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් SLS 1704-2021 යන ප්‍රමිති සකස් කර තිබේ. එකී ප්‍රමිතිය ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක 1988 අංක 69 දරන පොහොර නියාමන පනත, 1964 අංක 44 දරන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත, 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත, 1980 අංක 26 දරන ආහාර පනත, 1992 අංක 59 දරන සත්ව රෝග පනත, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත, නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනත (222 වැනි පරිච්ඡේදය), සහ ඒවායේ සංශෝධනවලින් පනවා ඇති සීමාකිරීම්වලට යටත් වෙයි. මෙවැනි නීති සමුදායකින් කාබනික පොහොර ආනයනයට බාධා පමුණුවා ඇත්තේ මෙරට ජෛව විවිධත්වය, පස සහ ජලයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට බව ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසන්නේය. පූර්වාරක්ෂක මූලධර්මය පදනම්ව පනවා ඇති මෙම නීතිරීති අණපනත්වල අරමුණ හානිකර ජීවීන්, දිළීර, බැක්ටීරියා වැනි දේ මෙරටට පමිණිම වළකාලීම බව ඔහු අවධාරණය කරන්නේය.

නමුත් මෙකී නීතිරීති ගැන නොතකා ආණ්ඩුව හිතුමනාපයට චීනයේ ක්ෂින්ඩාවෝ බයෝ ටෙක් ආයතනයෙන් කාබනික පොහොර තොගයක් ඇනවුම් කරන්නේය. මෙටි්‍රක් ටොන් 20,000කින් යුත් එහි පළමු තොගය රැගත් ‘හිපෝ ස්පිරිට්’ නෞකාව 2021 වසරේ ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණියේය. එහි වූ පොහොර නියැදි පරීක්ෂාවෙදී එම් පොහොරවල අර්විනියා සහ බැසිලස් යන බැක්ටීරියාවන් ඇතුළත් බව තහවුරු වන ලදී. චීන සමාගම ඊට එරෙහි විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අනුව බැක්ටීරියා සහිත බව තහවුරු වීම පොහොර මාෆියාවේ ප්‍රතිඵලයකි. මෙම බැක්ටීරියා අතරින් අර්විනියා නම් බැක්ටීරියාව මිනිසා ඇතුළු සතුන්ගේ ජීර්ණ පද්ධතියේ ඇති බැක්ටීරියාවක් වන බැවින් මෙම පොහොරවල මිනිස් අසූචි ඇති බව තහවුරු විය. ශ්‍රී ලංකාව චීන කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කරන ලද අතර චින සමාගමේ සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ අදහස වූයේ දෙවැනි නියැදි පරික්ෂාවකට යා යුතු බවයි. එහෙත් දෙවැනි පරීක්ෂාවේ වාර්තාවෙන්ද පෙර ප්‍රතිඵලයම ලබුණු බැවින් පොහොර තොගය ප්‍රතික්ෂේප විය. චීන සමාගම පරීක්ෂණ වාර්තා දෙකම ප්‍රතික්ෂේප කරමින් පොහොර තොගය බලහත්කාරයෙන් ශ්‍රී ලංකවේ ගොඩබෑමට උත්සාහ ගන්නා ලදී. මුල් අවස්ථාවේ පොහොර තොගය වෙනුවෙන් පෙනී සිටි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මේ වන විට ඉන් ඉවත්ව සිටි නමුත් කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා වු ශෂීන්ද්‍ර රාජපක්ෂ දිගින් දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ ගනිමින් සිටියේය. චීන තානාපති සමග සකච්ඡා කළ ඔහු පොහොර තොගය නියමිත ප්‍රමිතියට සකස් කරන්නේ නම් එය භාරගැනීමට කැමැත්ත පළ කළේය. ජීවානුහරණය කර බැක්ටීරියා විනාශ කිරීමට යෝජනා වූ අතර විද්වත් මතය වූයේ රත් කිරීම හෝ වෙනයම් ක්‍රමයකට ජීවානුහරණය කිරීමේදී සියලු ක්ෂුද්‍ර ජීවීන් විනාශව යන බැවින් එම පොහොර තොගය කාබනික ද්‍රව්‍යයක් නොව හුදු කසළ තොගයක් පමණක් වනු ඇති බවයි. එහෙත් චීනය අමනාප කරගැනීමට නොහැකි බව කියමින් කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා සිය ස්ථාවරයේම රැඳී සිටින ලදී. රාජපක්ෂවරයෙක් මේ ගනුදෙනුවට සම්බන්ධ බවට ඇතිවූ සැකය නිසා ජනතාව මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නට යෙදුණි. පොහොර තොගය ශ්‍රී ලංකාවට ගෙන එන විටත් ඊට අවශ්‍ය ආනයන බලපත්‍රය ලබාගෙන නොතිබුණු අතර පෙර නියැදි පරීක්ෂාවක්ද කර තිබුණේ නැත. මෙම නිසා මේ පොහොර ගනුදෙනුව සාමාන්‍ය එකක් නොව දේශපාලන බලය මුසුවුණු එකක් බව පැහැදිලි විය.

චීන පොහොර සමාගම මධ්‍යස්ථ තුන්වැනි පාර්ශ්වයකින් පොහොර නියැදි පරීක්ෂාවට යෝජනා කරන ලදී. ඒ යෝජනාවට දේශපාලන අධිකාරියේ යම් එකඟතාව පළවුවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ස්ථාවරය වී තිබුණේ, නැවට ඇතුළු වීමට හෝ පොහොර රට තුළට ගෙන ඒමට ඉඩ නොදිය යුතු බවයි. මේ වන විට ක්ෂින්ඩාවෝ සමාගම වෙනුවෙන් විවෘත කර තිබූ ණයවර ලිපියට මුදල් ගෙවීම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණය 2021 ඔක්තෝබර් 26 වැනි දින මහජන බැංකුවට වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි. මෙම තත්ත්වය නිසා කෝපයට පත් චීන තානපති කාර්යාලය එය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කරන්නට යෙදුණි. ඊට සමගාමීව චීනය මහජන බැංකුව අසාදු ලේඛනගත කරන ලදී. එය ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව මත වැටුණු කළු පැල්ලමක් වූ අතර පවතින ආර්ථික අර්බුදය සමග චීනය කළ ක්‍රියව නිසා පසුකාලීනව ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ ලෝකය සැකයෙන් බලන්නට පුරුදු විය.

මේ අතර අසූචි මිශ්‍ර පොහොර තොගය රැගත් චීන නෞකාව සිංගප්පූරුව බලා පිටත්වූ බව කියැවිණි. එහි ගොස් එරට ක්‍රියාත්මක ජාත්‍යන්තර අධිකරණයේ ශ්‍රී ලංකාවට එරෙහිව සාපරාධි විශ්වාසය කඩකිරීමේ වරදට නඩු පවරන බව චීනය ප්‍රකාශ කරන්නට යෙදුණි. එසේ වුවහොත් නෞකාව නැංගුරම්ලා තිබූ දිනකට ඇමෙරිකානු ඩොලර් 30,000 බැගින් ගෙවීමට සිදුවිය හැකි බව අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර පාර්ලිමේන්තුව හමුවේ පවසන ලදී. මේ වන විට පොහොර තොගය රැගෙන ශ්‍රී ලංකාවෙන් පිටත්වූ ‘හිපෝ ස්පිරිට්’ නෞකාව සිංගප්පූරුවේදී එහි නම ‘සෙයියෝ එක්ස්ප්ලෝර්’ ලෙස වෙනස් කරගෙන ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළත් වූ බව ෂිප් ඉන්ෆෝ නමැති ජාත්‍යන්තර නාවික දත්ත සටහන් විශ්ලේෂක ආයතනය පවසයි. එම නෞකාව 2021 ඔක්තෝබර් 24 හෝ ඊට ආසන්න දිනයක ශ්‍රීලංකාවේ ගිනිකොන දිග මුහුදු තීරයේ කුඩා රාවණ ප්‍රදීපාගාරය අවට මුහුදේ නිරීක්ෂණය විය. ඉන් පසුව එය චන්ද්‍රිකා සබැඳියාවන් අක්‍රීය කරන ලද අතර, යළි නොවැම්බර් 02 වැනි දින මාතර සහ වැලිගම අතරදී නිරීක්ෂණය විය. නෞකාව යළි කොළඹ වරාය දෙසට පැමිණෙන බව වාර්තා වීමත් සමග රට තුළ නොසන්සුන්තාවක් හටගන්නා ලදී. පොහොර මෙටි්‍රක් ටොන් 20,000ක් නිසා චීන – ශ්‍රී ලංකා සබැඳියාවන් බිඳවැටෙන්නට ආසන්න අඩියකට පත්විය. මේ වන විට අසූචි මිශ්‍ර පොහොර නෞකාව දින 60කට ආසන්න කලයක් ශ්‍රී ලංකාව අවට ගැවසෙමින් තිබූ අතර ප්‍රශ්නය හිතුවාට වඩා දුර යන බව පෙනෙන්නට තිබිණි.

අවසන වාණිජ මහාධිකරණය පනවා තිබූ මුදල් ගෙවීමේ වාරණය ඉවත් කරනා ලද අතර 2022 ජනවාරි මස 06 වැනිදා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 6.9ක මුදලක් චීන සමාගමට ගෙවන ලදී. එම මුදලට සරිලන තත්ත්වයෙන් උසස්, ආර්වීනියා නම් හානිකර බැක්ටීරියාවන්ගෙන් තොර නව පොහොර තොගයක් ගෙන ඒමට සමාගම පොරොන්දු වූ මුත් එය ඉටු නොවීය. අවසන ඩොලර් සංචිත සිඳීයාම නිසා එදිනෙදා අහාර ද්‍රව්‍ය, ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි දේ වෙනුවෙන් වැයකිරීමට ඉතිරිව තිබූ සොච්චම් ඩොලර් ප්‍රමාණයෙන් මිලියන 6.9ක් පොහොර කිලෝ ග්‍රෑම් එකක්වත් නොගෙන චීනයට ගෙවීමට අපට සිදුවිය. අපට පොහොර නොලැබුණු නමුත් මුදල් ගෙවූ නිසා පොහොර ගෙන්වූ අතරමැදියට හිමි කොමිස් මුදල නම් නිසැකවම ලැබෙන්නට ඇත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කෑම මිල ගණන් ඉහළ යාමේ පළමු ප්‍රතිපලය නිකුත් වෙයි! රටේ දරුවන්ගෙන් 17%කට මන්දපෝෂණය! 50%කට කැල්සියම් ඌණතාව!

Next Post

ලංකාවේ අගනාම දේපළ වෙළෙඳාම් සන්නාමය ලෙස Prime සමූහය පිදුම් ලබයි…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.